News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
5

අද ඔබට ජනප්‍රිය වෙන්න වාසනාව තියෙනවා. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

1721 Views


අද ඔබට ජනප්‍රිය වෙන්න වාසනාව තියෙනවා. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

අද 2017සැප්තැම්බර් මාසයේ 05අගහරුවාදා

රාහු කාලය පෙ.ව 03.02 සිට 04.32

සුභ දිශාව නැගෙනහිර

මරු සිටින දිශාව බස්නාහිර

 

 

මේෂ ලග්නය

අද ඔබගේ වෘත්තීය කටයුතු සම්බන්ධයෙන් බොහෝ ප්‍රවේසම් විය යුතුයි. ඔබගේ වෘත්තීය කටයුතු වලට බොහෝ බාධක ගැටළු ඇති වෙනවා. ඔබ වෘත්තීය මට්ටමින් ව්‍යාපාර මට්ටමින් දැඩි පීඩාවකට පත් වෙනවා. ඔබට වෘත්තීය මට්ටමින් ලැබෙන ගෞරවය අන් අය විසින් සොරා ගන්නවා. ඒ නිසා දිනයේ දියුණුව වෙනුවෙන් බුද්ධිමත්ව හා අන් අය සමග සහයෝගයෙන් යුතුව ඔබ වැඩ කටයුතු කල යුතු වෙනවා. එසේ වුනොත් ඉගෙනීම කලා කටයුතුවලින් ඔබට යම් දියුණුවක් ලබන්න පුළුවන්. හවුල් කටයුතු වලින් මහජනයා සමග කරන කටයුතු වලින් ඔබට අවශ්‍ය  කරන ලාභය සහ කිර්තිය ලබා ගන්න පුළුවන්.

ජය වර්ණය තැඹිලිපැහැය                         ජය අංකය 05

වෘෂභ ලග්නය

ඔබගේ උත්සාහය උනන්දුව ගැන විශ්වාසයෙන් අද ඔබ ඔබගේ වෘත්තීය කටයුතුවල යෙදෙන්න. ඔබගේ උත්සාහය නිසා ඔබගේ වෘත්තීය කටයුතු සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට පත් වේවි. තවද ඔබට වෙනදට වැඩි පොඩි බඩගින්නක් දැනෙන්න පුළුවන්. අන් අයගේ කතාවල අඩුපාඩුකම් හොයන්න යන්න එපා. ඔබගේ අවංකකම පෞරුෂය වීර්යය මුල් කොට ගෙන ගෙදරදොර ඉඩකඩම් දේපල වල දියුණුවක් ලබන්නත් ඔබට හැකියාව තිබෙනවා.

ජය වර්ණය සුදුපැහැය                  ජය අංකය 03

 

මිථුන ලග්නය

ඔබගේ බුද්ධිමත්කම ලෙන්ගතුකම තමා දන්නදේ අරගෙන ඉදිරියට යන්න ඔබ පෙරමුණ ගන්න ගතිය මුල්කොට ගෙනම ඔබට ඔබගේ විදෙස් ගමන් සාර්ථක කර ගන්න පුළුවන්. පිං අතේ කටයුතු සාර්ථක කරගන්න පුළුවන්. අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගන්න පුළුවන්. ඒ විතරක් නෙමේ දීර්ඝ ගමන් සැලසුම් කරන්න හොද දිනයක්. අද ඔබ වෙනදට වැඩිය ගුරුවරුන් ඉදිරියේ ඔබ ජනප්‍රිය වෙන්න තියෙන දිනයක්. මන්ද ඔබ අන් අයට උදව් උපකාර කිරීමට බොහෝ මිත්‍රශීලි වෙනවා. ඒ නිසා ඉගෙනීම ක්‍රිඩා කලා කටයුතුවල පැහැදිලි දියුණුවක් ලබන්නත් ආදරය කරන ඔබට ලෙන්ගතුකම තුල ප්‍රීති වෙන්න පුළුවන් දිනයක්. රජයේ උදව් උපකාර ලැබෙනවා. මවට සුභදායී දිනයක්. ගෙදරදොර දියුණුවක් ඇතිකර ගන්න පුළුවන්.

