News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
6

කාලි මෑණියන් දොර ඇරලා දෙනකං, අවුරුදු 27ක් එලියට වෙලා බලන් ඉන්න යුවලක්…

2681 Views


කාලි මෑණියන් දොර ඇරලා දෙනකං, අවුරුදු 27ක් එලියට වෙලා බලන් ඉන්න යුවලක්…

” සැරයටියෙන් අපි යනෙන තුරා…” ඔබට මතකද මේ පද පේලි. කසාද ජීවිතේදී තමන්ට මුහුණපාන්න වෙන සතුටු අවස්ථා වගේම දුක අවස්ථා වලදීත් එකටම ඉඳගෙන මැරිල යන එක තමයි ආදරණීය යුවලකගේ එකම බලාපොරොත්තුව. අපි මේ ඔබට කියන්න යන කතාවේ සැමියා – බිරිඳ දෙන්නම රැකියාවක් කලා. එත් දෙන්නගේ රැකියාව මිට ඇවුරුදු 27 කට කලින් නැතිවෙනවා. හේතුව දේව සාපයක්.

කථාව පටන්ගන්නෙ 1983 අවුරුද්දෙන්. මේ දෙන්නගේ නම ඇලිස් නෝනා සහ ජයතිලක දෙපල. දැන් මේ දෙන්නගෙම වයස අවුරුදු 76ක් වෙනවා. මේ දෙන්නගෙ ජීවිකාව වුනේ දේවාරූඩයෙන් සාස්තර කියන එක. 1983 අවුරුද්දෙ ඉඳල 1990 අවුරුද්ද වෙනකන්ම මේ වැඩේ කරගෙන ගියා. ඒත් 1990 අවුරුද්දෙ එක දවසක කාළි මෑනියණ් එයාලගේ දේවාලෙ දොර හිර කරාලු. එදා ඉඳන් මේ දොර කාටවත්ම අරින්න තියා හොල්ලන්නවත් බැරිලු. ඇලිස් නෝනා කියන විදිහට ඒක දේව අණක්. ඒ වගේම කාළි මෑණියෝ ආපහු ඒ දොර ඇරලා දෙනකන් ඔවුන් බලන් ඉන්නවලු. එත් එළියේ යහන් හදාගෙන, පහන් දල්වලා තාමත් එයාලගේ සාස්තර කියන වැඩ කරගෙන යනවලු.

ජයතිලක මහත්තයා කියන විදිහට මීට අවුරුදු 27 කට කලින් මේ සිද්ධිය වෙද්දි දේවාලෙ ඇතුලෙ යාතිකා කරමින් ඉඳලා තියෙන්නෙ ඔහු. ඉතින් එකපාරටම ලොකු සද්දයක් එක්ක කාළි මෑනියෝ දොර වහලා දාලා, ආපහු දොර ඇරලා දෙනකන් ඒක අරින්න උත්සාහ කරන්න එපා කියල තමයි කියලා තියෙන්නෙ. ඉතින් ඒ දවස එනකන් මේ දෙන්නම බලාගෙන ඉන්නවලු.

තාක්ෂණය දියුණු යුගයක අපි අතරේ ඉන්න සමහරක් මේ වගේ දේවල් විශ්වාස කරන්නේ නෑ. එත් මේ සිද්ධිය තරයේම අදහන මේ දෙන්නගේ තාමත් බලාපොරොත්තුව කාලි මෑණියෝ. මේ දෙන්නා ජිවත් වෙන, නිකවැරටිය ප්‍රදේශයේ ප්‍රාදේශිය ලේකම්තුමා ගෙයක් හදල දෙන්න කරපු උත්සහයටත් මේ දෙන්නා කැමති වෙලා නෑ. ඒ නිසාම මේ දෙන්නගේ හෙට දවස ඉතා අවිනිශ්චිත තත්වයක තියෙනවා කියල තමයි ප්‍රාදේශිය ලේකම් තුමා කියන්නේ.

 


News Articles
Latest Videos
Most Popular Post