News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
29

අද ලග්න 4 කට ආදායම සරුවේ. වැඩි විස්තර මෙන්න…

2404 Views


අද ලග්න 4 කට ආදායම සරුවේ. වැඩි විස්තර මෙන්න…

අද 2017 අගෝස්තු මාසයේ 29 අඟහරුවාදා

රාහු කාලය: ප.ව 03.03 සිට 04.34

සුභ දිශාව: උතුර

මරු සිටින දිශාව: බස්නාහිර

 

 

මේෂ ලග්නය

කඩිසරකමෙන් යුක්තව ධාර්මික ලෙස නුවණින් යුතුව තම දෛනික කටයුතුවල යෙදෙමින් දියුණුව ලබන්න හැකි වෙනවා.ඉගෙනීමෙන් ක්‍රිඩා හා කලා කටයුතු වලින් සාර්ථකත්වය ලැබිය හැකියි.ගුරුවරුන්ගේ උපකාර ලැබීමට හැකි වෙනවා.ප්‍රධානත්වයක් සහිතව කටයුතු කිරීමට ලැබෙනවා.ලස්සනට ඇදීමට පැළදීමට ආස කරනවා. ආදරය කරන ඔබ අනෙකාගේ ගෞරවයට ලක් වෙනවා.අධ්‍යාපනය ක්‍රිඩා හා කලාවට අවශ්‍ය දේ අලෙවි කරන ඔබගේ ලාභය වැඩි වෙනවා.රාජ්‍ය සේවයේ උපකාර ලැබීමට හැකි වෙනවා.මවට සැප දෙන දිනයක් විය හැකියි. ගේදොර ඉඩකඩම් වල දියුණුවක් ලැබීමට හැකියි.බාධාවන් හා සතුරු පීඩාවන් හමු වේ එඩිතර වන්න බුද්ධිමත්වන්න.

ජය වර්ණය: තැඹිලි පැහැය                         ජය අංකය: 05

 

වෘෂභ ලග්නය

අවංකකමත් පුරුෂ වීර්යයත් ප්‍රධානත්වයක් ගෙන කටයුතු කිරීමේ හැකියාවත් පාලනය තුල ඔබගේ දක්ෂතාවයත් මුල්කොට ගෙන ගෙදරදොර ඉඩකඩම් වල දියුණුවක් ලැබීමටත් හිතේ තිබු බලාපොරොත්තුවක් ඉටු කර ගැනීමටත් හැකි දිනයක්.ගෞරවය ලැබීමට හැකි වෙනවා.මවගේ උදව් උපකාර ලැබීමට හැකි වෙනවා.ඥානය ඉගෙනීම කොයි කටයුත්තකින් වුවත් ධනය ලැබීමට හැකි වෙනවා.පිරිසිදු වටිනා ඇඳුම් ඇදීමට සුවද විලවුන් වලට හා ප්‍රීතියෙන් සිටීමට ආස කරනවා.ගෙදර අය වෙනුවෙන් ලෝභ නැතුව වියදම් කරනවා.පවුලේ ගෞරවය රකින දිනයක්.ඉදිකිරීම් ඉඩම් සංවර්ධනය යාන වාහන ක්ෂේත්‍ර වල සිටින අයගේ දියුණුව වැඩි වෙනවා.ස්ව උත්සාහයෙන් රැස් කර ගත් ධනයෙන් සැප විදීමට වාසනාව තියෙනවා.සහෝදරයන්ට උදව් උපකාර කිරීමට ආස කරනවා. දරුවන්ට හිතවත් වෙනවා.ඉගෙනීමට ක්‍රීඩා හා කලා කටයුතු වලට යහපත් වෙනවා.ආදරය කරන්න ආදරවන්තයට හොද දිනයක්.

ජය වර්ණය: තැඹිලි පැහැය                         ජය අංකය: 04

 

මිථුන ලග්නය

උත්සහවන්තයන් අතරේ සහෝදරයන් අතරේ අසල්වැසියන් හමුවේත් ප්‍රධානත්වයක් ලැබිය හැකි දිනයක්.ඔබේ උත්සාහයන්ට ඔබට වඩා පෝසත් සහෝදරවරුන්ගේ අසල්වාසීන්ගේ පිය පක්ෂයේ නෑයින්ගේ උපකාර ලැබීමට හැකි දිනයක්.ලියන කියන කාර්මික මුද්‍රණ විද්‍යුත් ක්ෂේත්‍ර වල සිටින ඔබගේ දියුණුව වැඩි වෙන්න තියෙන දිනයක්. ඥානය හා ඉගෙනීම යන කොයි කටයුත්තකින් වුනත් ධනය ඉපයීමට හැකි දිනයක්.ඔබ දියුණු වීමට බොහෝ ආස කරනවා.ලෝභ නැතුව වියදම් කරනවා.අන් අයගේ කතාවල අඩුපාඩුකම් පෙන්නා දෙන්න යන්න නම් එපා. කෑම රුචිය ඇති වෙන්න තියෙන දිනයක්.ගෘහ හා විවාහ ජීවිතය තුල සතුට වැඩි වෙනවා.හොද සිහිකල්පනාවෙන් වැඩ කටයුතු කර ගෙදරදොර ඉඩකඩම් වල දියුණුව ලැබීමට හැකි වෙනවා.

