අද – 2017 අගෝස්තු මාසයේ 25 සිකුරාදා
රාහු කාලය – පෙ.ව 10.40 සිට 12.13
සුභ දිශාව – උතුර
මරු සිටින දිශාව – ගිනිකොණ
මේෂ ලග්නය

නිසි පරිදි ආහාර ගැනීම පිලිබදව ඔබ වෙනදට වඩා සැලකිලිමත් වෙන්න.ජව සම්පන්න කටයුතු ක්‍රීඩාශීලි කටයුතු වලින් බොහෝ ජයග්‍රහණ අත්පත් කර ගැනීමේ වාසනාව උදා වෙලා තියෙනවා.පපුව ආශ්‍රිත රෝගී තත්ව වලින් පුංචි පුංචි බාධාකාරී තත්ව ඇති වීමේ අවධානමක් පවතිනවා.අධ්‍යාපනය ලබන අයගේ අධ්‍යාපන කටයුතු බොහෝ පහසුවෙන් සාර්ථක කර ගත හැකි දිනයක්.ගමන් බිමන් යාමේදී ඔබගේ ආරක්ෂාව පිලිබදව සුළුවෙන් තකන්න එපා.
ජය වර්ණය – ලා රතුපැහැය ජය අංකය – 07
වෘෂභ ලග්නය

අධ්‍යාපනය ලබන දුදරුවන්ගේ එවැනි අධ්‍යාපනික කටයුතු බොහොම පහසුවෙන් සාර්ථක කර ගන්න පුළුවන්. අන්අයව විශ්වාසය තබලා ආරම්භ කරලා කරන කටයුතු වල වුනත් ජයග්‍රණය හිමි වෙනවා.මේ නිසා අද දවසේදී අඩමානයෙන් කරන කටයුතු වලින් පවා ජයග්‍රහණ හිමි වෙනවා.කොහොම උනත් වික්‍රමාන්විත ලීලාවෙන් කටයුතු කරන නිසා පෞරුෂය වර්ධනය කරගෙන බොහෝ ජයග්‍රහණ අත්පත් කර ගන්න නම් ඔබ තරමක් මහන්සි වෙලා කටයුතු කරන්න ඕන.හැබැයි මේ සෑම ක්‍රමවේදයක් සදහාම ඔබට ඔබේ ජයග්‍රහණ තහවුරු කර ගත හැකියි. පපුව ආශ්‍රිත රෝගී තත්ව වලින් සෙම් සහිත රෝගී තත්ව වලින් පුංචි පුංචි බාධා කම්කටොලු ඇති වීමේ අවධානමක් පවතිනවා.
ජය වර්ණය – ලා නිල්පැහැය ජය අංකය – 08
මිථුන ලග්නය

රැකිරක්ෂා කටයුතු වල යම් ආකාරයක බාධා තිබුනානම් අද දවසේ උසස් නිලධාරීන්ගේ සහය ඔබට හිමි වෙලා ඒ බාධක දුරු කර ගැනීමේ හැකියාව ලැබෙනවා.සෙම් සහිත රෝග වලින් පුංචි පුංචි බාධා ඇති වෙනවා.කලාකාමී කටයුතු වල නිරත වෙලා ඉන්න අයට ඉතාමත්ම යහපත්.ගෘහාශ්‍රිත කටයුතු සාර්ථක කර ගැනීමේ වැඩි ඉඩකඩක් වෙන් වෙලා පවතිනවා.අලුත් ඉදිකිරීම් කටයුත්තක් මේ දවස්වල සිදු වෙමින් පවතිනවා නම් ඉතාමත්ම අලංකෘත ආකාරයට ඒ කටයුතු කර ගන්න පුළුවන්.වචන භාවිතා කිරීමේදී තරමක් කල්පනාකාරී වීම අතිශය අත්‍යවශ්‍ය වෙනවා.සියල්ල නිසි පරිදි නිරීක්ෂණය කර ගන්න.
ජය වර්ණය – තද කහ පැහැය ජය අංකය – 09
කටක ලග්නය

