News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
27

අද ඔබට වාසි පිට වාසි – සම්පූර්ණ ලග්න පලාපල මෙන්න

6534 Views


අද ඔබට වාසි පිට වාසි – සම්පූර්ණ ලග්න පලාපල මෙන්න

අද 2017අගෝස්තු මාසයේ 27ඉරිදා

රාහු කාලය ප.ව 04.48 සිට06.21

සුභ දිශාව දකුණ

මරු සිටින දිශාව උතුර

 

 

 

මේෂ ලග්නය

වෙනදට වඩා උද්යෝගයකින් ඔබ අලුත් කටයුතු කිරීමට පෙළඹෙනවා. ආගමික සිද්ධස්ථාන වල යාම හෝ එවැනි දේ අලුත්වැඩියා කිරීමට අද ඔබට හැකි වෙනවා. විශේෂයෙන් ආගමනුකුලව කටයුතු සලසා ගන්න. අලුත් අලුත් අය ගෙදරදොරට පැමිණීමක් හෝ හිතවතුන් මැද සතුටින් සිටිය හැකියි. ඒ වගේම හවස් යාමයේ විනෝදය පිණිස යම් යම් දේ ගමන් බිමන් විනෝද චාරිකාවකට ඉඩ තිබෙන දිනයක්. දරුවෙකුගේ කටයුතු සාර්ථකව නිමා කර ගැනීමට හැකියාව තියෙනවා.

ජය වර්ණය රෝසපැහැය              ජය අංකය 02

වෘෂභ ලග්නය

උනන්දුව උත්සාහය ක්‍රියාශීලි බවක් ඇති නිසාම කටයුතු සාර්ථක කර ගැනීමට හැකියාවක් තියෙනවා. පිනට දහමට සිතුවිලි උපදින අතර අලුත් අලුත් අය ගෙදරට පැමිණේවි. අලුතෙන් යමක් මිලදී ගන්න අලුත් දේවල් කරන්න සුභ දායක දිනයක්. මෙතෙක් කරගෙන ආ වැඩ කටයුතු වෙනසක් දැකීමක් හෝ අලුත් අදහස් මත හැගීම්බරව ඉදිරියට ගෙන යාමට ඉඩ තිබෙනවා. ඔබ ගමන් බිමන් යන කෙනෙක් නම් අද දිනය සෑහෙන්න දුරකට යාමක් හෝ ඇවිදීම් වන්දනා ගමන් ඇති දිනයක්. ගෙදරදොර වැඩ කටයුතු නම් සාර්ථකව නිමා කර ගන්නට ඔබට හැකියාවක් තියෙනවා. අනුන්ගේ ප්‍රශ්ණ ඔබ තුලට පටවා නොගන්නා නිසාම දවස ශක්තිමත් වේවි.

ජය වර්ණය රතුපැහැය                 ජය අංකය 06

මිථුන ලග්නය

නොයෙක් දේවල් නොයෙක් විදියට ඔබට හිතා ගැනීමට නොහැකිතාවයක් ඇති වන නිසාම ඔබට අද අනුන්ගේ විශ්මිත දේ දැක ගැනීමට හැකියාවක් තියෙනවා. ඒ වගේම ඔබ මවිතයට පත් කිරීමට නොයෙක් දේ කරන අය නිසා ඔබ ඒ තුලින් අත්දැකීම් ලබනවා. ඥාතීන් හිතවතුන් ගෙදරට පැමිණෙන අතර ඔවුන්ගේ රසවත් ආහාර පාන කෑම බීම ලැබෙන දිනයක්. ඒවගේම දවසම විනෝදයෙන් කෙළිදෙලෙන් ගත කිරීමට හැකියාවක් තියෙනවා. අලංකාරය පිණිස යම් යම් දේ මිල මුදලට ගැනීමට ගමන් බිමන් යාමටද ඉඩ තිබෙන දිනයක්. බොහෝ විට සාප්පු සවාරියක් යාමට හෝ එවැනි දේකට ඔබ පෙළඹෙනවා. ඒ වගේම ඔබට හිතවතෙකු මුණ ගැසීමට අද දිනය තුලදී ඉඩ තිබෙනවා. නමුත් ඇසුරු කරන්නන් ගෙන් ප්‍රවේසම් විය යුතුයි. මන්ද ඔබට චිත්ත පිඩා හෝ යටි කුට්ටු වැඩ කිරීමට මාන බලන කොටසක් ඇති වේවි. ඥාතීන්ගෙන් වඩාත් ප්‍රවේසම් විය යුතුයි. ඔවුන් ඔබගෙන් උදව් අරගෙන ඔබට අකටයුතුකම් කරාවි.

