අද 2017 සැප්තැම්බර් මාසයේ 10 ඉරිදා
රාහු කාලය පෙ.ව 04.42 සිට 06.14
සුභ දිශාව දකුණ
මරු සිටින දිශාව උතුර
මේෂ ලග්නය

බොහෝ විට උත්සාහය උනන්දුව ක්‍රියාශීලි බවක් ඇතුව දවස උදා වුනත් වරෙක සිතුවිලි නිසා ඔබට කලකිරීම් ඇති වෙනවා. මන්දෝත්සාහී ගතියක්ද ඇති විය හැකියි. එය මග හරවා ගෙන කටයුතු කිරීමට උත්සහ දරන්න. ඒවගේම සවස් යාමයේ දුර බැහැර ගමනක් හෝ ගමන් බිමන් යාමේ පහසුව සැලසෙන අතර ඥාතීන් හිතවතුන් ගෙදරට පැමිණේවි. ඔබට තරමක් සුළු සුළු බාධා පාද ආශ්‍රිත රෝගාබාධ ඇති බැවින් ප්‍රවේසම් විය යුතුයි. වතුරෙන් ගින්දරෙන් වැඩ කටයුතු කරන අය ඉතා ප්‍රවේසම්කාරීව කලබල නොවී කටයුතු කරන්න.
ජය වර්ණය කහ පැහැය ජය අංකය 02
වෘෂභ ලග්නය

බොහෝ විට උනන්දුව උත්සාහය ඇති දිනයක්. ඒවගේම ලැබීම අතින් යහපත්වන අතර අතමිට මුදල් ගැවසෙනවා. කරගෙන ආ වැඩකටයුතු වෙනස් මගකට යොමු වීමත් ක්‍රියාශීලි ගතියත් නිසාම ඔබට සාර්ථකත්වය ඇතිවන අතර වරෙක වියපැහැදම් වැඩි වේවි. වරෙක ලැබීම්ද ඇති වේවි. නමුත් ඔබ සිතා මතාම වියපැහැදම් කරන්න ගියොත් ඔබට තරමක් දුරට අද අවධානම් ගතියක් ඇති වේවි. පවුලේ අඹුසැමියන් අතර සුළු සුළු මතභේද හෝ දරුවන් අතර චිත්ත පිඩා ඇතිවන නිසාම ඉවසිලිවන්ත හා කල්පනාකාරී වන්න. අනුන්ගේ දුක් ගැනවිලි ඔබගේ කරට මතුවන නිසා ඒ ගැන මදක් සිතන්න.
ජය වර්ණය සුදු පැහැය ජය අංකය 05
මිථුන ලග්නය

උත්සාහය උනන්දුව ක්‍රියාශීලිබවක් ඇතිව දවස ගෙවේවි. මෙතෙක් කරගෙන ආ වැඩ කටයුතු බාධා වීමක් හෝ චිත්ත පීඩාවකට ලක් වීමට ඉඩ තියෙනවා. අනුන්ගේ කටයුතු වලට මැදිහත් වීම හා ඒවා වැඩි වගකීමකින් කිරීමට ඔබට සිදුවන අවස්ථාද අද දිනය තුලදී දත හැකියි. සියලු දේ පැහැර නොහැර කරන නිසාම අන් අය අතර ජනප්‍රියත්වයට හා හිතවත්භාවයට පත්වන අතර හවස් යාමයේ දුර බැහැර ගමන් බිමන් වැඩි වේවි.
ජය වර්ණය ක්‍රීම් පැහැය ජය අංකය 05
කටක ලග්නය

