ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ධූර කාලය වසර පහක් බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනාධිපති ලේකම් කාර්යාලයට දැනුම් දීල තියෙනවා.
පහුගිය සතියේ ජනාධිපතිවරයා ඔහුට අවුරුදු 6ක කාලයක් ජනාධිපති ධූරය දැරිය හැකිද යන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමල තිබුනා.
මේ සම්බන්ධයෙන් රැස් වුන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඒකමතිකව තීරණය කරල තියෙන්නේ ජනාධිපතිගේ වාරය අවුරුදු 05කට විතරක් සීමා වෙලා තියෙනවා කියලයි.
අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප්, ඊවා වනසුන්දර, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ හා කේ. චිත්‍රසිරි එම විනිසුරු මඩුල්ලට ඇතුළත්ව හිටියා.
මේ විනිසුරු මඬුල්ල ඊයෙ (14) දවසේදී තමයි ජනාධිපති ලේකම් කාර්යාලයට මේ මතය දැනුම් දුන්නේ.