News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
11

අද ලග්න 3 කට පාදය ආශ්‍රිත ආබාධ ඇතිවිය හැකියි. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

2655 Views


අද ලග්න 3 කට පාදය ආශ්‍රිත ආබාධ ඇතිවිය හැකියි. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

අද 2017 සැප්තැම්බර් මාසයේ 11 සඳුදා

රාහු කාලය: පෙ.ව 07.33 සිට 09.04

සුභ දිශාව: නැගෙනහිර

මරු සිටින දිශාව: වයඹ

 

 

මේෂ ලග්නය

තරමක සතුටින් ආරම්භ කරන කටයුතු මානසික පීඩාකාරී ස්වභාවයකට ලක් වීමේ ඉඩකඩක් පවතිනවා. කල්පනාකාරීව කටයුතු කරන්න. සිතුවිලි සම්බන්ධ කටයුතු වලින් ඔබට යම් ප්‍රමාණයකට ප්‍රවේසම් වීමට සිදු වෙනවා. ජලාශ්‍රිත පරිසර වලදී පුංචි පුංචි ආබාධ වලට ලක් වීමේ ඉඩකඩක් පවතිනවා. වෘත්තිමය කටයුතු වලට වඩා අධ්‍යාපනික කටයුතු වගේම තරගකාරී කටයුතු වලට යහපත් දවසක්. වැඩිහිටියන් සමග කරන ගණුදෙනු කිරීම් වලදී කල්පනාකාරී විය යුතුයි.

ජය වර්ණය: ලා දම් පැහැය                        ජය අංකය: 03

 

වෘෂභ ලග්නය

වැඩිහිටි ඥාතීන් සමග මිශ්‍ර වෙලා කරන කටයුතු වලින් යම් ආකාරයකට වාසි සහගත තත්ව අත්පත් කරගත හැකියි. සෙම් සහිත රෝගයකින් ඔබ පිඩාවට පත් වෙලා හිටපු කෙනෙක් නම් එම රෝගය නිට්ටාවට සුව කරගත හැකියි. ලිපිලේඛන ආශ්‍රිත කටයුතු මානව සම්පත් කළමනාකරණ කටයුතු තාක්ෂණය හා මිශ්‍ර වුණු කටයුතු වලින් බොහෝ ජයග්‍රහණ ලබා ගත හැකියි. විවාහ සම්බන්ධ කටයුතු වල වුනත් යම් දියුණුවක් අපේක්ෂා කරන්න පුළුවන්. පාද ආශ්‍රිත රෝගී තත්ව ඇති වීමේ අවධානමක් පවතින නිසා ගමන් බිමන් යාම් වලදී තරමක් කල්පනාකාරී වන්න.

ජය වර්ණය: ක්‍රීම් පැහැය                ජය අංකය: 07

 

මිථුන ලග්නය

ඔබ අද දවසේ කටයුතු සම්පාදනය කර ගන්නා විට ජයග්‍රහණ ලැබෙන ආකාරයට එය සැලසුම් කරනවා. අලුත් යාලු හිතමිත්‍රාදීන්ගේ උදව් උපකාර ලබා ගැනීමේ හැකියාව වාසනාව පවතිනවා. අතහැරලා දාල තිබුන ඇතැම් කටයුතු යලි ආරම්භ කරන්න පුළුවන් දවසක්. ප්‍රේමනීය සම්බන්ධතා විවාහ ආශ්‍රිත කටයුතු ක්‍රමානුකුලව දියුණු කර ගැනීමේ හැකියාව ලැබෙනවා. දකින දකින දේ මිලදී ගන්න දරන වෑයම හේතු කරගෙන තරමක් වියදම් පාර්ශවය ඉහල යාමේ අවධානමක් පවතිනවා. කොන්ද තුනටිය මුත්‍රාශය ආශ්‍රිත රෝගී තත්ව ආහාර නොදිරවිම නිසා හට ගන්න රෝගී තත්ව දවසේ කටයුතු වලට අසුභතාවක් ගෙන එනවා.

ජය වර්ණය: ලා කොළ පැහැය                  ජය අංකය: 05

කටක ලග්නය

තමන්ගේ ආදායම් තත්වය ඉහල නංවා ගැනීමට හැකියාව ලැබෙනවා. ජලාශ්‍රිත පරිසර වලින් වැඩි වාසි ලැබෙනවා. මානව සම්පත් කළමනාකරණ වැනි කටයුතු වලින් යම් ආකාරයක දියුණුවක් අපේක්ෂා කල හැකියි. දියරමය දේවල් අලෙවි කිරීම් ඖෂධ සම්බන්ධ කටයුතු වැඩිහිටි ඥාති හිතමිත්‍රාදීන් සමග කරන කටයුතු ඔබට ජයග්‍රහණය ගෙන එනවා. වචන බාවිත කිරීමේදී තරමක් කල්පනාකාරී වීම වඩාත් වැදගත්.අනවශ්‍ය ආකාරයට පොරොන්දු ගිවිසුම් වලට එළඹීම එතරම් යහපත් නොවේ.