ජය වර්ණය සුදු පැහැය                ජය අංකය 05

කටක ලග්නය

අද ඔබ ජිවත් වෙන්නෙ අනවබෝධය පවතින පරිසරයක් තුල ඉස්සරහට යන්න මාර්ගය කියා දෙන්න කිසි කෙනෙක් ඉදිරිපත් වෙන්නෙ නැහැ. ඔබ මේ තත්වය හරියට තේරුම් නොගත හොත් ගෙදරදොර සම්බන්ධයෙන් ලබන්න තියෙන දියුණුවෙන් අඩුවක් ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම මව් පාර්ශවයේ නෑයින් ආශ්‍රයේදී ප්‍රවේසම් වෙන්න. නොගැලපීම් නිසා මිත්‍රකම් අඩු වෙන්න පුළුවන්. හිත කැඩී බිදී යාම් වලට ලක් වෙන්න ඉඩකඩ තියෙනවා. ඒ විතරක් නෙමෙයි උත්සාහය තුල ලබන්න තියෙන ජය අඩු වෙන්න පුළුවන් ප්‍රමාද වෙන්න පුළුවන්. අනිත් අතින් ඔබගේ පෙර සුදානමක් නැතිකම නිසාම ක්‍රීඩාව ඉගෙනීම කලා කටයුතු සම්බන්ධයෙන් ඔබ බලාපොරොත්තුවන අපේක්ෂිත ප්‍රථිපලය කරා ගමන් කරන්න නොහැකි වෙන්න පුළුවන්. අවබෝධයෙන් යුතුව තම දෛනික කටයුතු සම්බන්ධයෙන් කලට වෙලාවට වැඩකටයුතු කර උත්සාහයෙන් කටයුතු කරන්න.

ජය වර්ණය සුදු පැහැය                 ජය අංකය 04

 

සිංහ ලග්නය

අද ඔබගේ උත්සාහය තුල තමයි රදා පවතින්නේ. හවුල් කටයුතු වල ජය කොටස් වෙළදපොලවල ලාභය මහජනයා සමග සේවය කිරීමෙන් ඔබට ලබන්න පුළුවන් කිර්තිය රැදී පවතින්නේ ඔබගේ උත්සාහය තුලයි. ඔබගේ උත්සාහය උනන්දුව තුල ඔබ වැඩ කටයුතු කලොත් ඔබට ලියන කියන විද්‍යුත් මුද්‍රණ සේවය තුල ඔබ දැනටමත් සේවය කර සිටිනවා නම් අද ඔබගේ උත්සාහයන් සාර්ථක කරගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි අවංකව පුරුෂ වීර්යයෙන් දෙමව්පියන්ට කීකරු වෙමින් වැඩ කටයුතු කලොත් ඔබගේ ගෙදරදොර දියුණුව අද ඔබට ඇති කර ගන්න පුළුවන්. හිතේ සතුට ඔබට ඇති කරගෙන ප්‍රීතියක් විනෝදයක් ලබන්න පුළුවන් දිනයක්.

ජය වර්ණය සුදුපැහැය                  ජය අංකය 07

 

කන්‍යා ලග්නය

ඔබගේ හැසිරීමේ දුර්වලතා නපුරුතා හේතුකොට ගෙන ඔබට බොහෝ ගැටළු වලට මුහුණ දෙන්න වන දිනයක්. ඔබ කා සමගත් එකටෙක කියන්න යන්න එපා. කෙනෙක් ඔබට බැන්නොත් ඔබත් බනින්න යන්න එපා. ඒ තුල ඔබ අපකීර්තියකට පත් වීමේ හැකියාවක් පවතිනවා.විශේෂයෙන්ම ණය ගණුදෙනු වලට යන්න හොද නැති දිනයක්. සුරතල් සතුන් ඇති කිරීමෙන් ප්‍රවේසම් විය යුතුයි. නැන්දම්මා ආශ්‍රයේදී ඔබ හා නැන්දම්මා අතර ගැටළු ඇති වෙන්න පුළුවන්. දිනයේ සාර්ථකත්වය වෙනුවෙන් ඔබ ඔබගේ වචනය තුල ධනාත්මක වෙන්න සංවර වෙන්න. සිතට අවංකව කාගේත් හිත රිද්දන්නේ නැතුව වැඩකටයුතු කරන්න උත්සහ කරන්න. ඒ තුල ඔබට සතුටක් ලබන්න පුළුවන් වෙනවා.

