News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
9

ලග්න 3 කට ඊර්ෂ්‍යාකාරයින්ගෙන් බාධා. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

1679 Views


ලග්න 3 කට ඊර්ෂ්‍යාකාරයින්ගෙන් බාධා. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

අද 2017 සැප්තැම්බර් මාසයේ 09 සෙනසුරාදා

රාහු කාලය පෙ.ව 09.05 සිට 10.36

සුභ දිශාව උතුර

මරු සිටින දිශාව නැගෙනහිර

 

 

මේෂ ලග්නය

ඔබ උත්සාහයෙන් උනන්දුවෙන් ක්‍රියා කලත් තරමක මන්දගාමී ස්වභාවයක් අද ඇති විය හැකියි. කරගෙන ආ යම් යම් වැඩ වෙනස් කිරිමකට හෝ ස්ථාන මාරු වීමකට සුළු සුළු රෝගාබාධ ඇති වීම පාද ආශ්‍රිතව රෝගාබාධ වලටද ඉඩ තිබෙන නිසා කල්පනාකාරී වන්න. විශේෂයෙන් ඔබ අනුන්ගේ ප්‍රශ්න ඔබ මතට පටවා ගැනීමෙන් වැළකිය යුතුයි. අන්‍යන්ගේ මුදලට වඩා ඔබගේ මුදල් සෑම දෙයකටම වැය කිරීමට සිදු වේවි.

ජය වර්ණය දම් පැහැය                  ජය අංකය 01

 

වෘෂභ ලග්නය

විටෙක උනන්දුවත් උත්සහයත් ඇතිවන අතර ක්ෂණික තීරණ ඉක්මන් තීරණ කිපිම් වැනි දේවල් වලට අද ඉඩ තිබෙනවා. බොහෝ විට හොද නරක දෙක අවබෝධ කර ගැනීමට හැකියාව තිබුනත් ඒවා අවබෝධයට නොගෙන ඉක්මන් තීරණ ගැනීමත් ඔබට අවාසියකට හේතු වෙනවා. අලංකාරයට ඇදීමට පැළදීමට නිෂ්ඵල දේට වියදම් වැඩි වේවි. ඒවගේම අලංකාරකරණය මල් වගාව වේශ නිරුපණය වැනි කටයුතු කරන්නන්ට යහපත්. තමන්ගේ අතමිට සරු වේවි. ඔබ කරන කටයුතු අන් අයට පැවරීමෙන් වැළකිය යුතුයි. ඔබම සිතා බලා ඒ කටයුතු කිරීමෙන් ලැබීම් ඇතිවන අතර යහපත්ව ක්‍රියා කිරීමටද හැකියාව ලැබෙනවා.

ජය වර්ණය කහ පැහැය                 ජය අංකය 05

 

මිථුන ලග්නය

බොහෝ විට උත්සහවන්ත ව්‍යාපාර කටයුතු කරන්නන්ට යහපත් වන දිනයක්. ඒවගේම නව අදහස් සිතට ගලා ගෙන එන අතර අතමිට මුදල් ගැවසෙනවා. දුන් මුදලක් නැවත ලබා ගැනීමට උත්සහ කරන දිනයක්. එයින් ඔබට යහපත්ව ක්‍රියා කිරීමට හැකියාවක් තියෙනවා. ඒවගේම තමන් සතු දේ අරපිරිමැස්මෙන් පාවිච්චි කිරීම නිසාත් තවත් අයට ඒවා ලැබීමට සැලස්විමටද ඉඩ තිබෙන දිනයක්. බොහෝ විට ඔබ කරන හොද දෙයින් ඔබට ලැබීම ඇතිවෙන නිසාම අද දිනය සාර්ථක වෙනවා.

