අද 2017 සැප්තැම්බර් මාසයේ 07 බ්‍රහස්පතින්දා
රාහු කාලය ප.ව 01.32 සිට 03.02
සුභ දිශාව උතුර
මරු සිටින දිශාව දකුණ
මේෂ ලග්නය

ඔබගේ කතාවේ දක්ෂතාවය ධනාත්මකභාවය හික්මීම හේතුකොට ගෙන අද ඔබට ඔබගේ ආදායම් වැඩි දියුණුවට පත් කර ගන්න පුළුවන්. සමාජීය ගෞරවයකට පත් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම බැංකු මුල්‍ය උපදේශන සේවා, නිවේදන ක්ෂේත්‍රයේ අලෙවිකරණ ක්ෂේත්‍රයේ සිටින ඔබට පැහැදිලි මුල්‍ය ඉලක්ක සපුරා ගන්න පුළුවන් දිනයක්. ස්වකිය උත්සාහයෙන් තම පවුලේ දියුණුව වෙනුවෙන් කරන වැඩ කටයුතු සාර්ථක කරනවා. අද ඔබ ගන්නා උත්සාහයන් ඔබට ප්‍රථිපල ගෙනත් දෙනවා.
ජය වර්ණය: සුදු පැහැය ජය අංකය: 02
වෘෂභ ලග්නය

ඔබගේ අලසකම එපාවීම හේතුකොට ගෙන වෘත්තීය මට්ටමේ ලැබෙන්න තියෙන ජයග්‍රහණ අඩු වෙනවා. ඔබගේ හඬට වෘත්තීය ප්‍රධානින් ඇහුම්කන් නොදෙන දිනයක්. වෙලාවකට ඔබට වැඩට යන්නත් හිතෙන්නේ නැති දිනයක්. ඒ නිසා අද දිනය ඔබට වෘත්තීය මට්ටමින් ලබන්න පුළුවන් ගෞරවය ඔබට නොලැබී යන්න පුළුවන්. එම ගෞරවය අනිත් අය විසින් පැහැර ගන්න පුළුවන්. ඒ නිසා අවබෝධයෙන් යුතුව කලට වෙලාවට තමාට ගෞරවයක් ලැබෙන්න පුළුවන් විදියට අප්‍රමාදීව තමාගේ ගෞරවය වෙත පියමන් කරමින් මිතුරු ලෙසින් සාමාජීය වගකීම් දරන්නෙකු ලෙස තම වෘත්තීය තුල කැප වෙන්න. එවිට ඔබට යම් සාර්ථකත්වයක් ඇති කරගත හැකි වනවා.
ජය වර්ණය: රතු පැහැය ජය අංකය: 11
මිථුන ලග්නය

ඔබගේ අලසකම අනවබෝධය වැඩක් කිරීමට වුවමනාවක් නැතිකම නිසා ඔබ උසස් අධ්‍යාපන කටයුතු වලින් පසුපසට තල්ලු වෙන්න තියෙනවා. ඔබගේ විදෙස්ගත සැලසුම් සාර්ථක නොවන දිනයක් විය හැකියි. ආගම ධර්මෙන් ඔබ ඈතට යන දිනයක්. වැඩිහිටියන් නොසලකා හරිනවා. ඒ නිසාම ඔබට අතට ලැබෙන්න තියෙන දේ අත ලගට ඇවිත් නොලැබී යන දිනයක්. දෙවියෝ ඔබව අතහැර යනවා. ඔබ අප්‍රමාදීව අවබෝධයෙන් යුතුව තමාගේ ගෞරවය වෙත පිය මනින්නෙකු ලෙස කටයුතු කරන්න. කා සමගත් මිත්‍රශීලි ලෙස වැඩකටයුතු කරන්න උත්සහ දරන්න. සමාජීය වගකීම් දැරීමටත් මිතුරු ආශ්‍රයටත් දිනයට සෑහෙන්න ආදායමක් ඒ මගින් ඔබට ලබන්න පුළුවන් වෙනවා.
ජය වර්ණය: සුදු පැහැය ජය අංකය: 11
කටක ලග්නය