ජය වර්ණය කහපැහැය                 ජය අංකය 02

තුලා ලග්නය

ඔබගේ කටේ නපුරුකම නිසා අසංවර වචන භාවිතය නිසා ඔබ ආදරය තුල දුකට පත් වෙනවා. ගුරුවරුන් හා ඔබ අතර අනවශ්‍ය ප්‍රශ්ණ ඇති වෙනවා. ඔබ ඉගෙනීමෙන් ක්‍රීඩාවෙන් කලා කටයුතු වලින් පරාජයට පත් වෙන්න පුළුවන්. අපේක්ෂිත දියුණුව නොලැබී යන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ඔබ කන බොන දේ සොයා බලන්නවත් කෙනෙක් ඉදිරිපත් නොවන දිනයක්. ඔබට මුල්‍ය ගණුදෙනු වලින් පාඩු විදින්න තියෙනවා. විශේෂයෙන්ම මුල්‍ය බැංකු අලෙවි උපදේශන සේවාවල සිටින ඔබ ප්‍රවේසම් විය යුතුයි. අපකීර්තියක් හෝ පාඩු ලබන්න තියෙන දිනයක්. ඔබගේ දිනයේ දියුණුව වෙනුවෙන් තමාට ගෞරවයක් ලැබෙන පරිදි වැඩ කටයුතු කරන්න ඔබ උත්සහ දැරිය යුතුයි. උත්සාහයෙන් යුතුව සහෝදර ප්‍රේමයෙන් යුතුව වැඩ කටයුතු කරන්න පෙළඹිය යුතුයි.

ජය වර්ණය සුදු පැහැය                 ජය අංකය 01

වෘශ්චික ලග්නය

 

ඔබගේ ධනාත්මක චිත්ත ඒකාග්‍රතාවයකින් යුතුව ඔබගේ හැසිරීම් රටාව ඔබ සැලසුම් කර ගත්තොත් ඔබ ඉතා හොද අයෙක් ලෙස අන් අයට පෙනී සිටීමට හැකි ලෙස ඔබ ඔබව ගොනු කර ගත්තොත් පැහැදිලිව ඔබට දෙමව්පියන්ගේ උදව් උපකාර නිසැකවම ලැබෙනවා. දෙමව්පියන්ගෙන් ලැබෙන්න තියෙන උරුමයන් ලබන්න පුළුවන් දිනයක්. ගෙදරදොර ඉඩකඩම් දේපල වල වැඩකටයුතු වලදී ඔබ ප්‍රමුඛත්වයක් අරගෙන කරන වැඩ කටයුතු වලට අන් අයගේ සහයෝගය නිතැතින්ම ලැබෙනවා. ඔබට හිතවත් අයට ඔබට මනාප අයට ඔබ වියදම් කරන්න කැමති වෙනවා. කාටත් උදව් කරද්දී කිසි කෙනෙකුට නොකිය උදව් කරනවා. ඔබගේ කතාවේ දක්ෂතාවයෙන් ධනය උපයන්න පුළුවන් වෙන්න පුළුවන්. ඔබ අන් අයට උපදෙස් දීමටද දක්ෂ වෙනවා. පවුලට හිතවත් වෙනවා. ආගම දහමට ලැදිව කටයුතු කරන්න ඔබ උත්සහ දරන දිනයක්.

ජය වර්ණය රතුපැහැය                 ජය අංකය 01

ධනු ලග්නය

ඔබගේ ගෘහ හා විවාහ ජීවිතය තුල පවතින පසුබිම් පරිසරය බාධක ගැටළු සහගත් වුනත් ඔබ දෙවියන් කෙරේ විශ්වාසය තබමින් ධනාත්මකව හා සියලු දෛනික කටයුතු ගොනු කර ගනිමින් වැඩ කටයුතු කිරීමෙන් ඔබට ඔබ තුල හික්මීමක් ඇති කර ගනිමින් ඔබට ඔබගේ වචනය තුල උසස් අය ඉදිරියේ ඇගයීමකට කීර්තියකට පත් වෙන්න පුළුවන්. ධනය ලබන්න පුළුවන් දිනයක්. උසස් අයගේ වැඩිහිටියන්ගේ උදව් උපකාර ඔබට ලැබීමට හැකි වෙනවා. පිං කිරීම අතින් ඔබ අන් අය අතරේ කැපී පෙනීමට ලක් වෙනවා. උසස් ඉගෙනීමෙන් ඔබ සාර්ථකත්වයට පත් වෙනවා. ඔබගේ විදෙස්ගත සැලසුම් සාර්ථක කරනවා. වෘත්තීය මට්ටමින් වැඩිපුර රාජකාරී ලබමින් සාර්ථකත්වය හා ගෞරවය ලැබීමට අද ඔබට හිමිකමක් ගෞරවයක් ලැබෙනවා. ඒ තුල ඔබ වැඩ කටයුතු කලොත් ඔබ පින්වන්තයෙක් ලෙස අන් අය අතරේ විද්‍යමාන වෙනවා. ධනාත්මක බවත් වගකීම් දැරීමේ හැකියාවත් තුල අද ඔබ ගමන් කරන්න .