තරමක කාර්යබහුල ස්වභාවයක් උදා වුනත් ඔබ උත්සහ කරනවා ඔබගේ සහෝදර ඥාතීන් අසල්වාසීන්ගේ කටයුතු වලට උදව් උපකාර කරන්න.ඒ හරහා ඔබ මානසික තෘප්තියක් ලබනවා.අවේගශීලි කටයුතු වලදි පවා ඔබ බොහොම ඉවසිලිවන්තව කටයුතු කිරීමට ජයග්‍රහණ රැසක් ඔබ සතු කර ගන්න හේතුවක් බවට පත් වෙනවා.සියුම් ආකාරයෙන් කටයුතු කරලා ක්‍රියාවට නැංවීම තමයි අද ඔබට ජයග්‍රහණය ගෙන දෙන්නෙ.ඉතින් මේ සියල්ල පිලිබදව අවධානය යොමු කරන්න.ආබාධ සහිත භික්ෂුන් වහන්සේ නමකට ඖෂධ ගිලන්පස පුජාවක් පවත්වන්න.
ජය වර්ණය – රන්වන් පැහැය ජය අංකය – 03
සිංහ ලග්නය

අද දවස පුරාම ඔබට ඉතාමත්ම යහපත් ආකාරයට පීරිස් කළමනාකරණය කිරීමේ හැකියාව පවතිනවා.වචන භාවිතා කිරීමෙන් අන් අයව දිනා ගැනීමේ ඉඩකඩ වෙන් වෙලා තියෙනවා.ඒ වගේම තමයි ඔබගේ පරිනතභාවය මුල් කරගෙන බොහෝ පීරිස් ඔබට ගෞරව කරන දවසක්.විශාල පිරිසක් ඔබේ උදව් බලාපොරොත්තුවෙන් ඔබ සොයා පැමිණේවි.ඒ අයට සිදු කරන උදව් උපකාර හේතු කරගෙන තරමක කාර්යබහුලතවයකට ඔබ ලක් වෙනවා.කොහොම උනත් අවසානයේදී ඔබට ඔබේ නිවසේ උදවියට වඩා බාහිර පුද්ගලයන්ට උපකාර කරන දවසක්. මනසට ඇති වෙන්න පුළුවන් පිඩාකාරී ස්වභාව දුරු කර ගන්න ජලජ ජිවින්ට ආහාර ලබා දෙන්න.
ජය වර්ණය – ක්‍රීම්පැහැය ජය අංකය – 04
කන්‍යා ලග්නය

බලාපොරොත්තු වන බොහෝ කටයුතු පහසුවෙන් ජයග්‍රහණය කර ගන්න පුළුවන්.තාක්ෂණික මෙවලම් ආශ්‍රිත කටයුතු වලින් අද දවසේ බොහෝ ජයග්‍රහණ අත් කර ගත හැකියි.සන්නිවේදන ක්ෂේත්‍ර පරිඝනක ආශ්‍රිත කටයුතු වගේම රථ වාහන ගෙන්වා බෙදා හැරීම වැනි කටයුතු වලිනුත් බොහෝ ජයග්‍රහණ අත් කර ගන්න පුළුවන්. වචන භාවිතා කිරීමේ කටයුතු වලින් අන් අයව වසග කර ගැනීමේ හැකියාව පවතිනවා.පියපස ඥාතීන් සමග පුංචි පුංචි අමනාපකම් ඇති වීමේ වැඩි ඉඩකඩක් පවතිනවා.ආමාශගත රෝග තත්ව වලිනුත් පුංචි පුංචි පීඩාකාරී තත්ව ඇති වේවි. අධ්‍යාපනික කටයුතු වගේම අධ්‍යාපනික ක්ෂේත්‍ර වලට සම්බන්ධ ව්‍යාපාරික කටයුතු වලිනුත් ඔබට බොහෝ ජයග්‍රහණ අත් කර ගන්න දවස පුරාම වාසනාව පවතිනවා.තරමක පිඩාකාරී ස්වභාවයක් විටින් විට මනසට ඇති කරත් ඒ සියල්ලම පරාජය කරලා ජයග්‍රහණ අත් කර ගන්න පුළුවන් ක්‍රමවේදත් නිරන්තරයෙන්ම විවෘත වෙනවා. කොහොඹ වෘක්‍ෂයකට ජලය වත් කරන්න.
ජය වර්ණය – ලා දම්පැහැය ජය අංකය – 05
තුලා ලග්නය