ජය වර්ණය කහ පැහැය               ජය අංකය 02

 

කටක ලග්නය

උනන්දුව උත්සාහය හා ක්‍රියාශීලි බව මතින් ඔබට තම දියුණුව ලගා කරගත හැකියි. වරින් වර ඇතිවන ප්‍රශ්න ගැටළු නිරාකරණය කර ගැනීමට ඔබගේ ලග සිටින අයගේ හැකියාවක් තියෙන නිසා ඒවා ගණන් නොගෙන කටයුතු කරන්න. හිතවතුන් ගෙදරට පැමිණෙන අමුත්තන්ට සංග්‍රහ කිරීමට පෙළඹෙන දිනයක් බැවින් කාර්යබහුලත්වය වැඩියි. බොහෝ විට තම ලග සිටින සේවකාදීන් පරිස්සම් කරගත යුතුයි. ඔවුන් ඈත් කර ගැනීමට හෝ වෙනස් කර ගැනීමට ඉඩ තිබෙන නිසා. එයින් සිත් තැවුල් ආදිය ඇති වීමට ඉඩ තිබෙනවා.

ජය වර්ණය සුදු පැහැය                  ජය අංකය 05

 

සිංහ ලග්නය

උත්සාහයෙන් උනන්දුවෙන් වැඩ කටයුතු කලත් තරමක බධකාරක ගතිය මතු වෙනවා. ඊර්ෂ්‍යාකාරයින්ගෙන් ප්‍රවේසම් වන්න. යටි කුට්ටු උපක්‍රම හෝ නොයෙක් තරග විභාග වලින් බාධාවිමකට ඉඩ තිබෙන නිසා ඔබ කල්පනාකාරී වන්න. ක්‍රීඩා අංශයට විශේෂ දස්කමක් හෝ එවැනි දේකින් තෑගී ලැබීම් තියෙන නිසා එවැනි දේකට සහභාගී වන්නේ නම් ජයග්‍රහණ ලබා ගත හැකියි. අද දිනය තුලදී ඔබ තරගකාරිත්වය වැඩි දිනයක් නිසා එයින් යහපත සැලසෙනවා. වරින් වර උද්‍යෝගය උනන්දුව තිබුනද බාධා මද්‍යයේ කටයුතු කිරීමට සිදු වෙනවා. සිත් තැවුල් කලකිරීමෙන් යුතුව කටයුතු කිරීමට සිදුවන නිසා ඔබට අද තරමක් දුරට මන්දගාමී ස්වභාවයක් ඇති වෙනවා. නමුත් හවස් යාමයේ දුර බැහැර ගමන් ඥාතින් අතර කැපී පෙනීමක් හෝ යාලුවන්ගේ කටයුතු හිතවතුන්ගේ කටයුතු වැඩියෙන් කිරීමටයාමෙන් ඔබ කාර්යබහුල වේවි. වැඩ අධික දිනයක්. එබැවින් කල්පනාකාරීව කටයුතු කරන්න. ඒ වගේම මෙතෙක් කරගෙන ආ වැඩ කටයුතු වැඩි දියුණු කිරීමට සිතේ තිබුනත් යම් යම් අයගෙන් බාධා පැමිණීම නිසා ඒවා බාධක සහිත වෙලාවක් බැවින් ඒවා ගැන සිත පහදාගෙන කටයුතු කරන්න.

ජය වර්ණය රෝස පැහැය             ජය අංකය 05

කන්‍යා ලග්නය

අලුත් අදහස් මතු වේවි. අලුත් ක්‍රියාකාරකම් බිහි වේවි. එයින් ඔබට තෘප්තිමත් ගතියක් ඇති වේවි. බොහෝ විට වටපිටාව පරිසරය සම්බන්ධයෙන් කටයුතු කිරීමට පෙළඹෙන අතර බොහෝ විට පරිසර හිතකාමී ගතියක් ඇති වෙනවා. සියලු දෙනාම එකමුතුව කරන වැඩ කටයුතු සාර්ථක වේවි. අලුත් අත්දැකීම් ලබන දිනයක්.