මෙතෙක් කරගෙන ආ වැඩ කටයුතු ඉතා ඉක්මනින් අවසන් කිරීමටත් ව්‍යාපාරික කටයුතු සාර්ථක කර ගැනීමටත් හැකියාව තිබෙන අතර අවිවාහක අයට මංගල යෝජනා ඉදිරිපත් වීමත් මංගල කටයුතු සාර්ථක වීමටත් අද දිනය තුලදී සාර්ථක වෙනවා. ඒවගේම ගෙදරදොරට අමුත්තන් පැමිණේවි. බොහෝ දෙන එකමුතුව කරන කටයුතු සාර්ථක කර ගැනීමට හැකියාවක් තියෙනවා. අතමිට මුදල් ගැවසුනත් ඉක්මන් වියපැහැදම් වැඩියි. ඒවගේම යටි කුට්ටු උපක්‍රම සතුරු කරදර නිසා ඔබට චිත්ත පිඩා මතුවීමට සවස් යාමයේ ඉඩ තිබෙන නිසා ඇසුරු කරන්නන් ගැන තරමක් දුරට කල්පනාකාරී වන්න.
ජය වර්ණය සුදු පැහැය ජය අංකය 02
සිංහ ලග්නය

බොහෝ විට උනන්දුව උත්සහය ක්‍රියාශීලිබව තේජස බලය ඇති දිනයක්. කරගෙන යන කටයුතු සාර්ථකත්වයට පත් වෙනවා. ඒවගේම පුණ්‍යකාමී සිතුවිලි උපදින අතර පිනට දහමට තමන්ගේ අතමිට යහමින් වියහියදම් කරන ගතියක් ඇති වෙනවා. විශේෂයෙන්ම තමන්ගේ ආගම සම්බන්ධව වැඩි දියුණුවක් කර ගැනීමට එවැනි දේකට අත පෙවීමට ඔබට හැකියාවක් තිබෙනවා. අලංකාරයට කටයුතු කිරීමට යොමුවන අතර ඔබ පරිසර හිතකාමියෙකු බවට පත් වෙනවා. ඒවගේම අලුත් අදහස් අලුත් ක්‍රියා කලාපයන් නිසාම ඔබට යම් යම් ලැබීම ඇතිවන අතර පවුලේ හොදහිත වර්ධනය කර ගැනීමටත් හැකියාව තියෙනවා. අඹුසැමියන් අතර චිත්ත ප්‍රීතිය පවුලේ දියුණුව ඇතිවන නිසාම ඔබට අද දවස වාසනාවන්තයි.
ජය වර්ණය රතු පැහැය ජය අංකය 05
කන්‍යා ලග්නය

බොහෝ විට කරගෙන ආ වැඩකටයුතු තරමක් මන්දගාමී ස්වාභාවයක් හෝ චිත්ත පිඩා ඇති වීමක් තිබෙන නිසා කල්පනාකාරී විය යුතුයි. තරමක් අවුල් සහිත ගතියක් මතුවිය හැකියි. විශේෂයෙන් ජලපීඩා ගිනිපීඩා ඇති බැවින් එවැනි ආශ්‍රිත කටයුතු වලින් ප්‍රවේසම් විය යුතුයි. ගෙදරදොරට අමුත්තන් පැමිණුනත් ඔබට දුර බැහැර ගමන් බිමන් යෙදීමට ඉඩ ඇති බැවින් ඔවුන් හා එකමුතුව වැඩ කිරීමට නොහැකිතාවයක් තියෙනවා. ඒ වගේම කාර්යභාරයක් ඔබ මතට පැටවෙනවා. වැඩි වගකීමක් දරන කටයුතු යෙදෙන නිසා බොහෝ ඉවසිලිවන්තව සහ කල්පනාවෙන් කල යුතුයි. නිතර විනෝදයෙන් සිටීමට සවස් යාමයේ උත්සහ කලත් ඒ ගැන තරමක් පසුබෑමකට ලක් වෙයි.
ජය වර්ණය කහ පැහැය ජය අංකය 05
තුලා ලග්නය