තීන්දු තීරණ ගැනීමේදී අද බොහොම කල්පනාකාරී විය යුතු වෙනවා.උගත් උසස් පුද්ගලයන් සමග ගැටුම්කාරී තත්ව මග හරවා ගැනීමට ඔබ වගබලා ගන්න.එහෙම නොමැති උනොත් පුංචි පුංචි ප්‍රශ්න ලොකු දුරදිග ගිහිල්ලා අවධානම් සහගත තත්ව උදා වීමේ ඉඩකඩක් පවතිනවා.ලිපිලේඛන ආශ්‍රිත කටයුතු වලින් ඉතාමත්ම යහපත් ප්‍රථිපල නෙලා ගන්න පුළුවන්.ඔබ රාජ්‍ය සේවකයෙකු හෝ අර්ධ රාජ්‍ය සේවයක කටයුතු කරනවානම් කටයුතු ඉතා පහසුවෙන් සාර්ථක කර ගත හැකියි.ව්‍යාපාරික කටයුතු කාර්මික කටයුතු ඒ වගේම තාක්ෂණය මිශ්‍ර වුණු කටයුතු වලිනුත් බොහෝ ජයග්‍රහණ ලගා කරගත හැකියි.කෙටි ගමන් බිමන් වලින් පවා ආර්ථික ශක්තිය යහපත් මට්ටමට පත් වෙනවා.
ජය වර්ණය – ලා දම් පැහැය ජය අංකය – 09
වෘශ්චික ලග්නය

පොළොව සම්බන්ධ කටයුතු වලින් වගා සම්බන්ධ කටයුතු වලින් ඒ වගේම ඉදිකිරීම් සම්බන්ධ ක්‍රියා වලිනුත් බොහෝ ලාභ ලැබීමේ ඉඩකඩක් පවතිනවා.අතගහන බොහෝ කටයුතු වල සාර්ථකත්වය උදා වෙන්නෙ වැඩිහිටියන්ගේ ආශිර්වාදය ඔබට නිරන්තරයෙන්ම ලැබෙන නිසා.සියුම් සෙම් සහිත රෝග සියල්ල පිලිබදව කලකිරෙන ස්වභාවයක් අද දවසේදී ඔබට ඇති කරනවා.කටයුතු සම්පාදනය කර ගැනීමේදී ඉවසිලිවන්තභාවය වැදගත් වේවි.කරන කටයුතු නිරන්තරයෙන්ම වෙනස් වීමකට ලක් වෙනවා.කල්පනාකාරී නොවුනොත් තරමක අපහසුතා ඇති වේවි.
ජය වර්ණය – ලා රතුපැහැය ජය අංකය – 06
ධනු ලග්නය

වැඩිහිටි ඥාතීන්ගේ උදව් උපකාර ඉතාමත්ම යහපත් ආකාරයට ලබා ගන්න පුළුවන්.තමන්ගේ නමට ඉඩමක් හරවා ගැනීමේ කටයුත්තක නිරත වෙන්න ඔබ බලාපොරොත්තු වුනානම් ඒ කටයුතු සදහා අද දවස ඉතාමත්ම යෝග්‍යයි.කොහොම උනත් දේපල සම්බන්ධ කටයුතු වල අවිනිශ්චිතතා පවතින නිසා කටයුතු සම්පාදනය කර ගැනීමේදී තරමක් කල්පනාකාරී වන්න.ඔබ නිතර කරගෙන යන වැඩ කටයුතු පවා කම්මැලි සහගත ස්වභාවයක් ගන්නවා.ඒ විතරක් නෙමෙයි මේ සෑම කටයුත්තක්ම කරදරයක් විදියට ඔබට හැගේවි.ඒ නිසාම මිත්‍රශීලි ලීලාවෙන් කටයුතු කරන්න.තමන් වටා සිටින පුද්ගලයන් සමග සිනාමුසු මුහුණෙන් ගනුදෙනු කරන්න.ජලය පානය කිරීම නොවරදවා කරන්න.කොන්ද තුනටිය මුත්‍රාශය ආශ්‍රිත රෝගී තත්ව විටින් විට ඇති විය හැකියි. ජලාශ්‍රිත පරිසර වලදී ඔබට බොහෝ ජයග්‍රහණ අත් කර ගත හැකියි.ජලාශ්‍රිත පරිසරයක වෘත්තිමය කටයුතු කරනවානම් තරමක පාඩු සිදු විය හැකියි.ජලජ ජිවින්ට ආහාර ලබා දෙන්න.
ජය වර්ණය – රන්වන් පැහැය ජය අංකය – 08
මකර ලග්නය

