News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
10

ඔබව ඇවිදින මළමිනියක් කරන සොම්බි වයිරසය ලංකාවට ඇවිත් – සංවේදී අය මෙම ලිපිය කියවීමෙන් වලකින්න

10125 Views


ඔබව ඇවිදින මළමිනියක් කරන සොම්බි වයිරසය ලංකාවට ඇවිත් – සංවේදී අය මෙම ලිපිය කියවීමෙන් වලකින්න

යාළුවෝ Set එකක් එකතු වුණාම හැම වෙලාවෙම Try කරන දෙයක් තමයි පොඩියට හරි කාල බිල Party එකක් දාන එක. විශේෂයෙන්ම මේ වෙද්දී කොල්ලො කෙල්ලො අතරේ උත්සව වලින් නම් අඩුවක් නෑ. පෙළක් අය ඇඟට දිරවන, අගුණයක් නැති කෑම බීම එක්ක Party දාද්දී සමහරු මත්වෙන එකෙනුත් කිසි අඩුවක් නෑ. තරුණ වැඩිහිටි කියලා වෙනසක් නැතුව අද වෙද්දි උත්සව වලදි මත්පැන් භාවිතා කරන අවස්ථා බොහෝමයක් අපිට අහන්න දකින්න ලැබෙනවා. සාමාන්‍යයෙන් අවුරුද්ද පටන් ගන්න දවසේ ඉඳලා ඉවර වෙනකම්ම තියන විවිධාකාරයේ උත්සව අවස්ථා, සැමරීම් වෙනුවෙන් මේ මත්පැන් පාවිච්චි කරන එක අද වෙද්දි පුරුද්දක් වෙලා. Wedding, Birthday Party විතරක් නෙමෙයි අවමංගල්‍ය උත්සව, දාන පිංකම්වලට පවා මේ මත්පැන්වල බලපෑම දැන් ඇති වෙලා තියෙනවා. ගොඩක් අයට මේ මත්ද්‍රව්‍ය කිව්වම ඔළුවට එන්නේ අරක්කු, බියර්, සිගරට් වගේ දේවල් තමයි. එත් ඊට අමතරව පොලිසියෙන් අත්අඩංගුවට ගන්න ජාතියේ මත්ද්‍රව්‍ය වර්ගත් සමහරු Party වලට ඇතුලත් කරගන්නවා. නම් විදිහට කියනවනම්, ගංජා, කොකේන්, හෙරෝරින්, METH, GHB, KATAMINE වගේ දේවල්. Beach Party වල තියෙන ICE කියන වර්ගය. මේකේ දිග නම වෙන්නේ Ice Crystal Meth.

ඉතින් අද වෙනකොට ලෝකයේ අලුතෙන්ම යන රැල්ල තමයි ZOMBIE DRUG. මේ මත්ද්‍රව්‍ය වර්ගයේ භයානකම කියනවනම්, මේක පාවිච්චි කරාම එන Feeling එක අනිත් හැම ජාතියකටම වැඩිය වෙනස්. හරියටම කියනවනම් ZOMBIE DRUG එක පාවිච්චි කරපු කෙනෙක් හරියට පණපිටින් ඇවිදින මළ මිනියක් වගේ. මේ මත්ද්‍රව්‍ය වර්ගයේ නිජබිම වෙලා තියෙන්නේ ලෝකේ බලවත්ම රටේ. ඒ කියන්නේ ඇමරිකාවේ. ZOMBIE DRUG කියන එක අපි දකින සූකිරි කැට වගේ දෙයක්. බැලු බැල්මට ගොඩක් දෙනාට හිතෙන්නේ මේ තියෙන්නේ නම් සුකිරි කියලා. මේක පාවිච්චි කරන අය කරන්නනේ එන්නත් කටුවක් අරගෙන ඒ දියරය තමන්ගේ ඇඟට විදගන්න එක. වැලමිට,කකුලේ මහපට ඇඟිල්ලත් දබර ඇඟිල්ලත් අතර කරුව, ලිංගික ප්‍රදේශය තමයි Drug එක පාවිච්චි කරන අයගේ විදගන්න ස්ථාන. කොහොම වුනත් මේ විදගත්ත ස්ථාන ටික කලක් යද්දී උඩු දුවන තුවාලයක්, කුෂ්ටයක් බවට පත්වෙනවා කියල Doctor ලා හොයාගෙන තියෙනවා. ඉතින් මේ Drug එක විදගත්ත අයගේ හැසිරීමත් අනෙක් Drug පාවිච්චි කල යට වඩා වෙනස්. හරියටම කියනවනම් ඔබ දැකල තියෙන Zombie Film වල ඉන්න අය වගේමයි. තමාගේම ඇඟට හානි කරගැනීම, තමන්ගේම ඇගේ කොටස් කඩාගෙන කෑම, නිරුවතින් සිටිමින් සාමාන්‍ය මිනිසුන්ට හිරිහැර කිරීම, ධාවනය වන වාහන වලට පැනීම වගේ දේවල් මේ අය කරනවා.