ජය වර්ණය තද නිල් පැහැය                     ජය අංකය 05

කටක ලග්නය

අලුත් අලුත් අය සොයා යාමක් හෝ අලුත් දේවල් කිරීමට පෙළඹෙන දිනයක්. ඥාතීන් අතර හොද හිත පැතිරේවි. නව බලාපොරොත්තු ඉෂ්ට කර ගැනීමට ඔබට හැකියාවක් තිබෙනවා. බොහෝ විට බාහිර කෙනෙකුගෙන් ලැබීම ඇති නිසා අද ඔබ ශක්තිමත්ව කටයුතු සලසා ගන්නවා. නව අදහස් ඇති වෙනවා. ඔබ ක්‍රියාත්මක වන්නේ නිතැතින්මයි. යාන වාහන මිලදී ගැනීමක් හෝ ගේදොර ඉඩකඩම් මිලදී ගැනීමකට ඔබ අත හිත යොමු කල ඒවා සාර්ථක වීම තරමක් ප්‍රමාද වේ. එබැවින් කල්පනාකාරී වන්න. දරුවන්ගේ දියුණුව ඇති සැටියෙන් ඇතිවන ගතියක් ඇති වෙනවා. බොහෝ විට සාමකාමීව කටයුතු කිරීමට හැකි වෙනවා.

ජය වර්ණය රෝස පැහැය             ජය අංකය 05

සිංහ ලග්නය

 

ඔබ බුද්ධිමත් වන බවක්ද තැනට සුදුසු නුවණද අද ඇති වෙනවා. එබැවින් අද ලැබීමට තියෙන යම් යම් දේ ලගා කර ගත හැකියි. අතමිට මුදල් ගැවසෙනවා. ලැබීම අතින් සුභදායකයි. යාන වාහන සැප සම්පත් ලැබීමට අද භාග්‍ය ලැබෙන නිසා ඔබ දුර බැහැර ගමනක් හෝ විනෝද සංචාරයක යෙදීමට ඉඩ තිබෙනවා. කරන කටයුතු සාර්ථක වන නිසා ඔබ ඔබගේ තත්වය බලය ආරක්ෂා කර ගැනීමට හැකියාව ලැබෙනවා. නව මාර්ග සංඥා එලි කර ගැනීමට හැකියාවක් තිබෙනවා. නමුත් කාර්යභාරයක් ඔබ මතට පැටවෙනවා. වැඩ කටයුතු අධික නිසාම ඔබට තමන්ගේ ආහාර වේල පවා කලට වෙලාවට ගැනීමට නොහැකි වෙනවා. සෞඛ්‍ය ගැන වැඩිපුර අවධානය යොමු කරන්න.

ජය වර්ණය රන්වන් කහපැහැය                 ජය අංකය 01

කන්‍යා ලග්නය

ඔබ නිසි කලට වෙලාවට වැඩ කිරීමට අද දින පටන් ගන්නවා. ඒ වගේම බාහිර අයගේ හිතවත්කම් ඔවුන්ගේ ලැබීම් ඇතිව දවස ගෙවනවා. නමුත් ඔබට දවස මැද හරියේදී තරමක් ගැටලුකාර තත්වයක් මතු වෙනවා. ඔබ නොසිතු කෙනෙක් නිසා ඔබට චිත්ත පිඩාවක් ඇති වෙනවා. ඔබ කතාවෙන් ක්‍රියාවෙන් තරමක් දුරට ප්‍රවේසම් විය යුතුයි. ඔබට වෙනදට වඩා අනවශ්‍ය අය ලගට පැමිණෙන නිසා ගෙදරදොර වටපිටාව ගැන අවධානය යොමු කල යුතුයි. සොරසතුරු පාඩු හානි එහෙම නැත්තම් ඔබගේ මුදල් පසුම්බිය පවා ප්‍රවේසම් කර ගත යුතුයි. සවස් යාමයේ තරමක් ඒ සියලු ගැටළු ලිහාගෙන විනෝද සවාරියක් යාමටත් හිත දෙනවා. දරුවන් වෙනුවෙන් කටයුතු සාර්ථක වේවි.

