ලෝකයේ ජනගහනය වැඩි වෙනවත් එක්කම ආහාර සදහා තියෙන ඉල්ලුමත් වැඩි වෙනවා. හැබැයි එන්න එන්නම ලෝකයේ කෑම හිඟය වැඩි වෙනවා. අනාගතයේදී ලොකු ආහාර හිඟයකට මුහුණ දෙන්න වෙනවා කියලයි විද්‍යාඥයෝ කියන්නෙ.ඒ නිසා ලෝක ආහාර සංවිධානයේ මුලිකත්වයෙන් අනාගතයේදී මිනිස්සුන්ට කන්න පුළුවන් මොනවද කියලා පරීක්ෂණ කරනවා. ඒ විදියට හොයා ගත්ත කෑම වර්ග කීපයක් තමයි මේ තියෙන්නෙ. 2050 න් පස්සෙ අපිට මේ කෑම තමයි කන්න වෙන්නෙ.
1. මුහුදු පැළෑටි – දැන් ගොඩක්ම වෙළදපොලේ තියෙන මස් මාංශ හදලා තියෙන්නෙ හෝමෝන ගහපු සත්තුන්ගෙන්. ඒ වගේම එළවලු වලට රසායනික ද්‍රව්‍ය ගහනවා. ඒ ආහාර ශරීරයට අහිතකයි. එකට තියෙන එකම විකල්පය තමයි මුහුදු පැළෑටි. මේ වෙනකොටත් විවිධ ආහාර හදන්න මුහුදු පැළෑටි භාවිතා කරනවා. ඒවත් එළවලු පලතුරු වගේම රසයි. සමහර මුහුදු පැළෑටි තියෙනවා බේකන් රස තියෙන.
2. විද්‍යාගාර වල නිපදවන මස් මාංශ – මස් වලට තියෙන ඉල්ලුම දවසින් දවසම ඉහළ යනවා. ඉල්ලුමට හරි යන සැපයුමක් දෙන්න බැරි තරමටම මස් වලට දැන් වෙළදපොළක් තියෙනවා. මේකට හොයා ගත්ත විකල්පයක් තමයි විද්‍යාගාර වල මස් හදන එක. මේකෙන් හරිතාගාර වායු විමෝචනය වගේම පරිසර දුෂනයත් අවම වෙනවා. හොදම වැඩේ තමයි සත්තු නොමරා මස් කන්න පුළුවන් වෙන එක.
3. ජානමය වශයෙන් විකිරණය කරන ලද ආහාර – මේක නම් තාමත් තියෙන්නෙ මතබෙධාත්මක තත්වයක. එකෙන් මිනිස්සුන්ට නරකක් වෙයිද හොදක් වෙයිද කියලා කියන්න තාම වෙලා වැඩියි. ගෝලීය උණුසුම නිසා දැන් කෘෂිකර්මාන්තය අස්ථාවර වෙලා තියෙන්නෙ. ජාන තාක්ෂණයෙන් උණුසුමට ඔරොත්තු දෙන, ජලය අඩුවෙන් ඕන කරන සහ හොද අස්වැන්නක් දෙන බෝග හදන්න පුළුවන්.
4. සින්තහෝල් – මේක නම් කෑම නැතත් බොන්නම බලන් ඉන්න අයට හොද ආරංචියක් වේවි. ඇල්කොහොල් වලට වඩා සිය ගුණයක් හොඳ දෙයක් විද්‍යාඥයින් නිපදවමින් ඉන්නවා. ඇල්කොහොල් වගේම ආශ්වාදයක් මේකෙන් ලැබෙනවා. හැබැයි අතුරු ආබාධ මුකුත් නෑ. අක්මාවට හානියකුත් නෑ. ඒ වගේම මේවා බිව්වම අහල පහල අයට චණ්ඩි පාට් හිතෙන්නෙත් නෑලු.
5. කන්න පුළුවන් වතුර බෝල – අනාගතයේදී එන අපුරුම ආහාරයක් තමයි මේ. තුනී පටලයක රදවලා තියෙන වතුර බෝල අනාගතයේදී වතුර බෝතල් වලින් පරිසරයට වෙන හානිය නැති කරාවි.