News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
2

ක්‍රීඩා ලෝලීන් අඩන කොට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාවත් එක්ක Party දාපු හැටි

1931 Views


ක්‍රීඩා ලෝලීන් අඩන කොට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාවත් එක්ක Party දාපු හැටි

දේශපාලනඥයෝ රූපවාහිනී වැඩසටහන් වලට ඇවිත් මරා ගන්නවා. හැබැයි මැදිරියෙන් එළියට එන්නෙ කරට අත දාගෙන “තේ ඒකක් බොමුද මචං” කියාගෙන. ක්‍රිකට් කියන්නෙත් දැන් ඒ වගේ වැඩක්ද කියලා අපිට හිතෙනවා.
පිට්ටනියේදී යෝකර් වලින්, බවුන්සර් වලින්, හයේ හතරේ පාරවල් වලින් ගහගන්න අය Match එකෙන් පස්සෙ Party දානවා. අපිට මෙහෙම හිතුනෙ Instagram එකේ තිබුණ Photo එකක් දැකලා. ශිකර් ධවාන් මේ Photo  එක දාලා තිබ්බෙ ලසිත් මාලිංගගේ ගෙදර තිබුණ Dinner එකකට ගිහිල්ලා. මාලිංග මේ Party එක දාලා තිබ්බෙ පහුගිය දා තිබුණ ඔහුගේ 34 වෙනි උපන්දිනේට. ලංකාවේ ක්‍රිකට් කණ්ඩායම වගේම ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමත් මේ Party එකට ඇවිත් හිටියා. හාර්දික් පාණ්ඩයාත් මාලිංග එක්ක සෙල්ෆියක් ගහලා සුභ පතලා Twitter පණිවිඩයක් දාලා තිබුණා.
මාලිංග IPL සෙල්ලම් කරන නිසා ගොඩක් ඉන්දියානු ක්‍රීඩකයෝ ඔහු එක්ක යාලුයි. ඒක අපි මැච් එකේදිත් දැක්කා. ඔය Party කොහොම වුනත් හෙට මැච් එක දිනා ගත්තේ නැත්නම් ලංකාවේ ක්‍රීඩා ලෝලීන් හිතින් හොද පාර්ටියක් දේවි.


News Articles
Latest Videos
Most Popular Post