ජය වර්ණය රතු පැහැය                ජය අංකය 09

මකර ලග්නය

අද ඔබ පහසුවෙන්ම ඔබගේ අනවබෝධය නිසා වැඩ කටයුතු නිසා දිනයේ දියුණුව අඩු කර ගන්නත් අන් අය ඉදිරියේ රැවටීමට පත් වෙන්න පුළුවන්. ඔබට බලාපොරොත්තුවන අන් අයගේ සහයෝගය ලබන්න ඔබ ප්‍රමාද වෙනවා. ඒ නිසාම ඔබ හවුල් කටයුතු වලින් වාසි ලබන්න පුළුවන් අයෙක් බවට පත් වන්නේ නම් නැහැ. දිනයේ සාර්ථකත්වය වෙනුවෙන් ඔබ උදේ පාන්දරම තමාගේ ආගම දහම අනුව දෙවියන් සිහිකර බුදුන් සිහිකර ආශිර්වාදය ලබා ගනිමින් කුසලය වැඩි කර ගන්න ක්‍රමයක් යොදා ගනිමින් ඔබ ධනාත්මකව සිතමින් කටයුතු කරන්න. එවිට ඔබට උසස් අයෙකුගේ වාසියක් ලාභයක් ලැබී අද දිනයේ සාර්ථකත්වය වෙනුවෙන් ඔබට ජයග්‍රහණය කරා යන්න පුළුවන්. උසස් ඉගෙනීමේ කටයුතු විදෙස්ගත සැලසුම් ඔබට සාර්ථක කර ගැනීමට හැකි වෙනවා. දීර්ඝ ගමන් සාර්ථක වෙනවා. පිං කිරීමෙන් ඔබ හෙට දිනය සාර්ථක කර ගන්නවා.

ජය වර්ණය කොළ පැහැය                       ජය අංකය 09

කුම්භ ලග්නය

ඔබ අන් අයගේ ගැටළු තමාගේ ඔඩොක්කුවට දාගන්න දිනයක්. මේ නිසාම ඔබ ගෙදරට නොරුස්සුම් සහිත කෙනෙක් බවට පත් වෙනවා. විවාහ වී සිටින ඔබ අතර විරසකයන් ඇති වීමට ඉඩ තිබෙනවා. අනුන්ගේ ගැටළු වලට ඔබ සහයෝගය දක්වනවා. දේශපාලනය තුල ඉන්න ඔබට නම් එයින් වාසි හිමි වෙනවා. හවුල් කටයුතු වලින් කොටස් වෙළදපොල කටයුතු වලින් මහජනයා සමග කරන සේවා වලදී ඔබ පරිස්සමින් කටයුතු කලයුතු වෙනවා. මන්ද ඔබගේ ජයග්‍රහණය වන්නේ අන් අයගේ සහයෝගය ලබා ගෙන කටයුතු කිරීමයි.

ජය වර්ණය තැඹිලි පැහැය                        ජය අංකය 07

 

මීන ලග්නය

අද ඔබගේ මිතුරන්ට ඔබ නැතුවම බැරි වෙනවා.ඒ නිසා ඔබට පහසුවෙන්ම හවුල් කටයුතු වලින් වාසි ඇතිකර ගන්න පුළුවන්. කාමභෝගීව ජිවත් වීමට හැකියාව ලැබෙනවා. අද ඔබ විවාහයක් ගැන සිතුවොත් අවිවාහක ඔබට දෑවැද්දක් සහිත හොද කඩවසම් කෙනෙක් ලැබෙනවා. කොටස් වෙළදපොල කටයුතු වලින් ඔබට වාසි ලාභ ඇති කරනවා. මහජනයා සමග කරන වැඩ කටයුතු වලින් කිර්තිය ධනය ඔබට ලබන්න පුළුවන් වෙනවා.

ජය වර්ණය සුදුපැහැය                  ජය අංකය 07

 

ප්‍රවීණ ජෝතිශ්‍යවේදී : ලක්ස් සේනානායක

දුරකථන අංකය : 0776719151


News Articles
Latest Videos
Most Popular Post