News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
11

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම රෑ ඩැනියෙල් දවල් මිගෙල් ගේමකට සැරසෙයි.

2077 Views


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම රෑ ඩැනියෙල් දවල් මිගෙල් ගේමකට සැරසෙයි.

පටන් ගත්ත මුල්ම කාලේ ක්‍රිකට් සෙල්ලම් කරේ දවල් කාලේ විතරයි. ඊට පස්සේ ප්‍රේක්ෂකයන්ගේ කාර්යබහුල ජිවිතේ නිසා සීමිත පන්දුවාර තරග පටන් ගන්නවා. දවස් 5ක් තිස්සේ ගහන ටෙස්ට් තරග වලට වඩා පිරිසක් එක්දින තරග වටේට එකතු වුනා. ඊටත් පස්සේ විස්සයි විස්ස හඳුන්වා දෙන්නේ ක්‍රිකට් වල වෙළද වටිනාකම වැඩි කරන්න වගේම ප්‍රේක්ෂකයෝ තවත් වැඩියෙන් ආකර්ෂණය කරන්න හිතාගෙනයි. මේ ක්‍රිකට් පරිණාමයට අන්තිමට එකතුවුනේ දිවා රාත්‍රී ටෙස්ට් ක්‍රිකට් තරගයි. ඒ වෙනුවෙන් යොදා ගත්තේ දවල්ටත් පේන රෑටත් පේන රෝස පාට පන්දුවක්.

මුල්ම දිවා රාත්‍රී ටෙස්ට් ක්‍රිකට් තරගය තිබුනේ මීට අවුරුදු 2කට විතර කලින්. ඒ නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව අතරේ. හැබැයි ඉතින් මේ අත්දැකීම ලංකාවේ අපිට ලැබෙන්නේ ලබන මාසේ. ඒ ශ්‍රී ලංකා කණ්ඩායමේ ඩුබායි සංචාරයේදී.

රතු බෝල, සුදු බෝල වලින් මෙච්චර දවසක් දිනපු පැරදුනු අපිට රෝස බෝලෙන් හම්බවෙන මුල්ම ප්‍රතිවාදීන් වෙන්නේ පාකිස්ථානය. ඔක්තෝම්බර් 6 තමයි මේ ලංකා ඉතිහාසයේ පළවෙනි දිවා රාත්‍රී ක්‍රිකට් තරගය පැවැත්වෙන්නේ. මේ දිවා රාත්‍රී ටෙස්ට් තරගය ඇතුළුව ශ්‍රී ලංකාව පාකිස්තානය එක්ක ටෙස්ට් තරග 2 කට, එක්දින තරග 5කට සහ විස්සයි විස්සයි තරග 3කට සහභාගී වෙනවා. මේ තියෙන්නේ කාල සටහන.

  • සැප්තැම්බර් 28 – ඔක්තෝම්බර් 02 : පළමු ටෙස්ට් තරඟය අබුඩාබි හීදී.
  • ඔක්තෝම්බර් 06 සිට 10 දක්වා : දෙවන ටෙස්ට් තරඟය ඩුබායි හීදී. ( දිවා / රාත්‍රී )
  • ඔක්තෝම්බර් 13 : පළමු එක් දින තරඟය ඩුබායි හීදී.
  • ඔක්තෝම්බර් 16 : දෙවන එක් දින තරඟය අබුඩාබි හීදී.
  • ඔක්තෝම්බර් 18 : තුන්වන එක් දින තරඟය අබුඩාබි හීදී.
  • ඔක්තෝම්බර් 20 : හතරවන එක් දින තරඟය සාජා හීදී.
  • ඔක්තෝම්බර් 23 : පස්වන එක් දින තරඟය අබුඩාබි හීදී.
  • ඔක්තෝම්බර් 26 : පළමු 20/20 තරඟය අබුඩාබි හීදී.
  • ඔක්තෝම්බර් 27 : දෙවන 20/20 තරඟය අබුඩාබි හීදී.
  • ඔක්තෝම්බර් 29 : තුන්වන 20/20 තරඟය ලාහෝර් හීදී.


News Articles
Latest Videos
Most Popular Post