ඉතින් දැන් මේ කියන්න යන්නේ මේ ZOMBIE DRUG එකේ තියෙන Side Effect මොනවද කියල. භාවිතා කරපු අයට ඉතා තද වේදනාවක් ඇඟට දැනීම, අධික කම්පනය, වමනය, නාසයෙන් ලේ ගැලීම, හිසරදය, හදවතේ ස්පන්ධන වේගය අක්‍රමවත් වීම, පපුවේ වේදනාව, අසිහිය, ශරීරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 104 ක් දක්වා ඉහල යාම, කථන ආබාධ ඇතිවීම, ගෙරවීම හා සමාන උස හඬකින් කතා කිරීම තමයි විශේෂයෙන්ම දකින්න තියෙන්නේ.

දැන් අපි කතා කරමු මේ ZOMBIE DRUG එකට ඇබ්බැහි වුන කනෙක්ගේ ශරීරයට ලැබෙන තෑගී මොනවද කියලා. ඉතා වේදනාකාරී තුවාල, පිළිකා , උඩු දුවන තුවාල, කොළ හා කළු පොතු කබර ගැලවෙන හම, දුර්වල මතකය, ඉතා දුර්වල ප්‍රතිශක්තිකරණය වගේ දේවල් ඉක්මනින්ම ලබාගන්න පුළුවන්. ඒ වගේම මේවා පාවිචිචි කරපු අය මැරෙන්නේ ලෝකේ තියෙන භයානකම සහ වේදනාත්මක මරණය අත්විඳගෙන. ඒ කියන්නේ, ඔබ Zombi Film වල දැක්කා වගේම ඇඟිලි, මාංශපේශි වගේ ශරීරයෙ ගොඩක් තැන් දියවෙලා, ඇඟේ කෑලි ගැලවිලා ගිහින් තමයි මැරෙන්නේ. මොනම බේතකටවත් මේ විඳවලා මැරෙන එක නවත්තන්න බෑ කියල තමයි Doctors ලා කියන්නේ.

අනිත් Drug වලට ඇබ්බැහි වුන කෙනෙක් පුනුරුත්තාපනය කරන්න පුළුවන් වුනාට ZOMBI DRUG එකට දැඩිව ඇබ්බැහි වුන කෙනෙක් කොහෙත්ම පුනුරුත්තාපනය කරන්න බෑ. මේ Drug එක නැති වුනොත් ඒවා පාවිච්චි කරලා පුරුදු කෙනා වෙන කෙනෙක් මරාගෙන මැරෙන්න වුනත් මානසික තත්වයක තමයි ඉන්න. ඉතින් මේ ZOMBIE DRUG එක කොච්චර භයානක Drug එකක් ද කියල ඔබට වැටහෙන්න ඇති කියල අපි හිතනවා. සියත 24 අපි මේ ලිපිය ඔබට ගෙනාවේ මේ ZOMBIE DRUG එක ප්‍රවර්ධනයකට නොවෙන බවත් මේ Drug එකේ ඇති භයානක කම ඔබට කියල දෙන්න පමණක්ම බවත් අන්තිමට කියන්න කැමතියි.


News Articles
Latest Videos
Most Popular Post