ජය වර්ණය: සුදු පැහැය                 ජය අංකය: 09

 

සිංහ ලග්නය

ඔබගේ පෞරුෂය වර්ධනය වන ආකාරයට කටයුතු සම්පාදනය කර ගැනීමට අවශ්‍ය ඉඩකඩ අද දවසේදී සකස් වෙනවා. ලිපිලේඛන ආශ්‍රිත කටයුතු වලිනුත් යම් දියුණුවක් අපේක්ෂා කරන්න පුළුවන්. ඔබගේ යාලු හිතමිත්‍රාදීන් බොහෝ කටයුතු මධ්‍යයේ වුනත් ඔබගේ කටයුතු වලට බොහෝ සෙයින් උදව් උපකාර කරනවා. පරිනතභාවයෙන් කටයුතු කරන නිසා අත ගහන බොහෝ කටයුතු වල ජයග්‍රහණය ඔබට හිමි වෙනවා. පපුව ආශ්‍රිත රෝගී තත්ව වලින් යම් ප්‍රමාණයකට ව්‍යසනකාරී තත්වයක් ඇති වීමේ ඉඩකඩක් පවතින නිසා කල්පනාකාරී වීම වඩාත් වැදගත් වේවි. පාද වල පහල හන්දි වල රෝග ඇති වීමේ අවධානමක් පවතිනවා.

ජය වර්ණය: ලා කහපැහැය                        ජය අංකය: 07

කන්‍යා ලග්නය

ගමන් බිමන් යාම් ආශ්‍රිත කටයුතු වැඩි වීමේ ස්වභාවයක් පෙන්නනවා. පොළොව සම්බන්ධ කටයුතු අලෙවිකරණ සම්බන්ධ කටයුතු ඉදිකිරීම් සම්බන්ධ කටයුතු ඔබේ ආර්ථිකය ශක්තිමත් කරන ක්ෂේත්‍ර බවට පත් වෙනවා. කටයුතු සම්පාදනය කර ගනිද්දී ඔබගේ වැඩිහිටියන් සමග සාකච්චා කිරීම වැදගත්. තමන්ට වඩා වැඩිමහල් පුද්ගලයන් සමග කරන ගණුදෙනු කිරීම් වලදී කල්පනාකාරී වන්න. පාදය දණහිසෙන් පහල ප්‍රදේශය යම් රෝගී තත්ව ඇති වීමේ අවධානම් සහගත තත්ව ඇති විය හැකියි.

ජය වර්ණය: ලා නිල් පැහැය                      ජය අංකය: 07

තුලා ලග්නය

බොහෝ කටයුතු සාර්ථක කරගන්න පුළුවන් දවසක්. ගමනාගමන කටයුතු වලින් පවා පොඩි පොඩි හෝ වාසි සහගත තත්ව උදා වෙනවා. පාද ආශ්‍රිත රෝගී තත්ත්ව සහ මුඛ ආශ්‍රිත රෝගී තත්ත්ව වලින් පීඩා කාරී තත්ත්ව ඇති විය හැකියි. කලාකාමී කටයුතු, වෘත්තීමය කටයුතු සහ සන්නිවේදන කටයුතු බොහොම පහසුවෙන් දියුණු කරගැනීමේ පහසුව පවතින නිසා යම් සහනශීලී තත්ත්වයක් මනසට උදා වේ. විවාහ ආශ්‍රිත කටයුතු හවුල් ව්‍යාපාර කටයුතු ක්‍රමාණුකූලව දියුණු කර ගැනීමේ ඉඩ කඩ පවතිනවා. පෙම්වතුන් පෙම්වතියන්ටත් අද දිනය ඉතා යහපත් වෙනවා.

ජය වර්ණය: ලා නිල් පැහැය                      ජය අංකය: 07

 

වෘශ්චික ලග්නය

 

පුංචි පුංචි පීඩාකාරී තත්ත්ව ඇති වීමේ අවදානම් තත්ත්වයක් පැවතුනත් අවසානයේදී සතුටෙන් සිටීමට හැකිවේ. දවස විජයග්‍රාහී ලීලාවෙන් ආරම්භ කළා නම් අද දවසේ වැඩකටයුතු නිසි පරිදි සැලසුම් කරගැනීම අත්‍යාවශ්‍ය වෙනවා. මව්පස ඥාතීන්ගේ උදව් උපකාර ඉතා පහසුවෙන්ම ළඟා කරගන්න පුලුවන්. ඒ වගේම රැකියා ස්ථානයේ ඉහළ නිලධාරීන්ගේ ආශිර්වාදය හිමිවේ. නමුත් වැඩකටයුතු අධික වීම හේතුවෙන් මානසික පීඩාකාරී ස්වභාව, කාර්යබහුල වීම් වැනි තත්ත්ව ඇති විය හැකිය. නිසි කලට ජලය පානය කරන්න අමතක නොකළ යුතුයි.

