අද 2017 අගෝස්තු මාසයේ 30 බදාදා
රාහු කාලය: ප.ව 12.12 සිට 01.44
සුභ දිශාව: උතුර
මරු සිටින දිශාව: නිරිත
මේෂ ලග්නය

තරගකාරී කටයුතු වලින් දියුණුවක් අපේක්ෂා කරන්න පුළුවන් වගේම ඔබගේ උගත්කම මත ඔබගේ ධන ශක්තිය වර්ධනය කරගන්න නිවැරදි මංපෙත් විවර වෙනවා.කොහොම වුනත් කොන්ද තුනටිය මුත්‍රාශය ආශ්‍රිත රෝග තත්ව වලින් තමයි වැඩි පිඩාවක් උදා වෙනවා.රථවාහන අනතුරු වගේම උස් ස්ථාන ජලාශ්‍රිත ස්ථාන වලින් යම් කරදරකාරී තත්ව ඇති වීමේ අවධානමක් පවතිනවා.ඒ නිසා එවැනි ස්ථාන වලදී තරමක් කල්පනාකාරී වන්න.අන් අයව විශ්වාස කරලා වචන භාවිතා කිරීමේදී ඔබ බොහෝ සෙයින් ප්‍රවේසම් විය යුතු වෙනවා.ඒ වගේම ආහාර ගැනීමේ රටාවෙන් පුංචි හෝ වෙනසක් ඇති වේවි.සූරිය පිරිත වරක් හෝ සජ්ජායනා කරන්න ශ්‍රවණය කරන්න.
ජය වර්ණය: රන්වන් පැහැය ජය අංකය: 08
වෘෂභ ලග්නය

ඔබේ ගෘහාශ්‍රිත කටයුතු බොහොම පහසුවෙන් ජයග්‍රහණය කර ගන්න පුළුවන්.පහුගිය දවස් වල අතහැරලා දාල තිබුන බොහෝ කටයුතු යලි ආරම්භ කරන්න හැකියාවක් ලැබෙනවා.ඒ වගේම අපිළිවෙලකට තිබුන කටයුතු පිළිවෙලකට කරගන්න හැකියාව ලැබෙනවා.ප්‍රේමාන්විත කටයුතු වලට බාධාකාරී තත්ව තිබුණානම් ගැටලුකාරී ස්වභාව මද්‍යයේ වුවද යම් වාසනාවන්ත සිදුවීමක් සිදු වෙනවා.හවුල් ව්‍යාපාර කටයුතු පිලිබදව තරමක වැඩි කැපකිරීමක් කරන්න සිදු වෙනවා.මුල්‍ය ශක්තිය වගේම පරිවාර ශක්තියත් ඉහල යන දිනයක්.පොත්පත් ආශ්‍රිත කටයුතු වලින් ලිපිලේඛන ආශ්‍රිත කටයුතු වලින් මුල්‍ය පරිපාලන ආශ්‍රිත කටයුතු වලින් වගේම මුද්‍රණය හා අලෙවි කිරීම් වැනි කටයුතු වලිනුත් බොහෝ ජයග්‍රහණ ලැබිය හැකියි.මව්පස ඥාතීන්ගෙන් පවා බොහෝ උදව් උපකාර ඔබට හිමිවන දිනයක්.ඒ නිසා කල්පනාකාරීව කටයුතු කරන්න.
ජය වර්ණය: ලා නිල් පැහැය ජය අංකය: 04
මිථුන ලග්නය