ජය වර්ණය: තැඹිලි පැහැය                       ජය අංකය: 03

 

කටක ලග්නය

බලය වික්‍රමාන්විත බව උත්සාහය නිසා ඔබට අද ඔබගේ සිය උත්සාහයන් සාර්ථක කර ගත හැකි වෙනවා. ලියන කියන කාර්මික මුද්‍රණ විද්‍යුත් ක්ෂේත්‍ර වල සිටින ඔබගේ දියුණුව ඇති වෙනවා.සහෝදර අසල්වැසි පිය පක්ෂයේ නෑයින් ආශ්‍රයට යහපත් වෙනවා.කෙටි ගමන් බිමන් සාර්ථක කරනවා.කෑම රුචිය වැඩි වෙනවා.අන් අයගේ කතාවල දුර්වලකම් විවේචනය කිරීමට යන්න එපා.කතාවේ දක්ෂතාවයෙන් ධනය ඉපයීමට හැකි වෙනවා.අද ඔබ සහෝදරයන්ට උපකාර කිරීමට උත්සහ දරන කෙනෙක්.සිය උත්සාහයෙන් රැස් කර ගත් ධනයෙන් සැප විදීමට හැකියි.මවගේ උපකාර ලැබිය හැකියි.ගෙදරදොර දියුණුව හා සාමකාමී බව ලබන්න පුළුවන්.

ජය වර්ණය: කොළ පැහැය                        ජය අංකය: 03

 

සිංහ ලග්නය

හොද සිහිකල්පනවකින් කරන කතාබහ නිසා ඔබට ධනය ඉපයීමට හැකි වෙනවා.වෙළදාමට ඉතා යහපත් දිනයක්.ධනධාන්‍ය වලින් වෙදකමට ඕන කරන දේවල් විකිණීමෙන් බොහෝ ලාභ ලබන්න පුළුවන්. බැංකු මුල්‍ය අලෙවි උපදේශන හා නිවේදන ක්ෂේත්‍රයේ සිටින ඔබට වෙනදට වැඩියෙන් දියුණුව ලැබීමට හැකි වෙනවා. වෛද්‍ය වෘත්තිකයන්ට ලැබෙන ධනය වැඩි වෙනවා.ගෘහ හා විවාහ ජීවිතය තුල කලබල නැති අහංකාර නැති යහතින් කාලය ගෙවන කෙනෙක් බවට ඔබ පත් වෙනවා.ගමන් බිමන් වැඩි විය හැකියි.දුත මෙහෙවර සාර්ථක කරනවා. ලේඛම් ධුර දරන අයටත් ගුරු වෘත්තිකයන්ටත් දිනයේ යහපත්කම ලබන්න පුළුවන්.ස්වකීය පවුලේ දියුණුව වෙනුවෙන් ගන්නා උත්සාහයන් සාර්ථක වෙනවා.සහෝදර ආශ්‍රයට යහපත් වෙනවා.

ජය වර්ණය: කොළ පැහැය                         ජය අංකය: 02

 

කන්‍යා ලග්නය

ඔබට විරුද්ධ ලිංගිකයන් ඇසුරේ ඉතා කුලුපගු ලෙස හැසිරීමට හැකියාව ලැබෙනවා.අද ඔබට අවශ්‍ය සියලු දේ කතාවේ දක්ෂතාවයෙන් කර ගැනීමට හැකි වෙනවා.සංගීතයට නැටුම් වලට කෞතුක දේට ඔබ ආස කරනවා. තම පවුලේ දියුණුව වෙනුවෙන් තමා කරන කියන කටයුතු සාර්ථක වී ඔබට ගෞරවයක් ලැබීමට හැකි වෙනවා.තම බිරිදට ස්වාමියාට ඉතා හොදින් සලකන අයෙක් බවට පත් වෙනවා.සහෝදර ආශ්‍රය තුල ඉවසිලිවන්තව කටයුතු කල යුතුයි.ඔබගේ උත්සාහයන් අතරමග කඩා වැටෙන්න ඉඩකඩ තියෙනවා.බැංකු මුල්‍ය අලෙවි උපදේශන නිවේදන ක්ෂේත්‍රවල සිටින ඔබට යහපත් දිනයක්.ලියන කියන කාර්මික මුද්‍රණ විද්‍යුත් ක්ෂේත්‍ර වල සිටින ඔබගේ සාර්ථකත්වය වෙනුවෙන් කෝපයෙන් බැහැරව ඉවසිලිවන්තව කටයුතු කල යුතුයි.

