News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
28

“මේ තමයි ලංකාවේ පැරණිතම බුදු පිළිමය, මේ පිළිමය පරිස්සම් කරගත්තොත් ලංකාවේ පිරමිඩ තියෙන තැනුත් මං පෙන්නනවා” – ගයාන් සඳකැලුම් කියයි. – Siyatha 24 Exclusive

36613 Views


“මේ තමයි ලංකාවේ පැරණිතම බුදු පිළිමය, මේ පිළිමය පරිස්සම් කරගත්තොත් ලංකාවේ පිරමිඩ තියෙන තැනුත් මං පෙන්නනවා”  – ගයාන් සඳකැලුම් කියයි. – Siyatha 24 Exclusive

තව අවුරුදු 15 කින් වත් සිංගප්පුරුව වගේ වෙන්නයි දැන් අපේ රට හීන දකින්නේ. හැබැයි මීට අවුරුදු දහස් ගාණකට කලින් ලෝකේ දියුණුම රාජ්‍ය තිබුනේ ලංකාවේ කියලයි රාවණා පුත්‍ර සංවිධානයේ සභාපති ගයාන් සඳකැලුම් මහතා නම් කියන්නේ. ඔහු මේ කතා කියන්නේ කටට එනවට නෙවෙයි. සාක්ෂිත් එක්කයි. රට වටේම සංචාරය කරලා අපේ රටේ වැළලුනු ඉතිහාසය ගොඩ අරගෙන ඔබට පෙන්නන එකයි ගයාන් මහතාගේ එකම අභිප්‍රාය. ඒ ගමනේ තවත් දවසක් පහුගිය දා උදා වුණා. ගයාන් මහතා දඹුල්ලේ රිටිගල ප්‍රදේශයේ සංචාරයක නිරත වෙලයි හිටියේ.

රිටිගල, ආඬියාගල කන්ද ලෙන් විහාරය කිට්ටුව පාෂාණ කන්දක් එකවරම ඔහුගේ ඇසට හසු වුනා. වැළලී ගිය ඉතිහාසය ගොඩගන්නා මේ වෑයම තුල මේ පාෂාණය මත හැඟුණු දෙයක් ගයාන් මහතා දැක්කා.

ඔබ විශ්වාස කරනවද ඒ බුදු පිළිමයක්. මීට කලින් මේ ස්ථානයට ඔබ ගිහින් මේ කළු ගල් කුළු දිහා බලන් ඉන්නත් ඇති. ඒත් මේ නං නිකම්ම නිකන් කන්දක් නෙවෙයි, ලංකාවේ විශාලම හිඳි පිළිම වහන්සේ බවයි ගයාන් මහතා කියන්නේ. ඒ අවුරුදු ගණනාවක් තිස්සේ කරපු පර්යේෂණ වලින් උපයා ගත්තු විශ්ලේෂණාත්මක දැනුමින්.

මේ තියෙන්නේ පොත් පත් වල පවා නිකම්ම නිකං කළු ගල් කන්දක් කියලා අර්ථ දැක්වුවා. හැබැයි බුදු පිළිම වහන්සේ නමකගේ නටඹුන් සහිත කළු ගල් කන්දයි. ඔබත් හොඳට බලන්න, බුදු පිළිමයක තියෙන ප්‍රධානම ලක්ෂණ තාමත් මේ පර්වතයෙන් හොඳින්ම බලා ගන්න පුළුවන්. දැන් ඔබටත් හිතෙයි ඇත්ත නේන්නම් මේ වැඩ ඉන්නේ බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක්නේ කියලා.

 

ගයාන් සඳකැලුම් මහතා මීට පෙරත් ලංකාවේ වටිනාම ඉතිහාසගත ස්ථානයක් සොයාගත්තා. ඒ ලංකාවේ පරණම ලෙන් සිතුවම්. කරදගොල්ල, කුරුල්ලංගල ලෙනෙන් තමයි ඔහු ඒ සිතුවම් සොයා ගත්තේ. ඒ අතර ඩයිනොසිරස් රූප පවා තිබුණා කියලයි ඔහු කියන්නේ. නමුත් පුරාවිද්‍යා නිල දරුවන්ගේ නොසැලකිල්ල නිසා ඒ ලෙන් සිතුවම් විනාශ වුණා.

ඉතින් අඩුම ගානේ දැන්වත් මේ සොයා ගැනීම පිළිබඳව සොයා බලා මේ කළු ගල් පර්වතය ආරක්ෂා කරගත යුතුයි කියලයි ගයාන් සඳකැලුම් මහතා බලධාරීන්ට මතක් කරන්නේ. මොකද ගණන් හදලා බැලුවොත් මේ තියෙන්නේ ලංකාවේ පැරණිම, විශාලම හිඳි පිළිම වහන්සේ බවයි තමයි ඔහු සියත 24 වෙත අවධාරණයෙන් දැනුම් දුන්නේ.

ඒ වගේම මේ පිළිම වහන්සේ පරිස්සම් කරගත්තොත් ලංකාවේ තියෙන පිරමිඩත් රටටම පෙන්වන බව ඔහු සියත 24 වෙත කිවුවා.

රාවණා පුත්‍ර සංවිධානයේ සභාපති ගයාන් සඳකැලුම් මහතා


News Articles
Latest Videos
Most Popular Post