වික්‍රමාන්විත ලීලාවෙන් කටයුතු කිරීමේ හැකියාව ඔබට අද දවස පුරාම පවතිනවා.සහෝදර ඥාතීන්ගෙන් අසල්වාසින්ගෙන් ඔබේ කටයුතු වලට උපකාර හිමි වෙනවා.අලුත් අලුත් දේවල් මිලදී ගැනීම සදහා ඔබගේ සිත දිව යනවා.සංචාරක කටයුතු වලින් අලෙවි කරන කටයුතු වලින් භාෂාව භාවිතා කරන කටයුතු වලින් බොහෝ ජයග්‍රහණ අත් කර ගැනීමේ හැකියාව පවතිනවා.කොන්ද තුනටිය ආශ්‍රිත රෝගී තත්ව වගේම දණහිස ආශ්‍රිත රෝගී තත්ව මුඛ ආශ්‍රිත රෝගී තත්ව ඇතුළු පුංචි පුංචි බාධාකාරී තත්ව ඇති වේවි.ජලාශ්‍රිත පරිසර වලින් නම් තරමක් ප්‍රවේසම් විය යුතුයි.පුංචි හෝ රෝගී තත්වයක් ඇති උනොත් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත යුතුයි.නිසි මාත්‍රාවට අනුව ඖෂධ පානය කිරීමත් වඩාත් වැදගත් වෙනවා.එවැනි රෝගී තත්ව වගේම ආපදා තත්ව වලට ලක් වීමේ අවධානමක් පවතිනවා.වැඩිහිටි ඥාතීන් සමග අර්බුධකාරී තත්ව ගොඩ නගා ගැනීම නම් යහපත් වන්නේ නැහැ.
ජය වර්ණය: ලා කොළ පැහැය ජය අංකය: 03
කටක ලග්නය

වාග් ශක්තිය ඉහල යන දවසක්.මුල්‍ය පරිපාලන හැකියාව ඉතාමත්ම යහපත් මට්ටමක පවතිනවා.නිතිය හා සම්බන්ධ කටයුතු වලින් වගේම පරිපාලනමය ක්ෂේත්‍ර ආශ්‍රිත කටයුතු වලින් පරිඝනක හා යන්ත්‍ර සුත්‍ර ආශ්‍රිත කටයුතු වලිනුත් ජයග්‍රහණ හිමි කර ගත හැකියි.කෙටි ගමන් බිමන් රාශියක් යෙදෙන නිසාම ඔබගේ දෛනික කටයුතු වලට පුංචි පුංචි බාධාකාරී තත්ව පැන නැගිවී.සැලසුම් සහගතව කටයුතු ආරම්භ කිරීම ඒ නිසා වැදගත් වෙනවා. අධ්‍යාපනික කටයුතු වලට නම් තදබල බලපෑම් ඇති කරනවා.බාධාකාරී තත්ව උදා වෙනවා.ඒ නිසාම ඔබ තරමක් කල්පනාකාරී විය යුතු වෙනවා ඔබගේ අධ්‍යාපනික කටයුතු වලදී විභාග කටයුතු වලදී හා ඔබගේ දුදරුවන් පිලිබදවත් වෙනදට වඩා සැලකිලිමත් විය යුතුයි.අනවශ්‍ය චිත්ත පිඩාකාරී තත්ව වුවත් ඇති විය හැකියි.
ජය වර්ණය: ලා දම් පැහැය ජය අංකය: 08
සිංහ ලග්නය

ඔබගේ මානසික ශක්තිය ඉහල යන දවසක් වගේම ඔබ හිතන පතන දේවල් ඉටු කර ගැනීමේ හැකියාව පවතින දවසක් විදියට අද දවස හදුන්වන්න පුළුවන්.බොහෝ අදහස් උදහස් ඔබ තුල පහල වෙනවා.ඒ නිසා ඔබට පුළුවන් පරිපාලනමය හැකියාව වර්ධනය කර ගන්න.ඒ හරහා අන් අයගේ සිත දිනා ගන්න.ලිපිලේඛන ආශ්‍රිත කටයුතු කලාත්මක කටයුතු කරන කෙනෙක් නම් ඔබට ඉතා සාර්ථක ප්‍රථිපල නෙලා ගත හැකියි. සන්නිවේදන ක්ෂේත්‍ර ආශ්‍රිත කටයුතු වලින් පවා ජයග්‍රහණ හිමි වෙනවා.මානව සම්පත් කළමනාකරණය වැනි කටයුතු වලට වුනත් ඉතාමත්ම යෝග්‍යයි.ගෘහාශ්‍රිත කටයුතු වලින් යම් පිඩාවක් ඇති වීමේ අවධානමක් පවතිනවා.බොහෝ කාලයක් අලංකෘතව කැමැත්තෙන් භාවිතා කල යම්කිසි ගෘහ උපකරණයක් අද දවසේ කැඩී බිදී යා හැකියි.
ජය වර්ණය: දීප්තිමත් කහ පැහැය ජය අංකය: 07
කන්‍යා ලග්නය

