News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
28

කැබිනට් මණ්ඩලයට තවත් රාජ්‍ය ඇමති කෙනෙක් එක්වෙයි.

645 Views


කැබිනට් මණ්ඩලයට තවත් රාජ්‍ය ඇමති කෙනෙක් එක්වෙයි.

ලංකාවේ කැබිනට් මණ්ඩලයට අද තවත් රාජ්‍ය අමාත්‍යවරයෙක් එකතු වුනා. නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන රාජ්‍ය ආමත්‍යවරයා විදියට පාර්ලිමේන්තු මන්ත‍්‍රී පියසේන ගමගේ මහතා තමයි දිවුරුම් දුන්නේ. අද උදේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ එම දිවුරුම් දීම සිදු කරා කියලයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

පියසේන ගමගේ මහතා 2015 මහ මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් ගාල්ල දිස්ත‍්‍රික්කයට තරග වැදුනා. එත් ඔහු පාර්ලිමේන්තුවට තේරී පත්වූයේ නැහැ. නමුත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගීතා කුමාරසිංහ මහත්මියට ඇයගේ මන්ත‍්‍රීධුරය අහිමි වීමත් එක්ක පියසේන ගමගේ මහතා ඒ වෙනුවට පාර්ලිමේන්තුවට තෝරා ගත්තා.


News Articles
Latest Videos
Most Popular Post