News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
3

ජ්‍යෙෂ්ඨයෝ නම්බුව බේරද්දී නවකයෝ සටන පාවා දුන් හැටි.

3104 Views


ජ්‍යෙෂ්ඨයෝ නම්බුව බේරද්දී නවකයෝ සටන පාවා දුන් හැටි.

ශ්‍රී ලංකා ක්‍රිකට් වලට මේ ගෙවෙන්නේ ලොකු අපල කාලයක්. ඉන්දියාව එක්ක පැවැත්වෙන එක්දින තරගාවලිය තමයි ලංකාව මෙච්චර කාලෙකට සෙල්ලම් කරපු අදුරුම තරගාවලිය. දැවැන්ත පරාජයන් රැසක් වගේම ශ්‍රී ලංකාවේ ප්‍රේක්ෂකයන්ගේ විරෝධය මැද්දේ තමයි තරගාවලිය ගෙවිලා ගියේ. කොහොම වුනත් කලින් තරගයට වඩා සෙනගක් නම් මේ තරගය බලන්න ඇවිත් හිටියා. ඒ වුනත් කලින් වගේම ලොකු ආරක්ෂාවක් මේ තරගයටත් දීලා තිබ්බා.

පස්වන හා අවසන් එක්දින තරගයට ලංකාව අද ආවේ කුසල් මෙන්ඩිස් වෙනුවට තරංග කණ්ඩායමට එකතු කරන්. කාසියේ වාසිය තරංගා ලබා ගත්තා. මුලින්ම පන්දුවට පහර දෙන්න දික්වැල්ල එක්ක තරංග. තරගාවලිය පුරාම අසාර්ථක වුන තරංග අද තරගයේ වේගවත් ලකුණු 48 ක් රැස් කරා. ඒ හතරේ පහර 9 ක් එක්ක. මේ තරගාවලියේ ලංකාවේ එකම ශතක සබඳතාව ගොඩනගන්න තිරිමාන්න සහ මැතිව්ස් සමත් වුණා. තිරිමාන්න ලකුණු 67 යි. මැතිව්ස් ලකුණු 55 යි. මිලින්ද සිරිවර්ධන ලකුණු 18 යි. අනෙක් කිසිම ක්‍රීඩකයෙක්ට ලකුණු 10 සීමාවට එන්න බැරි වුණා.

ලංකාවේ ඉනිම සුනු විසුනු කරපු බුවනේශ්වර් කඩුලු 2 යි. ලංකාවට සියලුම දෙනා දැවී රැස්කර ගත්තේ ලකුණු 238 ක් විතරයි. ඉන්දියාවට නම් මේක අමාරු ඉලක්කයක් නෙවෙයි. ඒ කොහොම වුනත් ලංකාවට කොච්චර දක්ෂතාවයක් පෙන්වන්න පුළුවන් වෙයිද කියලා.


News Articles
Latest Videos
Most Popular Post