ජය වර්ණය කහ පැහැය                 ජය අංකය 05

තුලා ලග්නය

බොහෝ විට උනන්දුව උත්සාහය ක්‍රියාශීලිබවක් ඇතිවන දිනයක්. කලා කටයුතු මාද්‍ය කටයුතු වලට දායක වීමට ඉඩ තිබෙනවා. එවැනි කටයුතු සම්බන්ධයෙන් ලැබීම් ඇතිවන දිනයක්. බොහෝ විට සුළු දෙයක් වුවත් ක්ෂණික තීරණ ගැනීමට ඉඩ තිබෙන නිසා කල්පනාකාරී විය යුතුයි. ඥාතීන් අතර හොද හිත වර්ධනය කිරීමටද ඉඩ තිබෙන නිසා ඔවුනගෙන් ලැබීම පවතිනවා. පොත්පත් ලියන්නන්ට ලිපිලේඛන කලාව කරන්නන්ට සුභ දිනයක්. ඔවුන්ගේ යහපත පැමිණේවි. අලංකාරයට ඇදීමට පැළදීමට වස්ත්‍රාභරණ නිතර ඕනා නිසා බොහෝ විට පිරිසිදුව හා ක්‍රියාත්මකභාවයෙන් යුතුව සිතන අයෙක්. සෑම දෙයක්ම ලැබීම අතින් සුභදායකයි. දුර බැහැර ගමනක් හෝ රටින් පිටවිමකට හේතු සාධක පවතින අතර වරින් වර යන එන්නන්ගේ බාධා ඇති වේවි.

ජය වර්ණය රෝස පැහැය                         ජය අංකය 05

 

වෘශ්චික ලග්නය

 

බොහෝ විට ක්‍රියාශීලිව බවක් ඇත. කරන කටයුතු ක්‍රමානුකුලව කිරීමට සිතයි. නමුත් වරින් වර දිවා කාලය එළඹෙන නිකන් සිටීමට සිතන වැඩ කටයුතු කිරීමට නොහැකිතාවයක් දක්වයි. සතුරු කරදර නින්දා අපහාස මතු වීමට ඉඩ තිබෙනවා. බොහෝ විට ඉවසිලිවන්තව කටයුතු කරන්න. ඔබ කල දෙයක් නිසාම ඔබට සම්මාන ලැබීමට ඉඩ ඇතත් එවැනි දේ පැහැර හැරීමට ඉඩ තිබෙන නිසාම කරදර කම්කටොලු ඇති වේවි. අලුත් අදහස් නැතිව තමන්ගේ බුද්ධිය මෙහෙයවා කරන කටයුතු වලින් සාර්ථකතත්වයට යා හැකි බැවින් අන්‍යන්ගේ මත වලට ගරු කිරීමටද ඔබගේ තත්වය බාල කරගැනීමටද සිදු වෙනවා. ඒ ගැන කල්පනාකාරී වන්න.

ජය වර්ණය රතු පැහැය                 ජය අංකය 01

 

ධනු ලග්නය

උත්සාහය උනන්දුව ක්‍රියාශීලි බව ඇතත් තරමක් දුරට ප්‍රවේසම් විය යුතුයි. අනුන්ගේ ප්‍රශ්න තමා පිට පැටවීමට ඉඩ තිබෙනවා. ඊර්ෂියාකාරයින්ගේ යටි කුට්ටු උපක්‍රම නිසා තරමක නොසන්සුන් ගතියක් ඇති වීමට ඉඩ තිබෙනවා. බොහෝ විට එවැනි දේ ගැන වැඩි විග්‍රහයක් කල්පනාවකට ගත යුතුයි. ඥාතියෙකුගේ ප්‍රශ්නයක් නිසා ඥාතීන් නිසා හෝ තමන්ට අකරතැබ්බයකට මුහුණ දීමක් හෝ සතුරු කරදරයකට මුහුණ දීමට සිදුවන නිසා කල්පනාකාරී වන්න. දරුවෙකුගේ දියුණුවක් හෝ දරුවෙකු නිසා යම්කිසි කටයුත්තක් කරගැනීමට පහසු මගක් ඇති කර ගැනීමට ඉඩ තිබෙන නිසා ඒ ගැන කල්පනාකාරී වන්න. යටි කුට්ටු උපක්‍රම කරන සතුරන් ලගට එන නිසා හෝ ඔබ විශේෂයෙන් කල්පනාවට ගත යුත්තේ ඒ ගැනයි.

