News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
31

අද එක ලග්නයකට මංගල යෝග. වැඩි විස්තර මෙතනින් බලන්න.

1573 Views


අද එක ලග්නයකට මංගල යෝග. වැඩි විස්තර මෙතනින් බලන්න.

අද 2017 අගෝස්තු මාසයේ 31 බ්‍රහස්පතින්දා

රාහු කාලය: ප.ව 01.33 සිට ප.ව 03.03

සුභ දිශාව: නැගෙනහිර

මරු සිටින දිශාව: දකුණ

 

මේෂ ලග්නය

අද ඔබගේ දියුණුව අඩු වෙනවා.එයට හේතු වන්නේ ඔබගේ අලසකමත් කම්මැලිකම හා අනවබෝධයයි. ඔබ අනුන්ගේ ප්‍රශ්න ඔබේ කරගෙන ඔබ මනසින් පිඩාවට පත් වෙන්න තියෙන දිනයක්. සමාජීය වගකීම් දැරීමෙන් මිතුරු කටයුතුවල යෙදීමෙන් දිනයට සෑහෙන්න ආදායමක් ලබන්න පුළුවන්. දිනයේ සාර්ථකත්වය වෙනුවෙන් ඔබගේ දෛනික කටයුතු සම්බන්ධයෙන් කලට වෙලාවට තීරණ අරගෙන අප්‍රමාදීව තමාට ගෞරවයක් ලැබෙන සේ ක්‍රියාකාරී වන්න.

ජය වර්ණය: කොළපැහැය                         ජය අංකය: 03

 

වෘෂභ ලග්නය

ඔබ සතු සමාජීය කෞශල්‍ය මිතුරු කමේ දක්ෂකම් අද ඔබ තුලින් එලියට ගන්න. මොකද ඔබට සමාජ ගෞරවයක් ලබන්න පුළුවන්. ඔබ කරන කියන කටයුතු වලින් ඔබට ආදායම් උපයා ගැනීමට හැකියාව තියෙනවා. ඒ විතරක් නෙමෙයි යාන වාහන පහසුකම් ලැබීමේ හිමිකමක් අද පවතිනවා. අද වෙනදට වැඩිය විශාල මිතුරු පිරිසක් හම්බෙන්න පුළුවන් දිනයක්. එත් එක්කම ඔබගේ වෘත්තීය හා ව්‍යාපාර කටයුතු ඔබ විසින් නියමාකාරයෙන් කළමනාකරණය කරගෙන වැඩ කටයුතු කරන නිසාම වෘත්තීය ව්‍යාපාර ජයග්‍රහණ ලාභ වාසි ඇති කරගන්න පුළුවන්.

ජය වර්ණය: කහපැහැය                 ජය අංකය: 11

 

මිථුන ලග්නය

ඔබ සතු නායකත්වය වගකීම් දැරීමේ හැකියාව මුල් කොට ගෙන අද ඔබට පැහැදිලි වෘත්තීය මට්ටමින් පරිපාලන මට්ටමින් ඔබට වාසි ලාභ ගෞරවය ලබන්න පුළුවන් දිනයක්. විශේෂයෙන්ම වෙළදාමේ යෙදී සිටින ඔබට අද වෙනදට වැඩිය වාසි ලාභ ඇති වෙනවා.ඔබ අන් අයට කරදර නොකර ස්වභාව ධර්මයත් සමග එකතු වී මිත්‍රශීලි වී වැඩ කටයුතු කරන නිසාම ඔබට ආදායම් වැඩි දියුණුවට පත් කර ගන්න පුළුවන්. විශේෂයෙන්ම වැඩිමහල් සහෝදර සහෝදරියන් මිතුරන් ආශ්‍රය කිරීමෙන් ඔබට සතුට සහ ප්‍රීතිය ලබන්න පුළුවන්.ඒ විතරක් නෙමෙයි විදෙස් ගමන් සාර්ථක කරනවා. උසස් ඉගෙනීමේ කටයුතු සාර්ථක කරනවා. පිං කිරීමට හැකියාවත් තියෙනවා. උසස් අය ආශ්‍රය කිරීමට අද ඉඩකඩ තියෙනවා.

