News Line| Off Air
Generic placeholder image

Jan
2

කොමිසමේ වාර්තාව ජනපති සියතට ගනී. තීරණය ගැන හෙට කියයි.

522 Views


කොමිසමේ වාර්තාව ජනපති සියතට ගනී. තීරණය ගැන හෙට කියයි.

ගමේ ඡන්දය නිසා ලංකාවේ දේශපාලනය රත්වෙලා තියෙන්නේ. එ් අස්සේ බෝම්බයකුත් පුපුරන්න යනවා. බැඳුම්කර කොමිසමේ වාර්තාව තමයි එ් විදියට පුපුරන්න යන්නේ.

පහුගිය දවස්වල බැඳුම්කර වංචාව ලංකාවේ ලොකු කැලඹීමක් අැති කරා. ලංකාව සිදුවුන ලොකුම මූල්‍ය වංචාව විදියට තමයි මහ බැංකු බැඳුම්කර වංචාව සැලකෙන්නේ. එ් ගැන හොයන්න ජනාධිපතිතුමා විශේෂ කොමිසමක් පත්කරා. පහුගිය කාලය පුරාම ප්‍රභල අැමතිවරු වගේම අගමැතිතුමත් කොමිසමට කැඳවලා ප්‍රශ්න කරා.

අවසානයේ කොමිසමේ වාර්තාව පහුගියදා ජනාධිපතිතුමාගේ අතට දුන්නා. දැන් ඉතිං ජනාධිපතිතුමාගේ අතේ තමයි වැඩේ තියෙන්නේ. හෙට එ් ගැන විශේෂ ප්‍රකාශයක් කරනවා කියලා ජනාධිපතිවරයා Twitter පණිවිඩයකුත් නිකුත් කරලා තිබ්බා. එතුමා වැරදිකාරයොන්ට දඩුවම් කරාවි කියලා ගොඩක් අය බලාගෙන ඉන්නවා. එ් වගේම ජනාධිපතිතුමාගේ කඩුවට කවුරු කැපෙයිද කියලත් සමහරු බයෙන් ඉන්නේ.


News Articles
Latest Videos
Most Popular Post