ජය වර්ණය සුදු පැහැය                 ජය අංකය 05

 

මකර ලග්නය

මෙතෙක් කරගෙන ආ වැඩකටයුතු වෙනස් මගකට ගැනීමත් අලුත් වැඩ කටයුතු නිර්මාණය කර ගැනීමටත් හැකියාව තිබෙන අතර දේශ දීපාන්තර වල ඇවිදීමට හෝ විදේශ රටකින් ඇරයුමක් ලැබීමට භාග්‍ය වැඩියි. ගෙදරදොර අවුල්සහගත තත්වය නිමවා තම සිතැගි පරිදි යහපත් ආකාරයකට කටයුතු සලස්වා ගැනීමට හැකියාව පවතින අතර දරුවන්ගේ කටයුතු යහපත් පරිදි ඉටු වේවි. මෙතෙක් කරගෙන ආ ව්‍යාපාරයක් ආදිය ඇත්නම් එයින් අසුභවාදී තත්වයක් ඇති වෙනවා. සතුරු කරදර ඊර්ශියාකාරයින් සිටින බැවින් ප්‍රවේසම් විය යුතුයි. බොහෝ විට ශාරීරිකව සුළු සුළු රෝගාබාධ ඇති වීමට ඉඩ තිබෙන නිසා විවේකය අඩු කමත් රෝගාබාධ සෑදීමත් නිසාම ඔබ තරමක් කලකිරීම් ඇති වෙනවා. අවශ්‍ය වෙලාවට හරි මාත්‍රාව අනුව ඖෂධ ගැනීමෙන් එයින් ගැලවීමට හැකි වෙනවා.

ජය වර්ණය රතු පැහැය               ජය අංකය 05

 

කුම්භ ලග්නය

ලැබීම අතින් යහපත් වුවත් සවස් යාමයේ තරමක් අතමිට හිගපාඩු ඇති වෙනවා. වියදම් වැඩි වෙනවා. බොහෝ විට අනවශ්‍ය වියදම් වලින් වැළකිය යුතු දිනයක්. ඔබට ඥාතීන්ගේ ප්‍රශ්න හිතවතුන්ගේ ප්‍රශ්න ලගට පැමිණෙන දිනයක් බැවින් එවැනි දේට ඇබ්බැහි වීම නිසා කරදර බාධක ප්‍රශ්න මතු වීමත් වියදම් වැඩි වීමත් සිදු වේවි. ගේ දොර අලංකාරකරණයක් හෝ අලංකාරව කටයුතු කිරීමට පෙළඹෙන අතර ඉන් ඔබට යහපතක් ඇති වේවි. වරින් වර චිත්ත පිඩා කලකිරීම් මතු වීමට ඉඩ තිබුනත් ඒවායින් ඔබ සෑහීමකට පත් වීමක් හෝ කලකිරීමක්  යන තේමාව යටතේ කටයුතු කරනවා. දරුවන්ගේ කටයුතු යහපත් ආකාරයට විසදෙන අතර දරුවෙකුගේ මංගල කටයුතු වලදී මුලිකව ක්‍රියා කිරීමට ඉඩ තිබෙනවා.

ජය වර්ණය සුදු පැහැය                 ජය අංකය 05

 

මීන ලග්නය

අද ඔබට හදිසි ධන ලාභ සහිත ලැබීම් ඇතිවන දිනයක්. බොහෝ විට කරගෙන ආ වැඩ කටයුතු වල සාර්ථක ලෙස ක්‍රියා කරගන්නට හැකියාව පවතිනවා. නව අදහස් කෙරේ හිත යොමුවන අතර අලුත් අදහස් වලින් ලැබීම ඇති කරනවා. ගෙදරදොර වටපිටාව සම්බන්ධයෙන් වෙහෙසන ගතියක් මතුවන අතර අසල්වැසියන්ගෙන් හොද නම රැකෙන පරිදි කටයුතු කිරීමට පෙළඹේවි. ස්ථාන ලාභ ඇති වීමට ඉඩ ඇති බැවින් ඒ ගැන වැඩිපුර සිතා බලන්න. පරිසර හිතකාමී ගතියක් ඇතිවන අතර එම ස්ථානය ඔබගේ තෘප්තිමත් ස්ථානය විය හැකියි.

ජය වර්ණය රන්වන් කහ පැහැය                  ජය අංකය 06

 

 

ප්‍රවීණ ජෝතිශ්‍යවේදී : චින්තා වික්‍රමසිංහ

දුරකථන අංකය : 0112509386

 


News Articles
Latest Videos
Most Popular Post