ජය වර්ණය: කහ පැහැය               ජය අංකය: 10

 

කටක ලග්නය

අද ඔබ වෘත්තීය මට්ටමින් පැහැදිලි ලෙසම කැපී පෙනෙන අයෙක් බවට පත් වෙන්න තියෙනවා. ස්වාධීනව තමන්ටම ඕන කරන ආකාරයක් තුල ඔබ ක්‍රියාත්මක වෙමින් ඔබ අද වෘත්තීය තුල පැහැදිලි ගෞරවයක් ලබා ගැනීමේ වාසනාවක් පවතිනවා. නමුත් ඔබට වෘත්තීය මට්ටමේ තීරණ ගද්දි යම් දෙගිඩියාවකට පත් වෙන්න පුළුවන්. ඒ දෙගිඩියාවෙන් මිදී වැඩ කටයුතු කලොත් ඔබට වෘත්තීය තුල ප්‍රසිද්ධියක් ගෞරවයකුත් ලැබෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ඔබ ඔබගේ ආදායම් කටයුතු ගැන උනන්දු වුවොත් අද ඔබට වෙනදට වැඩිය ආදායම් දියුණුවට පත් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම සමාජීය වගකීම් දැරීමට හොද දිනයක්. මිතුරු ආශ්‍රයට යහපත් දිනයක්. වැඩිමහල් සහෝදර ආශ්‍රයෙන් ඔබ වඩා ප්‍රීතියට පත් වෙනවා. ඒ විතරක් නෙමෙයි ඔබට පින්කම් කිරීමට හැකි දිනයක්. ඔබ ආගමික ස්ථාන කරා පියමන් කරන්න ආස කරන දිනයක්. පිය පක්ෂයේ නෑයින්ගේ ගෞරවයක් ලැබීමට ඉඩකඩ තියෙනවා.

ජය වර්ණය: රතු පැහැය                ජය අංකය: 10

 

සිංහ ලග්නය

උසස් අයගේ උදව් උපකාර ලැබීමට හැකි දිනයක්. උසස් අය ආශ්‍රය කිරීමට හැකියි. විදෙස්ගත සැලසුම් සාර්ථක කරනවා. උසස් ඉගෙනීමේ යෙදී සිටින ඔබට අද වෙනදට වැඩිය අන් අයගේ කැපී පෙනිමකට ලක් වීමට හැකියාව තියෙනවා. පිං කිරීමට ඔබ ආස කරනවා. ඔබගේ ධනයට වඩා ඔබගේ ගුණවත්කමට අද ඔබ අන් අය අතරේ ප්‍රසිද්ධියක් ලැබීමට ඉඩ තිබෙනවා. විශේෂයෙන්ම වෘත්තීය මට්ටමින් විශේෂ රාජකාරී ලබමින් ඉතා සාර්ථක ලෙස ගෞරවයට පත් වෙමින් වැඩ කටයුතු කිරීමට ඔබට හැකියාව වාසනාව අද පවතිනවා.

ජය වර්ණය: රතුපැහැය                 ජය අංකය: 09

 

කන්‍යා ලග්නය

ඔබ කරුණු කාරනා අවබෝධ කරගන්න නැතුව ක්‍රියාත්මක වීම තුලත් තම දෛනික කටයුතු අතපසු කිරීම කල්දැමීම හේතු කොට ගෙන අද ඔබ ලැබිය යුතු දිනයේ දියුණුව ඔබ විසින්ම අඩු කර ගන්නවා. විශේෂයෙන්ම ඔබට රාත්‍රියේදී තරහ යන ගතිය වැඩි වෙනවා. ඒ නිසා යම් කිසි අප්‍රසිද්ධියක් ලබන්න ඉඩ තියෙනවා.මතක තියාගන්න ඔබගේ නිදි යහන තුල අනුන්ගේ ගැටළු විසදන්න යන්න නම් එපා. ඔබ බලාපොරොත්තු වන අන් අයගේ සහයෝගය ලබන්න අද ඔබ ප්‍රමාද වෙන්න තියෙන දිනයක්. නමුත් ඔබට ඔබගේ දෛනික කටයුතු සම්බන්ධයෙන් අවබෝධයකින් යුතුව ධනාත්මකව කටයුතු කිරීමට හැකි වුවොත් විශේෂයෙන් ඔබ අදහන දෙවිවරුන්ගේ පිහිට ආරක්ෂාව ලැබෙන පරිදි ඔබට ක්‍රියාත්මක වීමට හැකි වුනොත් ඔබට වැඩිහිටියන්ගේ උදව්වක් උපකාරයක් වාසියක් ලැබීමට ඉඩකඩ තියෙනවා.

