News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
24

දඹුල්ලෙදි වගේ අදත් උදවු කරන්න – උපුල් තරංග ඉල්ලයි…

736 Views


දඹුල්ලෙදි වගේ අදත් උදවු කරන්න – උපුල් තරංග ඉල්ලයි…

ලංකාව සහභාගී වෙන 800 වෙන එක්දින තරගය අද පල්ලේකැලේදී පැවැත්වෙනවා. අද අපි දිනයිද කියනවට වඩා තියෙන ප්‍රශ්නේ තමයි අදත් අපේ ප්‍රේක්ෂකයෝ හූ කියයිද කියන සැකයයි. අද පැරදුනොත් නම් ඉතින් එහෙම නොවෙයි කියන්න බැහැ. එත් ඇත්තටම ශ්‍රී ලාංකිකයෝ විදිහට අපි කරන්න ඕන මේ වෙලාවේ හූ කියන එකද?

නැහැ, මොකද හොදම ක්‍රිකට් ප්‍රේක්ෂකයෝ ඉන්න රට විදිහටයි අපිව ලෝකේ අය අපිව අදුරන්නේ. එහෙම එකේ පරාද වෙවී ඉන්න වෙලාවක හූ කියලා අපේ මුණේ අපිම දැලි ගාගන්නවා වගේ වැඩක් තමයි වෙන්නේ.

ඒ කොහොම වුණත් අද මැච් එක දිනනවා කියලයි නායක උපුල් තරංග කියන්නේ. ඊයේ තිබුන මාධ්‍ය සාකච්චාවේදී ඔහු කිවුවේ. ඒ වගේම 2019 ලෝක කුසලානයට කෙලින්ම සුදුසුකම් ලබන්න මේ තරගාවලියේ තරග දෙකක් නියත ලෙසින්ම ජයගන්න ඕන බව කණ්ඩායම හොදින්ම දන්නා නිසා නැවතත් සුපුරුදු දක්ෂතා අතරට පැමිණ දිනන්න පටන් ගන්නා බව ඔහු තව දුරටත් කිවුවා. ඒ වගේම ක්‍රීඩා ලෝලීන්ගේ සහයෝගය අද උපරිමයෙන් බලාපොරොත්තු වන බවත් කණ්ඩායමේ ක්‍රීඩකයන්ට එය හයියක් බවත් තරංග කිවුවා.

ඉතින් අපි බලමු මේ කියන විදිහට අද අපිට තරගය දිනලා ආයිත් වලෙන් ගොඩ එන්න පුළුවන් වෙයිද කියලා.


News Articles
Latest Videos
Most Popular Post