News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
28

ක්‍රිකට් වලින් සෙකන්ඩ් වෙද්දී, ප්‍රේක්ෂකයො ඉන්දියාවට සෙකන්ඩ් නොවුණු හැටි…

1654 Views


ක්‍රිකට් වලින් සෙකන්ඩ් වෙද්දී, ප්‍රේක්ෂකයො ඉන්දියාවට සෙකන්ඩ් නොවුණු හැටි…

ලංකා ක්‍රිකට් වල අදුරු යුගය දැන් පටන් අරගෙන. ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවට Second වෙද්දී ලංකාවේ ප්‍රේක්ෂකයෝ නම් ඉන්දියාවෙ ප්‍රේක්ෂකයන්ට Second වුනේ නෑ. ඒ බව අපි හොදටම දැක්කේ ඊයේ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පල්ලේකැලේදී පැවැත්වුන 3 වන එක්දින තරගය අතරතුර.

කාසියේ වාසිය දිනා ගත්ත කපුගෙදර මුලින්ම පන්දුවට පහරදෙන්න ගත්තා. ඊයෙත් අපේ ආරම්භය එතරම් හොද එකක් වුනේ නෑ. දික්වැල්ල ලකුණු 13 කටත් කුසල් එක ලකුණකටත් දැවී ගියා. චන්දිමාල් එක්ක එක්වුණ තිරිමාන්න ලකුණු 72 ක සබදතාවක් ගොඩනැගුවා. චන්දිමාල් ලකුණු 36 යි. කාලෙකට පස්සෙ කණ්ඩායමට ආපු තිරිමාන්න ලකුණු 80 ක් රැස්කරේ ලංකාවේ වැඩිම ලකුණු ලාභියා වෙමින්. මිලින්ද ලකුණු 29 යි. අනෙක් කිසිම ක්‍රීඩකයෙක්ට ලකුණු 20 සීමාව පසු කරන්න බැරි වුණා. බුම්රාහ් කඩුලු 5 ක් ගත්තා.

මාලිංග දැන් වයසයි කිව්ව ධවාන්ව, ඊයේ දවා ගත්තේ ලසිත් මාලිංග. කොහොමහරි ලකුණු 61 කට කඩුලු 4 ක් බිද වැටිලා ලංකාව ශක්තිමත් අවස්තාවක හිටියා. ඒ වුනත් දෝනි එක්ක එකතු වුන ෂර්මා 5 වෙනි කඩුල්ලට ලකුණු 157 ක සබදතාවක් ගොඩනැගුවෙ ඉන්දියාවට ජයග්‍රහණය අත්කර දෙමින්. රෝහිත් ෂර්මා ලකුණු 124 ක් රැස්කර ගත්තේ හතරේ පහර 16 ක් සහ හයේ පහර 2 ක් සමග. දෝනි ලකුණු 67 යි. අකිල ධනංජය කඩුලු 2 ක් දවා ගත්තා. මාලිංග සහ විශ්ව එක කඩුල්ල බැගින් ලබා ගත්තා.

ඉන්දියාව ජයග්‍රහණයට ලකුණු 8ක් ඉතිරිව තියෙද්දී සිතල පල්ලෙකැලේ උණුසුම් වුණා. ගාල්ලේදී බෝඩ් අල්ලන් ඉදලා, දඹුල්ලේදී හූ කියපු අපේ ප්‍රේක්ෂකයෝ කිසිම හිරිකිතක් නැතුව නුවරදී බෝතල් වලින් ක්‍රීඩාංගනයට දමලා ගැහුවා. ජාත්‍යන්තර විචාරකයින් පවා ඒ සිද්ධියෙන් බයවුණා. මෙච්චර කාලෙකට ලෝකේ හොදම ක්‍රිකට් ප්‍රේක්ෂකයෝ විදිහට අපිව හඳුන්වපු ඔවුන්ම ඊයේ ලංකාවේ ඉන්නේ නරක මිනිස්සු කියලා කිවුවේ ලංකාවේ ක්‍රිකට් වල අදුරුම රාත්‍රිය මේ බවට ඉතිහාසගත වෙමින්.

මේ සිද්ධිය නිසා ලංකා ක්‍රීඩකයෝ සැහෙන්න බයවුණා. එත් ඉන්දියානු ක්‍රීඩකයෝ නම් සිනහ මුසු මුහුණින් හිටියේ මේ වගේ දේවල් ඔවුන්ට පුරුදු නිසා වෙන්න ඇති. හැබැයි ඉතින් අපිට නම් හිතෙන්නේ ඊලග match එකේ අපි දිනයි. එත් අපේ නැතිවුණු නම්බුවනම් ආයිත් දිනන්න බැරිවෙයි කියලයි.

 

 

 

 

 

 

 

 


News Articles
Latest Videos
Most Popular Post