ජය වර්ණය: කහ පැහැය                 ජය අංකය: 09

 

තුලා ලග්නය

නොගැළපෙන අය ආශ්‍රය කිරීම තුල ඔබගේ දෛනික කටයුතු ප්‍රමාදයකටපත් වෙන්න පුලුවන්.අනවබෝධයෙන් තමා තුල ඇති අනවශ්‍ය ආත්ම විශ්වාසයක් තුල වැඩ කිරීමට යෑමෙන් ඔබ ලැබිය යුතු දිනයේ දෛනික දියුණුව ඔබ විසින්ම අඩුකර ගන්නවා. අන් අයගේ උදව් බලාපොරොත්තු නොවිය යුතු දිනයක්. දිනයේ දියුණුව වෙනුවෙන් ධනාත්මකව නිතරම තමා කරන කියන දෙයින් තමාට ජයක් ලැබිය හැකියි කියන ධනාත්මක සිතුවිලි තුල ඔබ ක්‍රියාත්මක වුවොත් පමණක් අද දිනය ඔබට සාර්ථක කර ගන්න පුළුවන්.

ජය වර්ණය: කොළ පැහැය                        ජය අංකය: 09

වෘශ්චික ලග්නය

 

ඔබට අන් අයගේ ආකර්ෂණයට ඉක්මනින් ලක් වෙන්න පුළුවන් දිනයක්. ලෞකික සැප සම්පත් හොදින් ලබන්න පුළුවන් දිනයක්. අනාගතයට වැදගත් වෙන හොද අයෙක් හදුනා ගැනීමට හැකියාව වාසනාව අද ඔබ තුල පවතිනවා. හවුල් කටයුතු වලින් කොටස් වෙළදපොල කටයුතු වලින් මහජනයාට කරන සේවා තුලින් අද ඔබට පැහැදිලි ලාභ සහ වාසි ලබා ගැනීමට හැකියාවක් තියෙනවා. අවිවාහක ඔබට අද හොද මංගල යෝජනාවක් එන්න පුළුවන් දිනයක්. ස්වාමියාගේ හෝ බිරිදගේ සහයෝගය උපරිමයෙන් ලබන්න පුළුවන් දිනයක්. නමුත් ඔබට කෙනෙක් සමග එක ආකාරයකට කටයුතු කිරීමට නොහැකිතාවයක් ඔබ තුල ඇති වෙන්න පුළුවන්. බාධාවන් පරාජය කරන්න. අනවබෝධයට ඉඩක් තියන්න.ඔබගේ ශුරත්වය හේතු කොට ගෙන ඉහල ජයක් ඔබට ලබන්න පුළුවන්.

ජය වර්ණය: සුදු පැහැය                  ජය අංකය: 07

 

