News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
3

“සක්කිලි, තොපි කොහොමද මගේ රැස්වීම් වලට එන මිනිස්සුන්ට දඩ කොළ දෙන්නේ?” – පොලිස් රාජ්‍ය ඇමති, පොලිසියේ යකා නටයි.

1825 Views


“සක්කිලි, තොපි කොහොමද මගේ රැස්වීම් වලට එන මිනිස්සුන්ට දඩ කොළ දෙන්නේ?”  – පොලිස් රාජ්‍ය ඇමති, පොලිසියේ යකා නටයි.

ගොඩක් අැමතිලා හිතන් ඉන්නේ අැමතිකමක් හම්බුණාම රටේ අයිතිකාරයෝ තමන් කියලා. රටේ නීතිය කැළෑ නීතිය කරලා තමන්ගේ නීතිය රජ කරවන්න තමයි උත්සහා කරන්නේ. එ් වගේ කතාවක් අපිට පහුගිය දවසක අහන්න ලැබුණා.

ගාල්ල දිස්ත්‍රික්කයේ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වුන ගීතා කුමාරසිංහට විදේශීය පුරවැසිභාවය නිසා පුටුව අහිමි වුණා. ගීතාගෙන් හිස්වුන පාර්ලිමේන්තු අසුනට ඊළඟට පත්වුනේ පියසේන ගමගේ. ශ්‍රීලනිපයේ ජේෂ්ඨ මන්ත්‍රී කෙනෙක් නිසා ඔහුට රාජ්‍ය අැමතිකමකුත් හම්බුණා. එ් නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන රාජ්‍ය අාමාත්‍යධූරය. තාමත් අාමාත්‍යංශයේ වැඩ බාර අරගෙන නැති එතුමාගේ රැස්වීමක් පළවෙනිදා ගාල්ල නාගොඩදී තිබ්බා. මේ රැස්වීමට හෙල්මට් නැතුව යතුරුපැදිවලින් අාපු පිරිසකට නාගොඩ පොලීසිය දඩකොළ දීලා තිබ්බා.

මේ ගැන අාරංචි වුන රාජ්‍ය අැමතිවරයාට යකා නැග්ගා. එ් වෙලේම නාගොඩ පොලීසියට ගිය අැමතිවරයා “සක්කිලි තොපි කොහොමද මගේ රැස්වීම්වලට එන මිනිස්සුන්ට දඩ කොළ දෙන්නේ” කියමින් පොලිස් නිලධාරීන්ට බැන වැදිලා තියෙනව. කොහොම හරි දඩ කොළ ටික අයින් කරගෙන තමන්ගේ අාධාරකරුවෝ බේරගෙන අැමතිවරයා ගිහින්. පොලීසිය භාර අැමතිම මෙහෙම කරනවා නම් අනිත් අැමතිලා කොහොම නොකරයිද? නුසුදුස්සන්ට අැමතිකම් දුන්නම ඔයිට වඩා දෙයක් නම් බලාපොරොත්තු වෙන්න බෑ. අන්තිමට පොලිස් නිලධාරීන්ට කියන්න කියන්න වෙන්නේ වැටත් නියරත් ගොයම් කා නම් කාට කියන්නද මේ දුක කියලයි.


News Articles
Latest Videos
Most Popular Post