News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
10

ගිණි කන්දක් පිපිරෙන හැටි නොමිලේ ඇස් දෙකෙන් බලන්න. මෙන්න Ticket එක

1571 Views


ගිණි කන්දක් පිපිරෙන හැටි නොමිලේ ඇස් දෙකෙන් බලන්න. මෙන්න Ticket එක

නියගය, ගංවතුර, නාය යෑම්, සුනාමි … ඔය තමයි මෙච්චර කාලෙකට අපි අත්විදපු ස්වාභාවික ආපදා. අපේ රට කොච්චර හොදයිද කියලා හිතෙන්නේ අනිත් රට වලට ඇතිවෙන ස්වභාවික ආපදා දැක්කමයි. ලෝකේ තියෙන හැම ස්වාභාවික ආපදාවක්ම අපිට ඇවිත් නෑ. ඒ නිසා ඇත්තටම කිවුවොත් ස්වභාවික ආපදාවලින් සිද්ධ වෙන විපත තාම හරියට අපිට හිතා ගන්න බැහැ.

ගිනි කන්දක් පුපුරද්දී මොකද වෙන්නේ කියලා ඔබ දන්නවද? ඒ ගැන ඔබට හිතා ගන්න පුලුවන්ද? අඩුම ගානේ ඒ අත්දැකිම විඳලා විස්තර කරන්න අපි ඉතුරු වෙයිද කියන එක තමයි තියෙන ප්‍රශ්නේ.හැබැයි සක්‍රිය ගිණි කන්දක ස්වභාවය ඒ විදිහටම අත්විඳින්න ඔන්න Chance එකක් දැන් තියෙනවා. ඒ වෙබ් අඩවියක් හරහා. මේ වෙබ් අඩවියේ නම Digital Volcano. මේ සඳහා යොදාගන්න තාක්ෂණය වෙන්නේ Virtual Reality.

මේ වෙබ් අඩවිය හරහා, නිකරගුවා වල තියෙන මසායා ගිණි කන්දේ අත්දැකිම තමයි ඔබට විද ගන්න පුළුවන් වෙන්නේ. මේ මසායා ගිණි කන්ද තියෙන්නේ, නිකරගුවා අග නගරය වන මනාගුවා ඉඳලා කිලෝමීටර් 19 ක් දුරින්. පර්යේෂකයන් විසින් මේ ගිණි කන්දේ උෂ්ණත්වය, වායු විමෝචනය, වායුගෝලීය පීඩනය වගේ දේවල් වල දත්ත එකතු කරලා, අතිශය තාත්වික අත්දැකිමක් ඔබට දෙන්න උත්සහ කරලා තියෙනවා. ඒ නිසාම මසායා ගිණි කන්දේ Photo සහ Video අන්තර්ගත කිරීම නිසා ඩිජිටල් ගිණිකන්දක් දැන් ඇස පිනවන සොඳුරු ස්ථානයක් බවට පත් වෙලා තියෙනවා. ඒ ලාවා කන්දේ තියෙන රළු ස්වභාවයන් සහ ලාවා ජලාශ පවා හොඳින් බලාගන්න පුළුවන් නිසා.

හරි එහෙනම් දැන් ලෑස්ති වෙන්න, සියත 24 අපි ඔබට ගිනි කන්දක් පිපිරෙන විදිහ පෙන්නනයි යන්නේ… ඇස් පියා ගන්න නම් ඔට්ටු නැහැ. ඒ වගේම මේ අත්දැකිම උපරිමයෙන් විඳින්න VR BOX එකක් පාවිච්චි කරන්න. පහත වෙබ් අඩවියට පිවිසෙන්න…

https://www.ge.com/digitalvolcano/#masaya

 

මේ තියෙන්නෙ මසායා ගිණි කන්දෙ Video එකක්…

 


News Articles
Latest Videos
Most Popular Post