අද ඔබ අන්ධකාරයෙන් අන්ධකාරයට පත් වෙනවා. අදුරෙන් අදුරට ගමන් කරනවා. ඒ නිසාම දුක තදින් දැනෙනවා. තමාගේ දුක කියාගන්නවත් වෙන කෙනෙක් හවුල් කරගන්න බැරි වන දිනයක්. ජීවිතය ගැන කලකිරීම් ඇති වෙනවා. අස්ථාන චෝදනා වලට ගොදුරු විය හැකියි. විශේෂයෙන්ම කෑමෙන් බිමෙන් ප්‍රවේසම් විය යුතුයි. ගංගා වැව් පොකුණු වලින් නෑමෙන් ඔබේ ජිවිතයට හානි දායක දේවල් ඇති කරන්න පුළුවන්. දිනයේ සාර්ථකත්වය වෙනුවෙන් ඔබ අන් අයගේ ගැටළු ඔබේ කරගන්නේ නැතුව මිත්‍රශීලි ලෙස මිතුරු ලෙසින් වැඩ කටයුතු කරන්න. අද දිනය තුල තනි වෙන්න උත්සහ කරන්නෙපා. හොද මිතුරෙක් මිතුරියක් සමග කාලය ගත කිරීමට වුවමනාවක් දක්වන්න. ඒ තුල ඔබට ඇතිවන සංවේදී බව ඔබට තුරන් කරගෙන ඔබට සතුටක් ලබාගෙන දිනයේ සාර්ථකත්වය ලබා ගත හැකියි.
ජය වර්ණය: සුදු පැහැය ජය අංකය: 11
සිංහ ලග්නය

ඔබ සතු මිතුරුකමේ දක්ෂතාවයත් මිත්‍රශිලිභාවයත් සමාජශීලි හැකියාවනුත් මුල්කොට ගෙන අද ඔබ ක්‍රියාකාරී වුවහොත් හවුල් කටයුතු වලින් ජය වාසි ලබන්න පුළුවන්. කොටස් වෙළදපොල වැඩ කටයුතු වලින් ලාහ වාසි ඇති කරගන්න පුළුවන්. මහජනයා සමග කරන වැඩ කටයුතු වලින් කිර්තිය සහ ධනය ලබන්න පුළුවන්. අවිවාහක ඔබට මංගල යෝජනා සාර්ථක කර ගැනීමට ඉඩකඩ ඇති කර ගන්න පුළුවන්. විවාහක ඔබ දෙදෙනා අතර මිත්‍රත්වය තවත් තහවුරු කර ගන්න පුළුවන් දිනයක්. වෘත්තීය මට්ටමින් පැහැදිලි සාර්ථකත්වයක් ඔබට ඇති කර ගන්න පුළුවන්.
ජය වර්ණය: සුදු පැහැය ජය අංකය: 11
කන්‍යා ලග්නය

ගැටළු සහිත පසුබිමක් තුල ඔබ නිසි නායකත්වයක් වගකීම් දැරීමේ හැකියාව හේතු කොටගෙන ඔබට සියලු බාධාවන් පරදවමින් ඔබට වෘත්තීය මට්ටමේ ජයග්‍රහණ ලබා ගෙන කටයුතු කරන්න පුළුවන්. ඔබගේ විදෙස්ගත සැලසුම් සාර්ථක කරනවා. අන් අයගේ පිහිට උදව් උපකාර ඔබගේ වෘත්තීය මට්ටමේ ව්‍යාපාර මට්ටමින් ලැබෙනවා. සාමාජීය වගකීම් දැරීමට මිතුරු ඇසුරට හොද දිනයක්. මන්ද ඔබට ඔබගේ ආදායම් වැඩි දියුණු කරගන්න හැකියාවක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි උසස් අධ්‍යාපන කටයුතු ඔබට සාර්ථක කර ගන්න පුළුවන්. උසස් අය හමු වෙන්න පුළුවන්. පිං කිරීමෙන් ඔබට තව තවත් දියුණුව වැඩි කරගන්න පුළුවන්.
ජය වර්ණය:සුදු පැහැය ජය අංකය: 10
තුලා ලග්නය

