News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
30

“අපි එළියට යන්නෙ ඇස්වල කදුළු පුරවගෙන, හැබැයි ඔලුව කෙලින් තියාගෙන” – සනත් ජයසූරිය ක්‍රීඩා ඇමතිට යවපු සංවේදී ලියුම මෙන්න.

2703 Views


“අපි එළියට යන්නෙ ඇස්වල කදුළු පුරවගෙන, හැබැයි ඔලුව කෙලින් තියාගෙන” – සනත් ජයසූරිය ක්‍රීඩා ඇමතිට යවපු සංවේදී ලියුම මෙන්න.

අපේ ක්‍රිකට් දැන් තියෙන්නෙ ළිඳට වැටිලා. එක ගැන ගොඩක් අයට ඇගිල්ල දික්වුණා. හැබැයි ඒ අයගෙන් මුලින්ම අස්වුණේ තේරීම් කමිටුව. සනත් ජයසූරියගේ සභාපතිත්වයෙන් හිටපු ක්‍රිකට් තේරීම් කමිටුව ඊයේ ක්‍රීඩා ඇමතිතුමාට ඉල්ලා අස්වීමේ ලිපිය බාර දුන්නා. සනත් එක්ක රොමේෂ් කලුවිතාරණ, එරික් උපශාන්ත, රංජිත් මදුරසිංහ සහ අසංක ගුරුසින්ගත් ඉල්ලා අස්වුණා. හැබැයි ගුරුසිංහ තවදුරටත් කළමණාකාර ධූරයේ ඉන්නවා.

මේ තියෙන්නෙ ඊයේ ,තේරීම් කමිටුව ක්‍රීඩා ඇමතිතුමාට යවපු ලියුමේ සිංහල පරිවර්තනය.

ගරු ක්‍රීඩා ඇමතිතුමනි,

මම මේ ලියුම ලියන්නෙ බොහොම කණගාටුවෙන්. කරන්න ඕන මොනවද කියලා මම මගේ කමිටුවත් එක්ක සෑහෙන්න වෙලා සාකච්ඡ කරා. අන්තිමේදී අපි තීරණය කලා ලබන සැප්තැම්බර් 7 වෙනිදා ඉදලා ඉවත් වෙන්න. මගේ ජීවිතේම ක්‍රිකට්. හැබැයි ගිය ඉරිදා සිද්ධ වුන දෙයින් මම ගොඩක් කම්පාවට පත්වුණා. මට හිතෙන්නෙ මේ ගෙවෙන්නෙ ගොඩක් අර්බුධකාරී අවුරුද්දක්. එත් අමතක කරන්න එපා මිට අවුරුද්දකට කලින් අපි ඕස්ට්‍රේලියාව 3 – 0 විදිහට පරාද කරා. එක කවදාවත් අමතක වෙන්නෙ නැති මොහොතක්. අපිට ගොඩක් දක්ෂ ක්‍රීඩකයෝ ඉන්නවා. මට විශ්වාසයි ඒ අය ඉක්මනටම හොද ක්‍රීඩාවක් කරයි කියලා.

අපි ඕන වෙලාවක ලෑස්තියි ක්‍රිකට් වලට උදව් කරන්න. 96 කණ්ඩායම හැමතිස්සෙම හිතන්නෙ ඒ වගේ ආයෙත් දවසක් උදාකර ගන්න. ක්‍රීඩා ඇමතිතුමනි ඔබ අපිට ගොඩක් උදව් කරා.ඒ සියල්ලටම බොහොම ස්තුතියි. ඒ වගේම ක්‍රිකට් සභාපතිතුමාටත් ස්තුතියි. අවසන් වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමටත් ස්තුතිය පුදකරනවා, හැම වෙලේම ඔවුන්ගේ උපරිමය දෙන්න උත්සහා කරාට. අපි එළියට යන්නෙ ඇස්වල කදුළු පුරවගෙන. හැබැයි ඔලුව කෙලින් තියාගෙන. මගේ ආදරණිය ප්‍රේක්ෂකයින්ට කියන්නෙ අපේ ළමයි ගැන විශ්වාසය තියා ගන්න. අපි ක්‍රීඩකයන්ට කිව්වා, ඔවුන්ගෙ හැකියාව ගැන සහ ප්‍රේක්ෂකයන් ගැන විශ්වාසය තියන්න කියලා. අපි විශ්වාස කරනවා අපේ දැක්ම වන එකම කණ්ඩායමක් එකම ජාතියක් විදියට අපි සාර්ථකව ඉදිරියට ඒවි කියලා.

විශ්වාසී,
සනත් ජයසූරිය.(තේරීම් කමිටුව – සභාපති)

 

මේ තියෙන්නෙ තේරීම් කමිටුව ක්‍රීඩා ඇමතිතුමාට යවපු ලියුම.

 

 

 


News Articles
Latest Videos
Most Popular Post