වචන භාවිතා කිරීමේදී අද දවසේ ඔබ බොහෝ සෙයින් කල්පනාකාරී විය යුතුයි.රාජ්‍ය ගැටලුකාරී ස්වභාවයන්ට මැදිහත් නොවී සිටීම වඩාත් වැදගත්.ඒ වගේම තමයි ඉහල නිලධාරීන් සමග කරන ගනුදෙනු කිරීම් වලදී ඉවසිලිවන්තව නම්‍යශිලිව වචන භාවිතා කිරීම කල යුතුයි.අසල්වාසීන් සමග සහෝදරයන් සමග මත ගැටුම් ඇති වෙනවා වගේම ඒ හරහා චිත්ත පිඩා ඇති වෙනවා.අවධානම් සහගත තත්වයකුත් ඇති වෙනවා.පාද ආශ්‍රිත රෝගී තත්ව හන්දිගත රෝගී තත්ව ඇති වීමේ අවධානමක් පවතිනවා.ලේ ධාතුව සම්බන්ධ රෝගී තත්වයක පිඩාවට පත් වෙලා ඉන්න කෙනෙක් නම් වෛද්‍ය උපදෙස් නිසි පරිදි පිළිපැදීම වඩා වැදගත් වෙනවා.ගමන් බිමන් යාම සම්බන්ධයෙන් පරිපාලනමය සම්බන්ධ කටයුතු වලින් බොහෝ ජයග්‍රහණ අත් කර ගත හැකියි. කලාත්මක හැකියාවන් වර්ධනය කරගන්න ඒවා ලිපි බවට පත් කර ගන්න ඒවා යථාර්තයක් බවට පත් කර ගන්න ඔබට ඉඩකඩ වෙන්වෙලා පවතිනවා.
ජය වර්ණය: ලා නිල් පැහැය ජය අංකය: 08
තුලා ලග්නය

ලිපිලේඛන ආශ්‍රිත කටයුතු වලදී මුල්‍ය පරිපාලන කටයුතු වලදී තරමක් කල්පනාකාරී වීම වඩාත් වැදගත් වෙනවා. වාග් ශක්තිය ප්‍රබල මට්ටමක පැවතුණත් ගන්න තීන්දු තීරණ වැරදීමේ ඉඩකඩ ඉහලයි.ඒ නිසා ඉහල පුද්ගලයන් සමග උසස් පුද්ගලයන් සමග සාකච්චා කිරීමෙන් අනතුරුව ස්ථාවර තීන්දු තීරණ ගැනීම වඩාත් වැදගත් වේවි.වැඩිහිටියන් සමග මත ගැටුමක් ඇති වෙලා චිත්ත පිඩා ගොඩ නැගෙන තත්වයක් ඇති විය හැකියි. යම් යම් කටයුතු ඔබට අද දවසේදී අතහැර දමන්න සිද්ධ වේවි.කොහොම උනත් වෘත්තිමය කටයුතු වලදී බොහෝ දියුණුවක් අපේක්ෂා කල හැකියි.රාජකාරී කටයුතු මුලික කරගෙන දුර බැහැර ගමන් යන්න ඔබට ආරාධනා ලැබෙනවා.ඉහල නිලධාරීන්ගේ උදව් උපකාර ඔබට නිරන්තරයෙන්ම ලැබෙනවා.ඒ හරහා බොහෝ ජයග්‍රහණ වගේම අලුත් ආරම්භයන් සනිටුහන් කරගන්න ජව සම්පන්න සිතුවිලි ඔබ තුල නිර්මාණය වෙනවා.
ජය වර්ණය: විසිතුරු පැහැය ජය අංකය: 03
වෘශ්චික ලග්නය

