ක්‍රිකට් සෙල්ලම් කරන හැමෝම දත කන්නෙ කොහොම හරි ICC ශ්‍රේණිගත කිරීම් වල උඩට එන්න.හැබයි ඉතිං ඒක ලේසි වැඩක් නම් නෙවෙයි. ICC අලුත්ම ශ්‍රේනිගතකිරීම් ඊයේ පෙරේදා වුණා. ඒ ගැන පොඩ්ඩක් හොයලා බලන්න සියත 24 අපි හිතුවා.
මේ දවස්වල ගොඩක් අය බලන් ඉන්නෙ එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් ගැන. මොකද සැප්තැම්බර් 30 වෙද්දි උඩින්ම ඉන්න කණ්ඩායම් 8 ට තමයි කෙලින්ම 2019 ලෝක කුසලානයට යන්න ටිකට් ලැබෙන්නෙ. මේ වෙද්දි එක්දින ශ්‍රේණිගත කිරීම් වල අංක 1 දකුණු අප්‍රිකාව. දෙවෙනි තැන ඔස්ට්‍රේලියාව. ලංකාවට එලව එලවා පහර දුන්න ඉන්දියාව 3 වෙනි ස්ථානයේ. හතර ගාතෙන් වැටෙන්නම කාපු ලංකාව ඉන්නෙ 8 වෙනියට. ලංකාවට යටින් ඉන්නේ බටහිර ඉන්දීය කොදෙව්වන්. හැබැයි ඔවුන් එංගලන්තය සහ අයර්ලන්තය එක්ක තියෙන තරග සේරම දිනුවොත් ලංකාවට වෙන්නේ ඉන්න තැන කොදෙව්වන්ට දීලා තවත් පල්ලෙහාට බහින්න.
එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම් වල උඩින්ම ඉන්නෙ විරාට් කෝලි. ලංකාවට ගහපු ගැහිල්ලට එහෙම නොවුනොත් තමා පුදුම. පිතිකරණ ශ්‍රේණියේ මුල් 20 ඇතුලේ ලංකාවේ එකම ක්‍රීඩකයෙක්වත් නෑ. ඒකෙන්ම තේරුම් ගන්න පුළුවන් ලංකාව කොච්චර නම් පල්ලෙහාට වැටිලද කියලා. ලංකාවේ උඩින්ම ඉන්නෙ ඇන්ජලෝ මැතිව්ස්. ඒ 23 වෙනි ස්ථානයේ. හැබැයි මැතිව්ස්ට උඩින් බංගලාදේශ ක්‍රීඩකයෝ 3 දෙනෙක්ම ඉන්නවා. ඊට පස්සෙ List එකේ ලංකාවේ ක්‍රීඩකයෙක්ට ඉන්නේ කුසල් මෙන්ඩිස්. ඔහු ඉන්නෙත් 33 වෙනියට. ඊට උඩින් ඇෆ්ගනිස්ථාන, සිම්බාබ්වේ ක්‍රීඩකයෝත් ඉන්නවා.
එක්දින පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් වල අපේ හොදම පන්දු යවන්නා වුන ලසිත් මාලිංග ඉන්නෙ 59 වෙනියට. මාලිංගට උඩින් ඇෆ්ගනිස්ථාන ක්‍රීඩකයෝ 3 දෙනෙක්ම ඉන්නවා. ලිස්ට් එකේ උඩින්ම ඉන්න ලංකාවේ පන්දු යවන්න සුරංග ලක්මාල්. හැබැයි ඔහු ඉන්නෙත් 43 වෙනියට. ඇන්ජලෝ මැතිව්ස් 53 වෙනි ස්ථානයේ ඉන්නවා. අඩුම තරමේ මුල් 30 දෙනා අතරටවත් එන්න ලංකාවේ පන්දු යවන්නන්ට බැරි වෙලා තියෙනවා. ඒ වුණාට පලවෙනි 10 දෙනා ඇතුලේ ඇෆ්ගනිස්ථාන පන්දු යවන්නෙක් ඉන්නවා. අකිල ධනංජය පන්දු යවන්නෝ 100 අතරට ඇවිත් ඉන්න එකනම් ලොකු දෙයක්. පන්දු යවන්නෝ අතර අංක එකේ ඉන්නෙ ඕස්ට්‍රේලියාවේ Josh Hazlewood.
තුන් ඉරියව් ක්‍රීඩකයන්ගේ ලයිස්තුවේ උඩින්ම ඉන්නෙ බංගලාදේශයේ ෂකීබ් අල් හසන්. අනජලෝ මැතිව්ස් 4 වෙනි ස්ථානයේ ඉන්නවා. හැබැයි අපිට සතුටු වෙන්න නම් බෑ. මොකද මැතිව්ස්ට උඩින් 3 වෙනියට ඉන්නේ ඇෆ්ගනිස්ථානය ක්‍රීඩකයෙක්. තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ ලයිස්තුවේ මැතිව්ස් විතරයි ලංකාවේ ක්‍රීඩකයෙක්ට ඉන්නෙ.
පහුගිය කාලේ පුරාවට ලංකාවේ ක්‍රීඩකයෝ කිසම අංශයකින් තමන්ගේ පෞද්ගලික දක්ෂතාවත් පෙන්නලා නෑ. අලුත්ම ශ්‍රේණිගත කිරීම් වලින් එක හොදටම පැහැදිලි වෙනවා. ලංකාව ඉන්නෙ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියට යන්න වෙන තත්වයක. හැබැයි මේ විදියට ගියොත් නම් ඒ තරගත් උඩින්ම පරදින්න වෙයි. මොකද සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී ලංකාවට තරග කරන්න වෙන්නෙ ඇෆ්ගනිස්ථානය, අයර්ලන්තය, සිම්බාබ්වේ වගේ රටවල් එක්ක. ඒ වුනාට ශ්‍රේණිගත කිරීම් වල ලංකාවේ ක්‍රීඩකයන්ට වඩා ගොඩාක් ඉහලින් ඒ රටවල ක්‍රීඩකයෝ ඉන්නවා. ඒ නිසා බලධාරීන් වගේම ක්‍රීඩකයනුත් තමන්ගේ දක්ෂතා දියුණු කරගන්න ලොකු වෙහෙසක් දරන්න වෙනවා. නැත්තනම් ඉතින් රිලවුන්ටයි, ගිරවුන්ටයි දෙගොල්ලොන්ටම ක්‍රීඩා ලෝලීන්ගෙන් හැංගෙන්න බෙන හොයා ගන්න වෙනවා.