ඉන්දියාව එක්ක තිබ්බ දෙවෙනි එක්දින තරගයෙත් අතට ගත්ත දේ කටට දාගන්න ලංකාවට බැරි වුනා. කාලෙක ඉදන් එන පරාජයන් රැල්ල නවතින පාටක් තාම පේන්න නම් නෑ. ඒ නිසාම ලංකාවේ ප්‍රේක්ෂක්යොම ලංකාවේ ක්‍රීඩකයන්ට හූ කියන තැනට ඇවිලා. ලංකාව මේ වැටිලා තියෙන වලෙන් ගොඩගන්න පුළුවන් කොහොමද කියල අපි කල්පනා කරා. එතකොටයි අපිට මතක් වුනේ සාග් ක්‍රීඩා උළලේදී ලංකාවේ ක්‍රීඩකයින්ව දිරි ගන්වපු ක්‍රීඩා අභිප්‍රේරක භාතිය අර්ථනායකව. ඉතින් අපි ඔහුව හොයාගෙන ගියා. මේ පරාජයන්ට හේතු මොනවද, ආයිත් දිනන රැල්ල පටන් ගන්නේ කොහොමද කියල අපි භාතියගෙන් ඇහුවා. ඔහු ඒ ප්‍රශ්න වලට දීපු උත්තර සහ හෙට මැච් එක දිනන්න කරන්න ඕන එකම දේ ගැන භාතිය අපිට කිව්ව කතාව මෙන්න.
https://youtu.be/bP73ZXXcyvc