අනුන්ගේ උත්සවයකට මංගල කටයුතු වලට සහභාගී වීමක් හෝ ඔබට ගෙදරදොර උත්සව අවස්ථාවක් දානමාන ආදී පුණ්‍ය කර්ම කිරීමටත් යෝග්‍ය දිනයක්. ඒවගේම ගෙදරදොර අමුත්තන්ගෙන් පිරි ඉතිරි යන අතර ලැබීම අතින් යහපත් වෙනවා. අලුත් කටයුතු කීපයක් කරගැනීමට හෝ නව රැකියා ලාභයකටද උරුමහිමිකම් පවතින දිනයක්. එබැවින් ඔබගේ තත්වය බලය ශක්තිය වැඩි වෙන අතර හිතවතුන් ගෙදරට පැමිණේවි. මෙතෙක් කරගෙන ආ වැඩ කටයුතු වල වෙනසක් දැකීමක් හෝ අලුත් අත්දැකීමක් ඇතිවන නිසා ඔබට තරමක් දුරට සුභ දායක තත්වයක් ඇති වෙනවා. දුර බැහැර ගමන් හෝ දේශ දේශාන්තර වල ඇවිදීමක් පිටරට යාමේ තත්වය බලය ඇතිකර ගැනීමට අද දිනයේ ඔබ උත්සහ ගත්තොත් එය සාර්ථක වේවි.
ජය වර්ණය ලා කහ පැහැය ජය අංකය 04
වෘශ්චික ලග්නය

උත්සාහය උනන්දුව ක්‍රියාශීලිබව තිබෙනවා වගේම බාහිර බලපෑම් මත චිත්ත පිඩා කලකිරීම් ඇති වේවි. අවුල් සහිත ගතියක් මතු වේවි. මෙතෙක් කරගෙන ආ වැඩ කටයුතු වල වෙනසක් හෝ ස්ථාන මාරුවක් කිරීමට ඉඩ තිබෙන නිසා ඔබට තරමක් දුරට ගැටළු මතුවීමට ඉඩ තිබෙනවා. නින්දා අපහාස කලකිරීම් මද්‍යයේ කටයුතු කිරීමට සිදුවන බැවින් ඒ ගැනද වරෙක සිතා බැලිය යුතුයි. පුණ්‍යකාමී සිතුවිලි උපදිවී. පිනට දහමට ගිජු ගතියක් ඇතිවන අතර අලුත් අදහස් මතු වෙනවා.
ජය වර්ණය රතු පැහැය ජය අංකය 05
ධනු ලග්නය

රැකියා කටයුතු ඉෂ්ට වීම අද දිනය තුලදී හැකියාවක් පවතින අතර ව්‍යාපාරික තත්වයද උසස් කර ගැනීමටද හැකියාවක් පවතිනවා. ගෙදර දොරට අමුත්තන් පැමිණීමක් හෝ ඔබ ඔවුන්ගේ නිවාස වලට යාමක් හෝ සමාගම් පැවැත්වීමක් සාමුහික කටයුතු වලට ඉඩ තිබෙන දිනයක්. එයින් ඔබට පවුලේ සතුට සමාදානය වර්ධනය කර ගැනීමට හැකියාවක් පවතිනවා. නව අදහස් ක්‍රියාත්මක වීම නිසාම ඔබට ලිපිලේඛන කටයුතු ඒවගේම කලා කටයුතු සංගීතය වැනි කටයුතු වලට සුභවාදී දිනයක්. එවැනි දේකින් යහපත් ප්‍රථිපල අත්කර ගැනීමට හැකියාවක් තියෙනවා. නමුත් මෙතෙක් දුර මංගල කටයුතු ආශ්‍රිතව කටයුතු කරන්නේ නම් එය තරමක් දුරට වෙනස් කිරීමක් හෝ වෙනස් මගකට යාමක් තිබෙනවා. එබැවින් ඒ ගැන මදක් සිතා බලන්න. අඹුසැමියන් අතර ප්‍රේම සම්බන්ධතා අතර ගැටළු මතුවිය හැකියි.
ජය වර්ණය රන්වන් කහ පැහැය ජය අංකය 03
මකර ලග්නය

