News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
3

කොළඹින් මැණික් ආකාරයක් හමුවෙයි. ඡායාරූප මෙන්න….

2221 Views


කොළඹින් මැණික් ආකාරයක් හමුවෙයි. ඡායාරූප මෙන්න….

ලංකාවේ ගොඩක් අය ආදරේට තමන්ගේ පෙම්වතියට කතා කරන්නේ සුදු මැණික කියලා. හැබැයි ඉතින් ලංකාවේ තියෙන වටිනාම මැණික, නිල් මැණික. එංගලන්තෙ රජ පවුලෙ ඩයනා කුමරියගෙ මංගල මුද්දට දාලා තිබුනෙත් ලංකාවෙන් ගෙනියපු Blue Sapphire වරගයේ නිල් මැණිකක්.

මේ තියෙන්නෙ ඩයනා කුමරිය ඒ මුද්ද දාගෙන ඉන්න පින්තූරයක්…

ලංකාවේ නම් මැණික් වලට වැඩිපුරම ප්‍රසිද්ධ රත්නපුරය. හැබැයි අද, ඊයේ, පෙරේදා ලංකාවේ වැඩිපුරම මැණික් ගැන කතා වුනේ කොළඹ BMICH එකේදී . ඒ අගෝස්තු 31 ඉදලා අද (සැප්තම්බර් 03) හවස වෙනක් තිබුන මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශණයේදී. ලංකාවේ වගේම පිට රට අයත් මේ ප්‍රදර්ශණයට ඇවිල්ලා තිබුනේ, ලෝකේ හොදම මැණික් ලංකාවෙන් හම්බවෙන හින්දා. ඉතාමත් දුර්ලබ, ලස්සන විවිධ මාදිලියේ මැණික් සහ මැණික් එබ්බ වූ ස්වර්ණාභරණ අල්ලලා බලන්නත් සමහර වෙළඳකුටි වල අවස්ථාව දීලා තිබුනා. හැබැයි ඒ අධි ආරක්‍ෂිත ක්‍රමවේදයන් යටතේ මේ ප්‍රදර්ශනය පැවැත්වුණු හින්දයි.

ඉතින් මේ ප්‍රදර්ශණයට යන්න බැරි වුන ඔබ වෙනුවෙන්, සියත 24 අපි එතනට ගියා. මේ තියෙන්නේ එහි ගිහින් අපි ඔබට අරගෙන ආපු මැණික් ටික.

( ඡායාරූප : කවීත් මිලින්ධ – Event One )

 


News Articles
Latest Videos
Most Popular Post