පවුලේ උදවිය අතර පුංචි පුංචි අසමගිතා ඇති වීමේ ඉඩකඩක් වෙන්වෙලා තිබෙනවා.ඒ වගේම කතා කරන වචන වලින් සතුරු පිරිසක් සැදීමේ ඉඩකඩක් තියෙන නිසා කල්පනාකාරී වීම වඩාත් වැදගත් වෙනවා.ඉදිකිරීම් ආශ්‍රිත කටයුතු වලින් යම් දියුණුවක් අපේක්ෂා කරන්න පුළුවන්.ඒ වගේම තමයි හවුල් ව්‍යාපාර ආදී කටයුතු වලත් යම් සහනශීලි තත්වයක් උදා වෙනවා.මුත්‍රාශය ආශ්‍රිත රෝගී තත්ව වගේම කොන්ද තුනටිය ආශ්‍රිත රෝගී තත්ව වලිනුත් තරමක් කල්පනාකාරී වීම වඩාත් වැදගත් වෙනවා.තරමක පිඩාවට පත් වුණු පවුලක පුංචි දරුවෙක්ට පොත්පත් පෑන් පැන්සල් ටිකක් පරිත්‍යාග කරන්න.
ජය වර්ණය – රන්වන් පැහැය ජය අංකය – 08
කුම්භ ලග්නය

ගුප්තමය ගති ලක්ෂණ ඉස්මතු වීමේ දවසක් විදියට අද දවස හදුන්වන්න පුළුවන්.අතහැරලා දාල තිබුන බොහෝ කටයුතු යලි ආරම්භ කරලා දැඩි කැපවීමෙන් කටයුතු කරන්න ඔබ උත්සහවන්ත වෙන්න.එවිට ඔබට පුළුවන්කමක් පවතිනවා බාධක මද්‍යයේ වුවත් ජයග්‍රහණ අත් කර ගන්න.ගුප්තමය ශක්තිය වැඩි වෙනවා .ආගමනුකුල අදහස් ඉස්මතු වෙනවා.ඒ වගේම පුජනිය කටයුතු වලට පුජනිය ගමන් බිමන් යන්න ඔබට ආරාධනා කිහිපයකුත් හිමි වෙනවා.සියුම් සතුරු කරදර තුබුනානම් ඒ සියල්ල යටපත් වෙනවා.ඔබට උදව් උපකාර කරන බොහෝ පීරිස් ඔබ වටා රොක් වෙනවා.
ජය වර්ණය – සුදු පැහැය ජය අංකය – 09
මීන

ජව සම්පන්න කටයුතු වලින් බොහෝ ජයග්‍රහණ ඔබ සතු කර ගන්න පුළුවන්.ප්‍රේමනීය සම්බන්ධතා නිසා ඔබේ ජිවිතයට අලුත් ජවයක් ශක්තියක් එකතු වෙනවා.කලාකාමී හැගීම් ඉස්මතු වෙනවා.නව ශක්තියකින් යුක්තව අලුත් කටයුතු ආරම්භ කිරීමේ හැකියාව පවතිනවා.අලුත් ආයෝජන මාර්ග වලට ඉතාමත්ම යහපත්.මානව සම්පත් කළමනාකරණ කටයුතු වල දියුණුවක් අපේක්ෂා කිරීමේ ඉඩකඩ පවතිනවා.කොහොම උනත් අද දවසේ කටයුතු කරද්දී ඉවසිලිවන්තව කටයුතු කරන්න.
ජය වර්ණය – ලා කොළපැහැය ජය අංකය – 09
ප්‍රවීණ ජෝතිශ්‍යවේදී :කැළුම් ගුණතිලක
දුරකථන අංකය:0766765353