Jhon Cena කියන්නෙ රෙස්ලින් වල තාමත් ජනප්‍රියම චරිතය. ඒ කොච්චරක්ද කියනවනම් ජෝන් සීනගෙ Fashion එක ලෝකේ වටේම අයගේ Fashion එක වුනා. සීනා අඳින පළඳින දේවල් ඔක්කොම අපේ අයත් අඳින්න පළඳින්න ගත්තා. ඒ විතරක් නෙවෙයි සීනගේ ඉරියව් පවා ගොඩක් අය අනුකරණය කරන්න පටන් ගත්තා.
ඉතිං ලෝකේ වටේම Hit වුන සීනා, අපේ රටේ තවත් Hit වෙන්න බලපාපු හේතුවක් තිබුනා. ඒ තමයි “ජෝන් සීනා, අපේ පොඩි එකාගේ ඔළුවට ගහලා ” සින්දුව නිසා. YouTube, Radio, TV වල Trending සින්දුවක් වෙන්න මේ සින්දුවට පුළුවන් වුනා. මේ සින්දුවෙ අයිති කාරයා වුනේ අමිල සඳරුවන්.
ඒ සින්දුවෙන් පස්සෙ, මේ වෙනකන්ම අමිල ලොකු විවේකයක් ගත්තා. එත් ඔන්න අමිල ආයෙත් තවත් අළුත් වැඩක් පටන් අරගෙන. ඒ තමයි අමිලගේ අළුත්ම Song Album එක අද Release කරනවා. Album එකේ නම තමයි ” දෙයියො දුන්න කොල්ලා ” මේ වැඩේ තියෙන්න අද හවස 7 ට තිඹිරිගස්යාය, පාක් පාරේ ශාලිකා ශාලාවේදී. මේ ගීත ඇල්බමය එළි දැක්වීමට සමගාමීව සජීවී ප්‍රසංගයකුත් එතනදි තියෙනවා. මේ වැඩේ ගැන අමිල, සියත24 ට කියපු කථාව තමයි මේ. එත් එක්කම අමිලගේ සින්දු වලට ආදරය කරන ඔබට, අපි ආරාධනා කරනවා එතනට ගිහින් මේ වැඩේ එක්ක සම්බන්ධ වෙන්න කියලා.
මේ තියෙන්නෙ, ජෝන් සීනා, අපේ පොඩි එකාගේ ඔළුවට ගහලා …..සින්දුව