වෘත්තිමය කටයුතු වල බාධාකාරී තත්ව පසුගිය දවස් වල තිබුනානම් ඒවා යටපත් කර ගැනීමේ ඉඩකඩ වෙන් වෙලා පවතිනවා.අන් අයගේ ආකර්ෂණය දිනා ගැනීමේ ඉඩකඩත් තියෙන නිසාම අලුත් සිහින සැබෑ කරගන්න පුළුවන්. වෘත්තිමය උසස් වීම් ඔබ බලාපොරොත්තු වුනානම් කරදරකාරී අර්බුධකාරී තත්වයන් මැද වුනත් එය ලගා කර ගන්න පුළුවන්.කොන්ද තුනටිය මුත්‍රාශය ආශ්‍රිත රෝගී තත්ව වලින් වගේම දණහිස් ආශ්‍රිත රෝගී තත්ව වලින් බොහෝ සෙයින් ප්‍රවේසම් විය යුතුයි.එක් වැඩ කටයුත්තක් නිමා කිරීමට පෙර තවත් වැඩ කටයුත්තක් ඔබේ කරමතට පැවරීමේ ඉඩකඩක් තියෙනවා.අතිශය කාර්යබහුල තත්වයකට පත් වේවි.ඉවසිලිවන්තව කටයුතු කිරීම වඩාත් වැදගත් වෙනවා.ක්ෂණික ආවේගශීලි ක්ෂණික කේන්ති සහගත සිතුවිලි වලින් ඔබ නිතරම පෙළෙනවා. ඇස් ආශ්‍රිත රෝගී තත්ව වලින් වගේම රිය අනතුරු වලිනුත් යම් බාධාකාරී තත්ව පැන නගීවි.ජලජ ජිවින්ට ආහාර ලබා දෙන්න.
ජය වර්ණය: ලා කොළ පැහැය ජය අංකය: 06
ධනු ලග්නය

පෙරපින ඉස්මතු කර ගැනීමේ හැකියාව පවතිනවා.අන් අයට උදව් උපකාර කිරීම සදහා ඔබට බොහෝ කාලය මිඩංගු කරන්න සිදු වෙනවා.මව හෝ මව්පස ඥාතීන්ගේ අසනීප තත්වයක් මුල් කරගෙන ඔබගේ ධන ශක්තියට වගේම ඔබගේ කාලයටත් යම් ආකාරයක අශුභ බලපෑම් ඇති කිරීමේ ඉඩකඩත් තියෙනවා.පාද වල පහල හන්දි ආශ්‍රිත රෝග තත්ව වලින් තමයි ඔබ වැඩි වශයෙන් අද දවසේදී පිඩාවට පත් වෙනවා කියල පෙන්නුම් කරන්නේ. දුර බැහැර ගමන් යාම් වලදී නිදිමත තත්ව ඇති වීමේ වැඩි ඉඩකඩක් පවතිනවා.ඒ නිසා රිය ධාවනය කිරීම් වලදී වැඩි වශයෙන් කල්පනාකාරී වන්න.සෙම් සහිත රෝග වලදී වැඩි වශයෙන් ප්‍රවේසම් වන්න.අන් අයව විශ්වාස කරලා යමක් දුන්නොත් අද දවසේදී ඔබට එය පෙරලා ලැබෙන්නේ නැහැ.යමක් ලබා දෙද්දී වගේම යම් වගකීමක් ඔබ පවරද්දී නම් බොහෝ සෙයින් කල්පනාකාරී විය යුතුයි.පරිපාලනමය හැකියාව ඉහල යාමේ හැකියාව තියෙනවා.කලාත්මක හැකියාව වුනත් ඉතාමත්ම යහපත්.හැබැයි මුල්‍ය පරිපාලන ආදී කටයුතු වලදී අන් අයගේ අදහස් විමසා සිටින්න.තමන්ට එරෙහිව චෝදනාවක් අවොත් නිවැරදිව පුළුල් ලෙස ඒ පිලිබදව කතා කරන්න.
ජය වර්ණය: ලා රතු පැහැය ජය අංකය: 07
මකර ලග්නය

ලිපිලේඛන ආශ්‍රිත කටයුතු වලින් ඔබට බාධාකාරී තත්ව ඇති වෙනවා.අන් අයව විශ්වාස කරලා කරන කටයුතු වලිනුත් පුංචි පුංචි බාධා කම්කටොලු ඇති වෙනවා.ලගම සිටි යාලු මිත්‍රාදීන්ගෙන් පවා ඔබට යම් බාධාකාරී තත්ව ඇති වීමේ අවධානමක් පවතිනවා.ඉදිකිම් ක්ෂේත්‍ර ආශ්‍රිත කටයුතු ජලාශ්‍රිත කටයුතු ලේඛන ආශ්‍රිත කටයුතු ලේකම් ධුර ආශ්‍රිත කටයුතු බොහෝ දුරට දියුණු කර ගැනීමේ ඉඩක් පවතිනවා.අන් අයත් සමග කරන ගණුදෙනු වලදී කල්පනාකාරී වීම වඩාත් වැදගත්.කාන්තා පාර්ශවයන්ගෙන් බොහෝ උදව් උපකාර හිමි වෙනවා.ඔබගේ ගුරුවරුන්ගේ පිහිට සොයා ගෙන යන්න සිදුවන දවසක්.
ජය වර්ණය: විසිතුරු පැහැය ජය අංකය: 04
කුම්භ ලග්නය