ඔබ සතු නායකත්වය අද දිනයේ ඔබගේ ජයග්‍රහණයට මුලික වනබව අමතක කරන්නෙපා. නිතරම පිටු පස්සට යන්නේ නැතුව ඉදිරියටම ගමන් කර ප්‍රමුඛයෙක් ලෙස වෘත්තීය කටයුතු වලදී ඔබ කටයුතු කල යුතුයි. එහෙම උනොත් ඔබ තුල පවතිනවා අන් අයට කරදර නොකර වෘත්තීය මට්ටම් සාර්ථක කර ගැනීමේ හැකියාව අද දිනය තුල. එහෙම වුනොත් අන් අයගේ උදව් උපකාර ඔබට නිතැතින්ම ඔබට වෘත්තීය සාර්ථකත්වය ලබා ගන්න පුළුවන් වෙනවා. ඒ විතරක් නෙමෙයි ඔබ සතු මිත්‍රත්වය ධනත්මකභාවය මුල් කරගෙන ඔබට දිනයේ දියුණුව වැඩි කරගත හැකියි. ඔබ බලාපොරොත්තු වන උසස් ඉගෙනීමේ කටයුතු වල ඔබට යම් ප්‍රගතියක් දියුණුවක් ලබන්න පුළුවන් වෙනවා. උසස් අය හමුවී ඔබට සාර්ථක ඔවදන් ලැබීමට ඉඩකඩ තියෙනවා. සමාජීය වගකීම් දැරීමෙන් බලවත් මිතුරන්ගේ උදව් උපකාර ලබන්න පුළුවන්.
ජය වර්ණය: සුදු පැහැය ජය අංකය: 01
වෘශ්චික ලග්නය

ඔබගේ සියලු විදෙස් ගත සැලසුම් පිං කිරීමේ කටයුතු දීර්ඝ ගමන් සියලුම ධනාත්මක සිතුවිලි ඔබට පහසුවෙන් සාර්ථකත්වයට පත්කර ගන්න පුළුවන් වෙනවා. බුද්ධිය තුලින් දෛනික වැඩ කටයුතු වලට ලෙන්ගතුව වැඩ කටයුතු කිරීමෙන් ඒ නිසා ඔබ අද වෙනදට වැඩිය ජනප්‍රිය අයෙක් බවට පත් වෙනවා. විශේෂයෙන්ම ගුරුදෙගුරුන්ට ඔබ උදව් උපකාර කිරීමට ඉදිරිපත් වෙනවා. ඒ නිසාම ඉගෙනීම ක්‍රීඩා කලා කටයුතු වලින් පැහැදිලි දියුණුවක් ලබන්න පුළුවන්. ආදරය කරන ඔබලා අතර වෙනදට වැඩිය සංතෝෂය ප්‍රීතිය මෝදු වෙනවා. රජයේ උදව් උපකාර ලැබෙනවා.
ජය වර්ණය: කොළ පැහැය ජය අංකය: 05
ධනු ලග්නය

ඔබගේ උත්සාහය තුල ඔබගේ සියලු ඉගෙනීමේ කලා කටයුතු වල පැහැදිලි දියුණුවක් ලබන්න පුළුවන් වෙනවා. හැබැයි ආදරය තුල ඔබ හරි සටන්කාමී බවට පත් වෙනවා. ආදරය රැක ගැනීමට ඕනම දෙයක් පරිත්‍යාග කරන්න පුළුවන් කෙනෙක් විදියටයි අද ඔබ විද්‍යමාන වෙන්නෙ. අවංකව මවට කීකරුව වැඩ කටයුතු කිරීමෙන් ඔබගේ සිත වඩාත් සතුටට පත්කර ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ගෙදරදොර දියුණුවක් ලබන්නත් පුළුවන්. අද වෙනදට වැඩිය බඩගින්න ටිකක් දැනෙන දිනයක්. අනුන්ගේ කතා අහන්න ඒවල වැරදි පෙන්නල දෙන්න යන්න එපා.
ජය වර්ණය: සුදු පැහැය ජය අංකය: 03
මකර ලග්නය