ජය වර්ණය: සුදු පැහැය                  ජය අංකය: 02

 

තුලා ලග්නය

ඔබේ කනස්සල්ල අලසකම දෛනික වැඩ කටයුතු කල් දැමීම නිසා ඔබගේ දිනයේ දියුණුව අඩු වෙනවා. සිහිකල්පනාව තරමක් අඩු වන දිනයක් විය හැකියි.අන් ගැටළු ඔබේ කර ගන්නට ගියොත් ඔබට හොද මානසික සුවයක් ලැබීමට හැකි වෙනවා.ඔබේ ගෙදරට පවුලට ඔබ නොරුස්සුම් සහිත අයෙක් වීමටද ඉඩකඩ තියෙනවා. අද ඔබට සාමාජීය වගකීම් දැරීමටත් මිතුරු ආශ්‍රයටත් යහපත්.මිත්‍රශීලිව තම දෛනික කටයුතු වල යෙදීමෙන් දිනයට සෑහෙන්න ආදායමක් හා සමාජ ගෞරවයක්ද ලබන්න පුළුවන්.

ජය වර්ණය: තැඹිලි පැහැය                        ජය අංකය: 11

වෘශ්චික ලග්නය

 

ඔබගේ අලසකම් කම්මැලිකම කලට වෙලාවට අවබෝධයෙන් තම දෛනික කටයුතුවල නොයෙදීම නිසා ඔබගේ දිනයේ දියුණුව අඩු වෙනවා.ඔබේ විවාහයට දෙමව්පියන්ගේ හෝ නෑයින්ගේ විරුද්ධත්වයක් ඇති කරන්න පුළුවන්. නොගැලපෙන අය ආශ්‍රය කිරීමට ඉඩ තියෙනවා.අන් ගැටළු ඔබේ කර ගැනීමට යාමෙන් ඔබ අපකීර්තියකට කරදරයකට මුහුණ පෑමට ඉඩ තියෙනවා.දිනයේ සාර්ථකත්වය සදහා ඔබ තනි නොවී අවංක හිතවත් මිතුරු ඇසුරක් තුල සිටීම යහපත් වෙනවා.අවබෝධයෙන් කලට වෙලාවට කටයුතු කිරීමෙන් දිනයට සෑහෙන්න ආදායමක් ලැබීමට හැකි වෙනවා.

ජය වර්ණය: කොළ පැහැය                         ජය අංකය: 11

 

ධනු ලග්නය

ඔබට හැකියි ඕනෑම කෙනෙකුගේ දුකට පිහිටවන්න.අද දිනය තුල විරුද්ධ ලිංගිකයන්ගේ දුක වැඩියෙන් අහන්න සිදුවන දිනයක්.අද ඔබට කරුණාවන්ත යුක්තිගරුක මිත්‍රයන් ගොඩාක් හමු වීමටත් ආශ්‍රය කිරීමටත් ලැබෙනවා. ඔබ මිතුරන්ට වැඩිමහල් සහෝදර සහෝදරියන්ට වඩා හිතවත් වෙනවා.ඔවුන් මාර්ගෙන් ඔබට සියලු දේ කර ගැනීමට ඉඩකඩ තියෙනවා.කොටස්කාර ව්‍යාපාර වලට සමිති සමාගම් ආදියේ වැඩට ඉතා සුදුසුයි.අද ඔබට ආදායම් ඇති කරනවා.ප්‍රසිද්ධිය ලැබෙනවා.ඔබේ සංගීතයට කාව්‍යකරණයට කෞතුක දේට අද ඔබට දියුණුවක් ලැබීමට ඉතා යහපත්.වෘත්තීය තුල සැප සතුට සාර්ථකත්වය දියුණුව ලැබීමට හැකි වෙනවා.රෑ බෝවී යන අනවශ්‍ය ගමන් බිමන් තුල ඔබට කරදරයට පත් වෙන සිදුවීම් වලට මුහුණ පෑමට හැකි වෙනවා.