ජය වර්ණය තද නිල්පැහැය                       ජය අංකය 05

තුලා ලග්නය

ඔබට සාමකාමී වාතාවරණයක් පෙන්නුම් කරන අතර ඔබට තිබුනා වූ සතුරු කරදර ඈත් කර ගනිමින් මහත් වෙහෙසක් ගෙන ඔබගේ තත්වය ආරක්ෂා කර ගැනීමට හැකියාවක් පවතිනවා. ඒ වගේම මිල මුදල් සම්බන්ධයෙන් තරමක් ණයට ගැනීම් ඉල්ලීම් වැනි දෙයින් ප්‍රවේසම් විය යුතුයි. අස්ථානගත වීම් පාඩුහානි ඇති වෙනවා. ලියවිලි සම්බන්ධයෙන් තරමක් ගැටළුකාර බවක් උසුලන නිසා එවැනි දේ කෙරේ අත්සන් තැබීම අනුන්ගේ දේවල් වලට කතා කිරීමෙන් ඒවා නිරවුල් කිරීමට යාමෙන් ඔබට අද අකරතැබ්බයකට මුහුණ දීමට සිදු වෙනවා. කල්පනාවෙන් බුද්ධියෙන් කටයුතු කල යුතුයි.වඩාත් ඔබගේ ලගම සිටින අය ඔබට ගැටළු මතු කරාවි. එබැවින් ප්‍රවේසම් විය යුතුයි.

ජය වර්ණය කහ පැහැය                ජය අංකය 02

වෘශ්චික ලග්නය

කිසිම දෙකින් ඔබව යට කිරීමට බැරි ගතියක් ඇති වේවි. ඔබට සතුරන් පැමිණියත් ඔවුන්ව අභිබවා යන ගතියක් ඇති වෙනවා. කරන කටයුතු සාර්ථකව නිමා කර ගැනීමට උත්සහ දරන ඔබ ඔබගේ තත්වය බලය ආරක්ෂා කර ගැනීමට වැඩි කැපවීමක් දායකත්වයක් දෙනවා. පරිබාහිරව කරන කටයුතු සාර්ථක වුවත් ගෙදරදොර කටයුතු වලදී යම් යම් ප්‍රමාද දෝෂ ඇති වේවි. ඒ වගේම නව කොටසක් ගැනීමට හෝ සෑදීමට ඉඩ තිබෙනවා. ස්ථාන මාරුවකට හෝ රැකියා මාරුවකට ඉඩ තිබෙනවා. පුන්‍යකාමි සිතුවිලි ඇති නිසා එවැනි දේ ගැන වඩාත් සැලකිලිමත් වේවි.

ජය වර්ණය රතුපැහැය                 ජය අංකය 04

ධනු ලග්නය

හොද නරක දෙක හොදින් තේරුම් අරගෙන යම් ග්‍රහ රටාවක් තුලින් ඔබට ඉදිරියට යාමේ බලට ඇති වෙනවා. ඒ වගේම නව රැකියාවන් සොයන්නන්ට යහපත් වූ මාර්ග ඇතිවන අතර වඩාත්ම ඔබගේ ආධ්‍යාත්මය දියුණු කර ගැනීමට භාවනා කිරීමට සිත දෙනවා. ඒවගේම පුණ්‍යකාමී සිතුවිලි උපදින අතර උසස් අය පුජක පක්ෂයේ අය ඇසුරු කිරීමට අද පෙළඹෙනවා. වන්දනා ගමන් හෝ විදේශගත වීම් වලටද ඉඩ තිබෙන දිනයක්. ඒවා මගින් මිල මුදල් නම් වියහියදම් වීමට ඉඩ තිබෙනවා. නමුත් ඔබට හිත සැනසෙන අන්දමේ කටයුතු කිහිපයක් කර ගැනීමට හැකියි.

