පළවෙනි තරගේ පරාජයත් එක්ක දඹුල්ලෙන් හූ මැද්දේ නුවර ආපු ශ්‍රී ලංකා කණ්ඩායමට අදත් වැඩි දෙයක් කරගන්න ලැබුනේ නැහැ. අදත් කාසිය වාසිය කොලිටයි ලැබුනේ. සුපුරුදු වේගවත් ආරම්භය ගත්ත දික්වැල්ල ඉක්මනට ලකුණු 31ක් අරං Out වුණා. ඒ 4 පහර 3ක් සහ දැවැන්ත 6 පහර 2ක් එල්ල කරාටත් පස්සෙයි. ගුණතිලක සහ කුසල් 19 ගානේ ගත්තා. නායකත්වය එක්ක පිටියට ආපු තරංගත් අද ලකුණු 9 කට දැවී ගියා.
අවසන් මොහොතේදී සටන්කාමී ඉනිමක් දියත් කරපු මිලින්ද සහ කපුගෙදර ලංකාව තරමක් ගෞරවාන්විත ලකුණු පුවරුවකට අරගෙන ගියා. ඔවුන් දෙදෙනා අතර ගොඩ නැගුනු සම්බන්ධතාවය ලකුණු 91ක්. වැඩිම ලකුණු ලාභියා වුනු මිලින්ද ලකුණු 58යි. කපුගෙදර ලකුණු 40 යි.
කොහොම වුණත් පන්දුවාර 50 ඉවර වෙද්දී කඩුලු 8ක් දැවී ලංකාවට ලකුණු 236ක් රැස් කරගන්න පුළුවන් වුනා. දැන් තියෙන්නේ මාලිංගගේ වාරේ. බලමු ධවාන් වයසයි කිවුව මාලිංග අද ඇත්තටම වයසද කියලා පෙන්නයි. ලංකාවේ අපි තාමත් එහෙමයි හිතන්නේ. අපි පවු නේද?