News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
21

කතරගමදී යතුරුපැදිකරුවෙකුට වෙඩි තැබූ පොලිස් කොස්තාපල් රිමාන්ඩ්.

795 Views


කතරගමදී යතුරුපැදිකරුවෙකුට වෙඩි තැබූ පොලිස් කොස්තාපල් රිමාන්ඩ්.

කතගරම නගරයේදී අණ නොතකා ධාවනය කළයතුරු පැදියකරුවෙකුට වෙඩි තැබිම හේතුවෙන් අත්අඩංගුවට ගෙන සිටි පොලිස් නිලධාරියා ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ, ඊයේ කතරගම නගරයේ රාජකාරියේ යොදවා සිටි පොලිස් කොස්තාපල්වරයෙක්.

ඊයේ රාත‍්‍රී 11 ට පමණ වැඩිහිටි කන්ද දෙසට ධාවනය වූ යතුරු පැදියක් නතර කරන ලෙස සංඥා කළ ද, අණ නොතකා ධාවනය කිරීම හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදු කර තිබු අතර, ඉන් යතුරුපැදිකරු මියගියා.

වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ 44 හැවිරිදි කතරගම, නාගහවීදිය ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සිද්ධියෙන් අනතුරුව පිරිසක් කතරගම පොලීසියට ගල් මුල් ප‍්‍රහාර එල්ල කර තිබුණා.

අනතුරුව පිරිස විසුරුවා හැරීමට කඳුළු ගෑස් ප‍්‍රහාර එල්ල කිරීමට ද පොලිසිය පියවර ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post