News Line| Off Air
Generic placeholder image

Jan
23

ඇමරිකාවට සුනාමි අනතුරු ඇඟවීමක්. (VIDEO)

1044 Views


ඇමරිකාවට සුනාමි අනතුරු ඇඟවීමක්. (VIDEO)

ඇලස්කාවේ කෝඩියැක් දූපත් ආසන්නයේ රිච්ටර් පරිමාණයේ 7.9 ක ප‍්‍රබල භූ කම්පනයක් හටගෙන තිබෙනවා. භූ කම්පනයෙන් අනතුරුව සුනාමි අවදානම් අනතුරු ඇගවීම් ද නිකුත් කිරිමටයි පියවර ගැනුණේ. ඒ හේතුවෙන් ඇමෙරිකාවේ සහ කැනඩාවේ බටහිර වෙරළ තීරයන් ඇතුලූ ප‍්‍රදේශ රැසක ජනතාව තාවකාලිකව ඉවත් කර තිබෙනවා. භූ කම්පනයෙන් සිදුවූ හානි පිළිබදව මෙතෙක් වාර්තා වී නැහැ.

මේ අතර, ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර ද අද රිච්ටර් පරිමාණයේ ඒකක 6.1 ක භූ කම්පනයක් සිදුවුණා. තත්පර 20 ක පමණ කාලයක් පැවති එම භූ කම්පනය හේතුවෙන් ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර ගොඩනැගිලි පවා සෙලවී ඇති බවයි වාර්තා වන්නේ. භූ කම්පනයත් සමඟ ජකර්තා නුවර ගොඩනැගිලිවලින් මහජනතාව ඉවත් කිරීමට ද එරට බලධාරීන් කටයුතු කළා. කෙසේ වෙතත් භූ කම්පනය හේතුවෙන් කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති අතර, සුනාමි අවදානමක් ද නොමැති බවයි ඉන්දුනීසියාවේ කාලගුණ විද්‍යායතනය සඳහන් කළේ.

https://twitter.com/Jupiter00000/status/955753352868057089


News Articles
Latest Videos
Most Popular Post