News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
15

“අළුත් අරක්කු නීතිය මම දැනගත්තේ News වලින්. වහාම මේ නීති අහෝසි කරනවා.” – ජනපති කියයි.

1036 Views


“අළුත් අරක්කු නීතිය මම දැනගත්තේ News වලින්. වහාම මේ නීති අහෝසි කරනවා.” – ජනපති කියයි.

පහුගිය දවසක මත්පැන් අලෙවිසල් විවෘතව තබන වේලාවන් වැඩි කිරීමට හා කාන්තාවන්ට මත්පැන් මිලදී ගැනීමට හැකි වන පරිදි අලුත් ගැසට් නිවේදනයක් මංගල ඇමතිතුමා ගෙනාවා. මේ ගැසට්‌ නිවේදන වහාම අද (15 වැනිදා) ඉඳන් අහෝසි කරනව කියලා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (14 දා) තිබ්බ ජනරැලියක්‌ අමතමින් කිව්වා.

“අද අරක්‌කු තැබෑරුම් අරින වෙලාව වෙනස්‌ කරලා තියෙනවා. මාධ්‍යයෙන් තමයි මම ඒවා දැන ගත්තේ. කාන්තාවන්ටත් බාර් එකෙන් අරක්‌කු ගන්න ඉඩ දීලා තියෙනවා.”

“මුදල් ඇමැතිට මම ඒ ගැන කතා කළා. එතුමා දින තුනක ඉන්දියාවේ සංචාරයකට සහභාගි වෙලා ඉන්නේ. අගමැතිවරයාට කතා කළා. ඇමැතිවරුන්ටත් කතා කළා. මේ ගැසට්‌ වහාම ඉවත් කරගත යුතුයි කියලා මම කිව්වා. හෙට සිට ඒ ගැසට්‌ ඔක්‌කොම අහෝසි වෙනවා. මීට වඩා ලොකු තීන්දු තීරණ ගන්න වුණත් මම පැකිළෙන්නේ නැහැ” කියලත් ජනපතිවරයා එම රැලියේදී වැඩිදුරටත් කිව්වා.


News Articles
Latest Videos
Most Popular Post