ජය වර්ණය රන්වන් පැහැය                      ජය අංකය 02

මකර ලග්නය

අද වෙනදට වඩා උද්යෝගයෙන් දිරිමත්ව කටයුතු කරාවි. බාහිරව කරන කටයුතු වලදී ඔබ තරමක් ප්‍රවේසම් විය යුතු අතර යාන වාහන පදවන්නන් බොහෝ විය එවැනි දේ සම්බන්ධයෙන් වැඩි සැලකිල්ලක් ගත යුතුයි. තමන් හරියට වැඩ කලත් බාහිර කටයුතු නිසා ඔබට තරමක් දුරට චිත්ත පිඩා ලැබේවි. නමුත් අතමිට මුදල් ගවසිම් ණය මුදල් සාර්තකවීම් මිල මුදල් ගනුදෙනු ලැබීම ඇතිවන නිසා ඔබට අද අලුත් අදහස් ඇතිව කටයුතු කිරීමට සිත දේවි. නව ව්‍යාපාරයක් ඇරඹීම හෝ හෝටල් ව්‍යාපාර ජලාශ්‍රිත ව්‍යාපාර වලින් සහනදායක තත්වයක්ද පොළවෙන් මතුවන වස්තූන් සොයන්නන්ට යහපත් වූ දිනයක්. ගෙදරදොර වාතාවරණය ගැන තරමක් දුරට සැලකිලිමත් විය යුතුයි.

ජය වර්ණය කොළ පැහැය                       ජය අංකය 05

කුම්භ ලග්නය

මෙතෙක් කරගෙන ආ වැඩ කටයුතුවල සාර්ථක මගක් නිමා කර ගැනීමට හැකියාව පවතින අතර උත්සව අවස්ථාවකට හෝ වන්දනා ගමනකට පිනට දායක වීමට ඉඩ තිබෙන දිනයක්. හිත එකග කරගෙන කරන කටයුතු සාර්ථක වේවි. බොහෝ විට බොහෝ දෙනා එකමුතුව කරන කටයුතු තුලින් ඔබට ඔබගේ නම ප්‍රචලිත වීම හෝ ගෞරවය වැඩෙන අන්දමේ කටයුතු කීපයක් සිදු වේවි. විශේෂයෙන් සමාජසේවා වැඩ කටයුතු වලට සාර්ථකත්වය දෙන එවැනි දෙයින් ඔබට තෘප්තිමත් විය හැකි දිනයක්.

ජය වර්ණය සුදු පැහැය                 ජය අංකය 09

මීන

කල්ගිය මංගල යෝජනා ස්ථිර වීම පෙම් සම්බන්ධතා වැඩි දියුණු වීමට ඉඩ තිබුනත් ජලාශ්‍රිතව කරන කටයුතු කරන්නන්ට තරමක් ප්‍රවේසම් විය යුතු දිනයක්. බොහෝ විට ජලය නිසා ඔබට රෝග පිඩා හෝ පාඩු හානි විය හැකියි. එවැනි දේ සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ප්‍රවේසම් වන්න. පරිබාහිර කෙනෙක්ගෙන් අතමිට මුදල් ලැබීමක් තිබෙන නිසා එවැනි දේ ගැන ඔබට සාර්ථකත්වය ලැබෙන්න පුළුවන්. ණය මුදලක් හෝ අතට ලැබේවි. බැංකු ගත කිරීමක් හෝ බැංකු ණයක් ගැනීමට සිතා සිටියේ නම් අද ඒ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට සුභදායකයි. හිතවතෙකුගෙන් ඔබට ධන ලාභ සහිතයි.

ජය වර්ණය රන්වන්පැහැය                       ජය අංකය 09

 

ප්‍රවීණ ජෝතිශ්‍යවේදී : චින්තා වික්‍රමසිංහ

දුරකථන අංකය : 0112509386


News Articles
Latest Videos
Most Popular Post