ජය වර්ණය: සුදු පැහැය                 ජය අංකය: 11

 

මකර ලග්නය

අද ඔබට අන් අය සමග සහයෝගයෙන් කටයුතු කිරීමෙන් ඉලක්ක සාර්ථක කර ගැනීමට හැකි වෙනවා. ඔබගේ හවුල් කොටස් වෙළදපොල මහජන සේවා විවාහ මංගල යෝජනා යන කටයුතු ඉහලින්ම සාර්ථක කර ගැනීමට හැකි වෙනවා.උසස් අයෙක් හදුනා ගැනීමට හෝ උසස් කෙනෙකුගේ උපකාරයක් ලැබීමට හැකි වෙනවා. ඔබ විවාහක නම් තම බිරිදට ස්වාමියාට ඉතා හිතවත් වෙනවා.අද ඔබගේ විශ්වාසය ඔනම් දෙයක් දුටු හැටියේ කිරීමට පුළුවන්කම වැඩි වෙනවා.ජලය පිළිබද යෙදීම් වලින් හා බෙහෙත් ද්‍රව්‍ය වෙළදාමෙන් ලාභ ලබන්න පුළුවන්. ගේදොර ඉඩකඩම් ලැබීමේ වාසනාව පවතිනවා.එඩිතරව ශුරත්වයෙන් කටයුතු කිරීමෙන් ඔබට බාධාවන් අනවබෝධයෙන් මිදී අද දිනයේ දියුණුව ලබන්න පුළුවන්.

ජය වර්ණය: සුදු පැහැය                ජය අංකය: 07

 

කුම්භ ලග්නය

ඔබ ආශ්‍රය කරන අයගේ අවට සිටින අයගේ ගතිගුණ වලට ලේසියෙන්ම හැරීමට ඉඩකඩ තියෙන දිනයක්. ඔබේ සිතින්ම කරන කටයුතු වලින් ඔබට පාඩුත් අනුන්ට ලාභත් ඇති කල හැකි දිනයක්. ජලයෙන් ප්‍රවේසම් වන්න. බෙහෙත් ද්‍රව්‍ය වෙළදාමට යහපත් නොවේ.දිනයේ සාර්ථකත්වය වෙනුවෙන් බාධක හමුවේ එඩිතරව බුද්ධිමත්ව හා අන් අය සමග සහයෝගයෙන් කටයුතු කරන්න.එවිට ඔබට ධනය කිර්තිය බලය ලැබීමට හැකියාව තියෙනවා.ඉගෙනීමෙන් ක්‍රිඩා හා කලා කටයුතු වලින් සාර්ථකත්වය ලැබීමට හැකි වෙනවා.හවුල් කොටස් වෙළදපොල මහජන සේවා මංගල කටයුතු වලට යහපත් වෙනවා.

ජය වර්ණය: තැඹිලි පැහැය                        ජය අංකය: 07

 

මීන ලග්නය

ඔබ අද ව්‍යක්තව දක්ෂකමෙන් විශ්වාසවන්තව තම දෛනික කටයුතුවල යෙදීම නිසාම ඔබට ඉගෙනීමෙන් ක්‍රිඩා හා කලා කටයුතු වලින් උසස් දියුණුවක් ලැබීමට හැකි වෙනවා.ආදරය කරන ඔබලාට ප්‍රේමනීය ලෙස කාලය ගෙවීමට හැකි වෙනවා.ඔබ අද දරුවන්ට බිරිදට ස්වාමියාට හා සිය මවට වඩා හිතවත් වෙනවා.සලකනවා.ලොතරැයි වාසනාව උරගා බැලීමට යෝග්‍ය දිනයක්.ගේදොර ඉඩකඩම් ලැබීමේ වාසනාව තියෙනවා.ඉගෙන ගත් දෙයින් ධනය ඉපයීමට හැකියි.රාජ්‍ය අංශයේ උපකාර ලැබීමට හැකියි.විශේෂයෙන් ගුරු හා රාජ්‍ය අංශයේ සිටින ඔබගේ බලාපොරොත්තුවක් ඉටු කර ගැනීමට හැකියාව තියෙනවා.මවට සුභ ප්‍රථිපල ලැබෙන දිනයක්. ගෙදරදොර දියුණුව ලබන්න පුළුවන්.බාධාවන් නුවණින් යුතුව පරාජය කරනවා.

ජය වර්ණය: සුදු පැහැය                  ජය අංකය: 05

 

ප්‍රවීණ ජෝතිශ්‍යවේදී : ලක්ස් සේනානායක

දුරකථන අංකය: 0776719151


News Articles
Latest Videos
Most Popular Post