අද ඔබගේ අවංකකම හේතුකොට ගෙන ඔබට වැඩිපුර මුදල් ලැබෙන්න තියෙනවා. ඔබගේ පසුම්බිය පිරෙනවා. පැහැදිලිවම ගෙදරදොර ඉඩකඩම් දේපලවල පහැදිලි දියුණුවක් ලබා ගැනීමට ඉඩකඩ ඇති කරන දිනයක්. ගෘහ හා විවාහ ජීවිතය තුල අවංකකම පුරුෂ වීර්යය මුල් කරගෙන සමාදානය හොදින් එක්රැස් කරගෙන සතුටට පත් වෙන්න පුළුවන්. ඔබගේ උත්සාහයන් අද දිනයේ සාර්ථක කරනවා. ඔබ හා දරුවන් අතර ලෙන්ගතුකම සම්බන්ධතාවය දියුණු කරනවා. ඉගෙනීම ක්‍රිඩා කලා කටයුතු තුලින් පැහැදිලි දියුණුවක් ඔබට ලැබීමට හැකි වෙනවා.
ජය වර්ණය: නිල් පැහැය ජය අංකය: 02
කුම්භ ලග්නය

ඔබගේ උත්සාහය තුල ඔබට ඔබගේ ගෞරවය සහතික කරගන්න පුළුවන්. ඔබගේ මානසික සාර්ථකත්වය ඔබට ඇති කර ගන්න පුළුවන්. අද ඔබ එඩිතරයි. ඔබ නුවණින් යුතුව තමාගේ ඉලක්කයන් කරා යන්න ඔබ දක්ෂ වෙනවා. ඔබගේ සියලු උත්සාහයන් සාර්ථක කරනවා. ලියන කියන මුද්‍රණ විද්‍යුත් මාද්‍ය වල සිටින ඔබගේ සාර්ථකත්වය අද වෙනදට වැඩිය වැඩිපුර ලැබෙනවා. සහෝදර ආශ්‍රය පිය පක්ෂයේ නෑයෝ ආශ්‍රයට අසල්වාසී අය ආශ්‍රයට යහපත් දිනයක්. අවංකව පුරුෂ වීර්යයෙන් කටයුතු කිරීමෙන් ගෙදරදොර දියුණුව ඔබට ලබන්න පුළුවන් වෙනවා.
ජය වර්ණය: රතු පැහැය ජය අංකය: 03
මීන ලග්නය

අද දේශපාලනය තුල ඔබගේ උත්සාහයන් වඩාත් සාර්ථක කරගන්න තියෙන දිනයක්. අන් අය ගැන සිතන්නේ නම් නෑ. සහෝදරයෝ ගැන අසල්වාසීන් ගැන සිතන්නේ නැහැ. නමුත් දුක හමුවේ ඔබ තම උත්සාහයන් උද්දීපනය කොට ගෙන තම උත්සාහයන් සාර්ථක කර ගැනීමට ඔබ ක්‍රියාකාරී වීම හේතුකොට ගෙන ඔබට පැහැදිලි ලෙස උත්සාහයන් සාර්ථක කර ගැනීමට හැකි දිනයක්. විශේෂයෙන්ම ලියන කියන මුද්‍රණ විද්‍යුත් අංශ වල සිටින ඔබට පැහැදිලි දියුණුවක් කරා ඔබට ලං වෙන්න පුළුවන් දිනයක්.
ජය වර්ණය: සුදු පැහැය ජය අංකය: 03
ප්‍රවීණ ජෝතිශ්‍යවේදී : ලක්ස් සේනානායක
දුරකථන අංකය: 077 67 19 151