පිනට දහමට සිතුවිලි යොමුවන අතර අනුන්ගේ බාහිර කරදර ඔබ මතට පැටවේවි. විටෙක චිත්ත පීඩා කලකිරීම් ඇති වේවි. මානසික ප්‍රබෝධය අඩු දිනයක්. පිනට දහමට සිතුවිලි උපදින අතර ගෙදර දොර වන්දනා ගමන් බිමන් වගේම දානමාන ආදී පුණ්‍ය කර්ම ආදී දේට යොමු වී එයින් ඔබට සිතට යහපතක් ගතට සැනසීමක් ඇතිවන දිනයක්. බාහිර ප්‍රශ්න කොතෙක් ඔබ මතට පැටවුනත් ඒවා ගණන් නොගෙන ඔබ ආගම පැත්තට යොමු වීමට අද අවකාශ තියෙනවා. සිතුවිලි සහනදායක තත්වයකට යොමු වෙනවා. නමුත් ක්ෂණික තීරණ ගැනීමේදී ප්‍රවේසම් විය යුතුයි.
ජය වර්ණය තද දම් පැහැය ජය අංකය 05
කුම්භ ලග්නය

බොහෝ විට විනෝදය කෙළිදෙලෙන් කටයුතු කලත් ඔබට කලක් කරගෙන ආ මංගල කටයුත්තක සුළු ප්‍රශ්න ගැටළු මතු වේවි. ඒවගේම ගෙදර දොර තරමක් ගැටළු සහගත තත්වයක් වියපැහැදම් කිරීමට යොමු වීමක් නිසා අතමිට මුදල් හිගපාඩු ඇති වෙනවා. සහෝදරයෙකුගේ ප්‍රශ්නයක් හෝ සහෝදරයෙකුගේ කටයුතු වලට අතහිත පෙවීමෙන් ඔබට මුදල් පාඩුද සිදුවිය හැකියි. ඒවගේම සෙම් කෝප අසනීප පෙනහළු සම්බන්ධ රෝග ඇති වීමට ඉඩ තිබෙන නිසා එවැනි දේ ගැන සැලකිලිමත්ව විශේෂයෙන් ස්නානය සීත ආහාර ගැනීමෙන් අද දින ඔබ රෝගාබාධ වලට ගොදුරු විය හැකියි.
ජය වර්ණය සුදු පැහැය ජය අංකය 02
මීන ලග්නය

මෙතෙක් කරගෙන ආ වැඩ කටයුතු වල වෙනසක් හෝ ලැබීමක් ඇති වීමට ඉඩ තිබෙනවා. බොහෝ විට යාන වාහන මිලදී ගැනීමක් හෝ එවැනි දේකට යොමු වීමකට ඉඩ තිබෙන අතර එයටද මුදල් හදල් වැය කිරීමට සිදු වේවි. දරුවන්ගේ කටයුතු සාර්ථක කෙරෙන අතර මංගල්‍යමය ගමන් බිමන් වැඩි වේවි. බාහිර කටයුතු නිසාම නිදහස අඩුවන අතර ගෙදර දොර අලංකාර කිරීම් හෝ එවැනි අනුන්ගේ දේවල් වලට අතහිත යෙදවීමෙන් සාර්ථකත්වය ලබා ගැනීමට හැකියාව තිබෙනවා. විටෙක සතුටක්ද විටෙක දුකක්ද දැනීමට ඉඩ තිබෙන නිසා එවැනි දේ ගැන සැලකිලිමත් වන්න. බොහෝ විට ඔබ පරාජ නොවී දිනුමකට හේතු සාධක ඇති බැවින් ක්‍රීඩා තරග උත්සව අවස්ථාවන් වලදී ඔබව කැපී පෙනීමේ ගතියක් ඇති වෙනවා.
ජය වර්ණය රන්වන් කහ පැහැය ජය අංකය 02
ප්‍රවීණ ජෝතිශ්‍යවේදී : චින්තා වික්‍රමසිංහ
දුරකථන අංකය : 0112509386