News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
31

පොලිස් රැකවල් මැද ඉන්දියාව, ශ්‍රී ලංකාවට එලව එලවා පහර දුන්න හැටි.

1715 Views


පොලිස් රැකවල් මැද ඉන්දියාව, ශ්‍රී ලංකාවට එලව එලවා පහර දුන්න හැටි.

තීරණාත්මක 4 වෙනි තරගය අද ආරම්භ වුනේ ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී. ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ කවදාවත් නොතිබුණ විදියේ ආරක්ෂාවක් අද තරගයට දීලා තිබුණා.

ක්‍රීඩා පිටිය වටේට අඩි 10 න් 10 ට විතර පොලිස් නිලධාරින් රදවලා තියෙනවා. ඒ වගේම ප්‍රේක්ෂකාගාරවල එක් කොටසක පොලිස් නිලධාරින් 35 ක් විතර ඉන්නවා. පහළ ප්‍රේක්ෂකාගාරවල ඊටත් වඩා වැඩි ආරක්ෂාවක් යොදවලා තියෙනවා. ආරංචි විදියට නම් සිවිල් ඇදුමිනුත් පොලිස් නිලධාරින් ක්‍රීඩාංගනයේ ඉන්නවා. ක්‍රීඩාංගනයෙන් එළියෙ තත්වයත් ඊට දෙවෙනි නෑ. එළියෙත් අඩියෙන් අඩියට පොලිසියෙන් ඉන්නවා. ඉතිහාසයේ පලවෙනි වතාවට ක්‍රීඩාංගනයට වතුර බෝතල් ගේන එකත් තහනම් කරලා. කොහොම වුනත් යුද්ධය කාලේවත් නොතිබුණ ආරක්ෂාවක් මැද්දේ තමයි තරගය පටන් ගත්තෙ.

කාසියේ වාසිය දිනා ගත්ත කෝලි මුලින්ම පන්දුවට පහර දෙන්න තීරණය කරා. පළවෙනි කඩුල්ල විදියට ධවාන් ලකුණු 4 කට දැවී ගියා. හැබැයි ඊට පසසේ තමයි නියම යුද්ධය පටන් ගත්තෙ. කොච්චර ලොකු ආරක්ෂාවක් දාලා තිබුණත් ඉන්දියාව, ලංකාවට එළවා එළවා පහර දුන්නා. කෝලි සහ රෝහිත් ශර්මා පිටිය පුරා ගිනිකෙළි සංදර්ශනයක් මැව්වා. වීරත් කෝලි අධිවේගී ලකුණු 136 ක් රැස් කරා. ඔහුගේ ඉනිමට හතරේ පහර 17 ක් සහ හයේ පහර 2 කින් වර්ණවත් වුණා. ඔහුට අනගි සහයක් දුන්න රෝහිත් ලකුණු 104 යි. පාණ්ඩයා ලකුණු 19 යි. රාහුල් ලකුණු 7 යි. ඊට පස්සේ පිටියේ එකතු වුණ දෝණි සහ පාන්ඩේ නොබිදුණු ලකුණු 100 ක සබදතාවක් ගොඩනැගුවා. ආයෙත් ලංකාවේ පන්දු යවන්නන්ට එලව එලවා පහර දුන්න පාන්ඩේ ලකුණු 50 යි. දෝනි ලකුණු 49 යි.

ලසිත් මාලිංග 300 වෙනි කඩුල්ල විදියට විරාත් කෝලි දවා ගත්තා. මැතිව්ස් කඩුලු 2 ක් ලබා ගත්තා. හැබැයි අද දවසෙත් ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීම තිබුණේ දුර්වලම තත්වයක. දුර්වල පන්දු රැකීම් වලදී අතරින් පතර පොඩි හූවකුත් අහන්න ලැබුණා. කොහොම වුනත් පන්දුවාර 50 වෙද්දි ඉන්දියාව ලකුණු 375 ක් ලබා ගත්තා. ඒ කඩුලු 5 ක් විතරක් බිදවැටී. ශ්‍රී ලංකා කණ්ඩායමට ලැබුනෙ ඉතා දුෂ්කර ඉලක්කයක්. අඩුම තරමේ හිතට සැනසීමක් දැනෙන විදිහේ ලකුණු ප්‍රමාණයක්වත් ලබා ගන්න ලංකාවට පුළුවන් වෙයිද කියලා බලමු.


News Articles
Latest Videos
Most Popular Post