News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
31

ලංකාවේ ලස්සනම ගැහැණු ළමයට දෙන ලංකාවේ වටිනාම ඔටුන්න.

5344 Views


ලංකාවේ ලස්සනම ගැහැණු ළමයට දෙන ලංකාවේ වටිනාම ඔටුන්න.

අපේ රටේ ලස්සන ගැහැණු ළමයින්ගෙන් අඩුවක් නෑනේ. පාරෙ තොටේ යන කොට වුනත් ඔලුවේ කෙස් ගානට ලස්සන ගැහැණු ළමයි හම්බෙනවා. හැම අවුරුද්දකම වගේ මේ රූප සුන්දරියෝ අතරින් ලස්සනම කවුද කියල තෝරන්න තරගයක් තියනවා. ඒ තරග වලින් දිනන ජයග්‍රාහිකාවන්ට අත කට පිරෙන්න තෑගිබෝග එහෙමත් දෙනවා. හැබැයි ඊට වඩා වටින්නෙ රූප රාජිනියට පළඳවන ඔටුන්න. එක තමයි ජයග්‍රාහිකාවගේ සංකේතය වෙන්නෙත්.

ගොඩක් වටිනා ඔටුන්නක් තමයි මේ විදියට පලදවන්නෙ. සමහර වෙලාවට මේ ඔටුන්නෙ මැණික් ගල් පාවා අල්ලලා හැඩවැඩ කරලා තියෙනවා. කොහොම වුනත් ලංකාවේ රූ රැජින තරඟ වල නම් ඒ වගේ වටිනා ඔටුනු පළදවන අවස්ථා ගොඩක් අඩුයි. හැබැයි ලංකාවේ පලවෙනි වරට රුපියල් ලක්ෂ 210 ක් වටිනා කිරුළක් දෙන්න යනවා කියලා අපිට ආරංචි වුණා. ආරංචියේ විදියට නම් “සියත මිස් ශ්‍රී ලංකා” තරගයට තමයි මේ වටිනා කිරුළ හදලා තියෙන්නෙ.

මේ ඔටුන්න හදන්න පාවිච්චි කරලා තියෙන්නෙ කැරට් 24 රත්තරං. ඔටුන්නෙ බර ග්‍රෑම් 1200 කටත් වැඩි කියලයි කියන්නෙ. මේ විදියට බර වැඩි වෙන්න හේතුව වෙලා තියෙන්නෙ එකට ඔබ්බවලා තියෙන මැණික් ගල්. නිල කැට, රතු කැට, පුෂ්පරාග වගේ ලංකාවේ තියෙන වටිනාම මැණික් ගල් විශාල ප්‍රමාණයක් මේ කිරුළේ තියෙනවා. ඒ විතරක් දියමන්ති වලට වඩා වටින වයිට් සෆායර් ගල් පවා මේ ඔටුන්නෙ තියෙනවා කියලයි ආරංචි. මේ වටිනා කිරුළ හදන්න මාස 6 ක් ම ගිහිල්ල තියෙනවා. මේ ඔටුන්නේ තවත් විශේෂත්වයක් තමයි ලංකාවට ආවේණික මෝස්‌තර රටා යොදාගෙන තියෙන එක.

හැබැයි ඉතින් මේ කිරුළ අයිතිකර ගන්න රූප සුන්දරියට නම් ලේසි වෙන එකක් නෑ. මොකද ලක්ෂ 210 ක් වටිනා ඔටුන්නක් ආරක්ෂා කර ගන්නවා කියන එකත් එච්චර ලේසි වැඩක් නෙවෙයිනෙ.


News Articles
Latest Videos
Most Popular Post