News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
3

චීන මහා ප්‍රාකාරය යට තියෙන්නේ මළමිනීද? විශ්ව කර්ම රහසක්ද?

3237 Views


චීන මහා ප්‍රාකාරය යට තියෙන්නේ මළමිනීද? විශ්ව කර්ම රහසක්ද?

ලෝකයේ පුදුම හිතෙන දේවල් ගොඩක් තියෙනවා. හැබැයි ඉතින් හොදට හොයලා බැලුවොත් ගොඩක් දේවල් බොරුවට මවාපාන දේවල්. කාලයක් තිස්සෙ මුළු ලෝකෙම මහා ලොකුවට හිතන් හිටපු චීන මහා ප්‍රාකාරය ගැන තිත්ත ඇත්ත දැන් එලියට ඇවිත් තියෙනවා. ටෙලිග්‍රාෆ් වෙබ් අඩවිය තමයි මේ හෙළිදරව්ව කරලා තියෙන්නෙ.

හඳට, චීන මහා ප්‍රාකාරය පේන්නෙ නෑ.
ගොඩක් අය කියනවනෙ හඳට චීන මහා ප්‍රාකාරය පේනවා කියලා. හැබැයි මේ වෙනකන් දැකපු කෙනෙක් නම් නෑ. අඩු ගානේ සැටලයිට් Photo එකක වත් පෙන්නේ නෑ. එහෙනම් කවුද මේ පට්ටපල් බොරුව කියලා තියෙන්නෙ. ඇමෙරිකානු ජාතික කාටුන් ශිල්පියෙක් වගේම මානව විද්‍යාඥයෙක් වුන රොබට් රිප්ලි තමයි සගරාවකට මේ කතාව කියලා තියෙන්නෙ. ඒ 1932 අවුරුද්දෙදි. හැබැයි මිනිසා මුලින්ම හඳට යන්නෙ 1969 දී. හැබැයි 2003 දී අභ්‍යාවකාශයට ගිය චීනයේ යැං ලිවෙයි කියන්නෙ චීන මහා ප්‍රාකාරය පෘථිවියේ ඉදන් කිලෝමීටර් ලක්ෂ දෙකක් විතර දුරට යද්දි නොපෙනී යනවා කියලා. හඳේ ඉදන් පෘථිවියට කිලෝමීටර් 3,84,400 ක දුරක් තියෙනවා. ඒ නිසා හඳට නම් කොහොමත්ම චීන මහා ප්‍රාකාරය පේන්න පුළුවන් කමක් නෑ.

Great Wall කියන්නෙ වයින් ජාතියක්
චීන මහා ප්‍රාකාරයට Great Wall කියලත් කියනවා නේ. හැබැයි චීනයේ කවුරුවත් ඒ නම කියන්නෙ නෑ. චීන ජාතිකයෝ කියන්නෙ Chang Cheng කියලා. එකේ තේරුම තමයි Long Wall කියන එක. කොහොම වුනත් කවුද මේකට Great Wall කියලා නම තිබ්බේ කියල නම් පැහැදිලි සදහනක් නෑ. චීනයේ නම් Great Wall කියන්නෙ රසවත් වයින් ජාතියකට.

සියවස් 9 ක් තිස්සෙම හදලා.
චීන මහා ප්‍රාකාරය හැදුවා කියලා කියන්නෙ Qin Shi Huang අධිරාජ්‍යයාගේ කාලෙදිනේ. ඒ ක්‍රිස්තු පුර්ව 7 වෙනි සියවසේදී. එතුමගෙ කාලේ පටන් ගත්තට 16 වෙනි සියවසේදී තමයි මේකේ වැඩ අවසන් වෙන්නෙ. ඒ වෙද්දි චීන අධිරාජ්‍යයෝ කිහිප දෙනෙක්ම මේ තාප්පය හදලා තියෙනවා.

චීනේ දේශ සීමා මායිම ආරක්ෂා කරන්න නෙවෙයි හදලා තියෙන්නෙ.
චීනයේ උතුරු මායිම ආරක්ෂා කරන්න චීන මහා ප්‍රාකාරය හැදුවා කියලනේ කියන්නේ. මේ ප්‍රාකාරය මීටර් 8 ක් උසයි. පළල මීටර් 9 ක්. ඉතිං ඒ කාලේ තිබ්බ සටන් වල හැටියට ඔය මීටර් 8 උඩට නගිනවා කියන එක නම් කජු කනවා වගේ වැඩක්. ඒ නිසා ටෙලිග්‍රාෆ් වෙබ් අඩවිය නම් කියන්නෙ වෙන මොකක් හරි රහස් හේතුවක් මේ තාප්පය හදන්න තියෙන්න ඇති කියලා.

මැරිච්ච මිනිස්සු තාප්පය යට වලදාලා නෑ.
චීන මහා ප්‍රාකාරය හදද්දි ගොඩක් මිනිස්සු මැරුණා කියනවනේ. මිලියනයක් විතර මිනිස්සු අධික වෙහෙස නිසා සහ විවිධ අනතුරු නිසා මරුනලු. ඒ විදියට මිය ගිය කම්කරුවන්ගේ මෘත ශරීර චීන මහා ප්‍රාකාරය යටම වැළලුවා කියලා තමයි කියන්නෙ. හදිසි අනතුරු වලින් මිනිස්සු මැරුණට ඒ මළ සිරුරු තාප්පය යටම වළදාලා නෑ කියලයි ටෙලිග්‍රාෆ් වෙබ් අඩවිය කියන්නෙ. එක නිකන් කාව්‍යමය අදහසක් විදියට “සිරුරු මිලියනයක් මතින් ඉදිකළ ප්‍රාකාරය” කියලා කියනවා.


News Articles
Latest Videos
Most Popular Post