ජය වර්ණය: ලා කොළ පැහැය                    ජය අංකය: 08

 

ධනු ලග්නය

සෞඛ්‍යය පිළිබඳ වඩාත් සැළකිලිමත් විය යුතුයි. පියපස ඥාතීන්ගේ උදව් උපකාර නිරන්තරයෙන් හිමිවේ. දණහිස් හා ඊට ආශ්‍රිත රෝගී තත්ත්ව ඇති විමේ අවදානමක් පවතී. ඇස් ආශ්‍රිත රෝගී තත්ත්ව පැවතියේ නම් වඩාත් ඒ පිළිබඳ වඩාත් සැළකිලිමත් වන්න. ආහාර රුචිය වර්ධනය වේ. ආහාර ගැනිමේ රටාවේ වෙනස් විම් දක්නට ලැබේ. අභ්‍යන්තරික වශයෙන් මානසික ගැටුම් ඇති විය හැකියි. ඒ නිසා කල්පනාකාරී වීමෙන් ඇති විය හැකි ගැටලු අවම කර ගත හැකියි.

ජය වර්ණය: ලා කහ පැහැය                       ජය අංකය: 02

 

මකර ලග්නය

කටයුතු සම්පාදනය කරගැනීමේදී වඩාත් සැළකිලිමත් වීම වැදගත් වෙනවා. එසේ නොමැතිනම් තමන්ට  උදව් උපකාර කිරීමට පැමිණෙන අයගෙන් තමන්ට යම් ආකාරයක පාඩුවක් කරදරයක් ඇතිවීමේ ඉඩකඩ පවතිනවා. ජීවිතයට අලුත් බලාපොරොත්තු ඇති කර ගැනීමට යහපත් දවසක් නොවේ.

ජය වර්ණය: ලා කහ පැහැය                      ජය අංකය: 07

 

කුම්භ ලග්නය

හවුල් ව්‍යාපාර කටයුතු වලින් වැඩි වාසි සහගත තත්ත්වයක් පෙන්නුම් කරනවා. මානසික සුවය සතුට අපේක්ෂා කරන සෑම කටයුත්තකම ජයග්‍රහණය ඔබට අත් වේ. අලුත් ආදායම් මාර්ග පිළිබඳව සතුටින් කතාබහ කිරීමේ හැකියාව වගේම ඔබේ හවුල් ව්‍යාපාර කටයුතු පිළිබඳව දියුණුව අද දවසේදී අපේක්ෂා කිරීමට පුලුවන්. රැකී රක්ෂා වෙළඳාම් කටයුතු පිළිබඳව අලුත් කෝණයකින් අලුත් මානයකින් සිතා බලන දවසක් වෙනවා. දුර බැහැර ගමන් සඳහා ආරාධනා ලැබේ. මුඛ්‍යමය කටයුතු වලට මෙන්ම රහසිගත සැලසුම් වලට අද දවස ඉතා යෝග්‍යයි. අන් අය විශ්වාස කර සිදු කරන කටයුතු වලින් පවා බොහෝ ජයග්‍රහණ ළඟා කරගැනීමේ වාසනාව පවතිනවා. සෙම් රෝග වලින් ප්‍රවේසම් වීම ඉතාමත් වැදගත් වගේම ආමාශගත රෝග තත්ත්ව වලින් පවා බාධාකාරී තත්ත්ව ඇති විය හැකියි.

ජය වර්ණය: ලා රතු පැහැය                        ජය අංකය: 08

 

මීන ලග්නය

බොහෝ කටයුතු වල ව්‍යාකූල තත්ත්වයක් ඇති වීමේ අවධානම් තත්ත්වයක් පවතිනවා. වචන භාවිතයේදී ප්‍රවේසම් වීම වැදගත් වෙනවා. අන් අය විශ්වාස කර සිදු කරන කටයුතු වලින් යම් ආකාරයක දියුණුවක් අපේක්ෂා කරන්න පුළුවන්. ලිපි ලේඛන ආශ්‍රිත කටයුතු, පොත් පත් ආශ්‍රිත කටයුතු, කුඩා දරුවන් ආශ්‍රිත කටයුතු වලිනුත් බොහෝ වාසිදායක තත්ත්ව අත්වේ. වැටීම් තැලීම් තුවාල වීම් වලින් ප්‍රවේසම් විම වඩාත් වැදගත්.

ජය වර්ණය: ලා දම් පැහැය                         ජය අංකය: 03

 

ප්‍රවීණ ජෝතිශ්‍යවේදී : කැළුම් ගුණතිලක

දුරකථන අංකය: 076 67 65 353

 


News Articles
Latest Videos
Most Popular Post