හවුල් ව්‍යාපාර කටයුතු ප්‍රේමනීය සම්බන්ධතා ආශ්‍රිත කටයුතු වලින් බොහෝ දියුණුවක් අපේක්ෂා කිරීමේ හැකියාව පවතිනවා. අන් අය සමග කරන කටයුතු වලින් තමයි වැඩි ලාභ හිමි වෙන්නෙ.ඔබගේ යාලු හිතමිත්‍රාදීන් ඔබගෙන් පිහිට බලාපොරොත්තු වෙනවා.ඒ අයගෙන් ඔබටත් ලාභ ලබා ගත හැකියි.හවුල් ව්‍යාපාර කටයුතු පිලිබදව අලුත් මානයකින් සිතන්න හැකි වෙනවා.අලුතෙන් හවුල් ව්‍යාපාර කටයුතු ආරම්භ කරන්න ඉතාමත්ම යහපත්. බාධා කම්කටොලු වලට ලක් වෙලා තිබුන ප්‍රේමනීය සම්බන්ධතා දියුණු කර ගත හැකියි.තමන්ගේ පවුලේ උදවියත් සමග විනෝද ගමන් යාම විනෝද වීම් ආදී කටයුතු වලට වැඩි කාලයක් මිඩංගු කරන්න අවස්ථාව හිමි වෙනවා.හැබැයි වෘත්තිමය කටයුතු වලදී රැකී රක්ෂා කටයුතු වලදී තරමක් කල්පනාකාරී විය යුතුයි.අනවශ්‍ය බාධාකාරී තත්ව වැඩි ආත්ම විශ්වාසය නිසා අතහැර දැමීම වැනි කටයුතු වලින් බාධා පැන නගිනවා.කල්පනාකාරීව කටයුතු කරන්න. ඉහල නිලධාරීන් සමග නම්‍යශිලිව කටයුතු කරන්න.ජලජ ජිවින්ට ආහාර ලබා දෙන්න.
ජය වර්ණය: ලා නිල් පැහැය ජය අංකය: 08
මීන ලග්නය

යාලු හිතමිත්‍රාදීන්ගේ කටයුතු වලට වැඩි උදව්වක් උපකාරයක් කරන්න ඔබට කාලය මිඩංගු කරන්න සිදු වෙනවා.ජව සම්පන්න කටයුතු වලින් බොහෝ ජයග්‍රහණ ලබා ගත හැකියි.පෙරපින ඉස්මතු වෙනවා. මව්පස ඥාතීන් වගේම වැඩිහිටි ඥාතීන් ඔබගේ උදව් උපකාරයට පැමිණෙනවා.තමන්ට උදව්වක් උපකාරයක් අවශ්‍ය සෑම මොහොතකම කවුරුන් හෝ කෙනෙක් ඔබට උපකාර කරාවි.ඒ නිසා මානසික සතුටක් ඔබ තුල නිර්මාණය වෙනවා.ප්‍රේමනීය සම්බන්ධතා වලට බාධා තිබුනානම් ඒවා දුරු කර ගන්නත් අවස්ථාවත් සැලසෙනවා. කායික ශක්තිය මානසික ශක්තිය ඉහල යන දවසක්.අලුත් ඇදුම් පැළදුම් මිලදී ගන්න යාන වාහන ගමන් බිමන් වලට යොමු වෙන්න වාසනාව පවතිනවා.පදිංචිය පිලිබදව කතිකාවක් ගොඩ නගා ගන්නවා.විවාහ අපේක්ෂකයින්ට අද දවසේ එවැනි කටයුතු වලට අවශ්‍ය පසුබිම සකස් කර ගන්න ඉතාමත්ම යහපත්.කෙටි ගමන් බිමන් රාශියක් යෙදෙනවා.
ජය වර්ණය: ලා දම්පැහැය ජය අංකය: 09
ප්‍රවීණ ජෝතිශ්‍යවේදී : ලක්ස් සේනානායක
දුරකථන අංකය: 0776719151