News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
8

රජයේ සේවකයන්ගේ රතු ඉර Cancel වෙයි. ඕන වෙලාවක වැඩට එන්න පුළුවන්.

2422 Views


රජයේ සේවකයන්ගේ රතු ඉර Cancel වෙයි. ඕන වෙලාවක වැඩට එන්න පුළුවන්.

ගොඩක් අයට උදේට වැඩට යද්දී ප්‍රශ්න ගොඩයි. විනාඩියක් හරි පරක්කු වුනොත් රතු ඉර ගහලා ඉවරයි. ඊට පස්සෙ බෝස්ගේ මුණත් හොද නෑ. අන්තිමේදී ඉතිං දවසම අවුල්. හැබැයි ඉතිං උදේට තියෙන Traffic එකත් එක්ක වෙලාවට Office එකට යන්න නම පියාඹන්න තමයි වෙන්නෙ. එකට හොද පිළියමක් රජයෙන් දීලා තියෙනවා.

ඒ තමයි ලබන 18 වෙනිදා ඉදන් උදේ 7.30 ඉදලා 9.15 වෙනකන් ඕන වෙලාවක Office එකට එන්න පුළුවන්. හැබැයි ඕන වෙලාවක ආවට ඕන වෙලාවට යන්න නම් බෑ. ආපු වෙලාවේ ඉදන් නියමිත සේවා පැය ගණන සම්පුර්ණ කරලා තමයි යන්න පුළුවන්. රජයේ කාර්යාල ගොඩක් තියෙන බත්තරමුල්ල ආශ්‍රිතව තමයි මේ නියමු ව්‍යාපෘතිය මුලින්ම ක්‍රියාත්මක කරන්නෙ.

කොහොම වුනත් මේ chance එක දෙන්නෙ රාජ්‍ය සේවකයින්ට විතරයි. පෞද්ගලික අංශයේ අයටත් මේ විදියේ chance එකක් ඕන නම් බොස් එක්ක කතා කරලා බලන්න.

 


News Articles
Latest Videos
Most Popular Post