ධනු ලග්නය

අද ඔබගේ ජිවන ගමනට බොහෝ බාධක ගැටළු ඇති වෙන්න පුළුවන් දිනයක්. එම ගැටළු බාධක මැඩ පවත්වන්න තරම් ඔබ එඩිතර විය යුතුයි. එඩිතරවී ඔබගේ දෛනික කටයුතු සම්බන්ධයෙන් ක්‍රියා කරන්න ඕන ආකාරයෙන් බුද්ධිමත් ලෙස සිතිය යුතුයි. හැබැයි ක්‍රියාකාරී වෙන්න ඕන අන් අය සමග සහයෝගයෙන්. එහෙම වුනොත් ඔබට ඉගෙනීමෙන් ක්‍රීඩාවෙන් කලා කටයුතු වලින් පැහැදිලි ජයක් ලබන්න පුළුවන්. ආදරය කරන ඔබට ගැටළු වලින් මිදී ලෙන්ගතු කම ලබන්න පුළුවන්. සහයෝගයෙන් වැඩ කිරීම තුල හවුල් කටයුතු වලින් ධන සහ වාසි කිර්තිය ලැබිය හැකි වෙනවා.

ජය වර්ණය: සුදු පැහැය                 ජය අංකය: 05

 

මකර ලග්නය

අද ඔබගේ පසුම්බිය සල්ලි වලින් පිරෙන්න තියෙන දිනයක්. ඒ සදහා ඔබගේ කතාවෙන් දක්ෂතාවය ඇති කරගත යුතුයි. ඔබගේ සංවර වූ වචන මුල් කොට ගෙන ඔබට ධනය උපයන්න පුළුවන්. විවාහ ජීවිතය තුල සාමකාමී බව ඇති කර ගන්න පුළුවන්. ඔබගේ කෙටි ගමන් බිමන් සාර්ථක වෙනවා. මුල්‍ය බැංකු ක්ෂේත්‍ර උපදේශන අලෙවිකරණ ක්ෂේත්‍රයේ සිටින ඔබට පැහැදිලි ජයක් ලැබිය හැකි වෙනවා. නමුත් සිය පවුලේ දියුණුව වෙනුවෙන් ඔබ කරන කටයුතු වලට බාධක ඇති වී මානසික දුකක් කනස්සල්ලක් ඇති වීමට ඉඩකඩ තියෙනවා. ඒ නිසා ඔබගේ උනන්දුව කතාවේ දක්ෂතාවයෙන් අද ඔබට ජයග්‍රහණය ලබන්න පුළුවන්.

ජය වර්ණය: නිල් පැහැය              ජය අංකය: 02

 

කුම්භ ලග්නය

අද ඔබ පොලවේ පය ගහලා තමාගේ දියුණුව කරා යන්න ඕන දිනයක්. ඔබගේ නමට ගෞරවය ලැබෙන්න තියෙනවා. ඔබගේ මනස තුල ධනාත්මක සිතුවිලි ඇති වෙන්න තියෙනවා. ඒ නිසාම ඔබට කරන කියන දෙයින් ලාභ ලැබෙන එකක් වරදින කොට තව එකක් හොයා ගෙන කරලා ශුරත්වයෙන් යුතුව දිනයට අවශ්‍ය කරන මිල මුදල සොයා ගන්න පුළුවන්.

ජය වර්ණය: නිල් පැහැය               ජය අංකය: 01

 

මීන ලග්නය

අද ඔබ ස්වභාව ධර්මය සමග ජීවිතය ගත කරමින් සතුටක් විදින්න උත්සහ දරන කෙනෙක්. පොත් පත් කියවන රුචිය ඔබ තුල වැඩි වෙනවා. ඔබ කලකෝලාහල වලට කැමති වෙන්නෙ නැහැ. ඔබගේ කතාව තුල කැපී පෙනීමට ලක් වෙන්න පුළුවන්. අන් අයට උපදෙස් දීමට ඔබ තුල දක්ෂතාවයක් ඇති වෙනවා. ඒ නිසා ඔබගේ හොද හැසිරීම් රටාව තුල අද ඔබ වෙනදට වැඩිය අන් අයට ප්‍රිය පුද්ගලයෙක් ලෙස ජිවත් වීමට හැකියාව වාසනාව තියෙනවා.

ජය වර්ණය: කහ පැහැය                 ජය අංකය: 01

 

 

ප්‍රවීණ ජෝතිශ්‍යවේදී : ලක්ස් සේනානායක

දුරකථන අංකය: 077 67 19 151


News Articles
Latest Videos
Most Popular Post