News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
26

සයිටම් සටන යලි අැරඹේ. කොල්ලුපිටියේදී අන්තරේට පොලීසියෙන් සංග්‍රහයක්.

1006 Views


සයිටම් සටන යලි අැරඹේ. කොල්ලුපිටියේදී අන්තරේට පොලීසියෙන් සංග්‍රහයක්.

කාලයක් ලංකාවේ ලොකුම ප්‍රශ්නය වුනේ සයිටම්. අවුරුදු ගාණක් උද්ඝෝෂණ කරලා, උපවාස කරලා සයිටම් අහෝසි කරගත්තා. හැබැයි කියපු විදියට සයිටම් අහෝසි කරේ නෑ කියපා අායෙත් අන්තරේ චෝදනා කරනවා. සයිටම් අහෝසි කරලා නිදහස් අධ්‍යාපනයයි, නිදහස් සෞඛ්‍යයයි අාරක්ෂා කරන්න කියලා ඊයේ විරෝධතා පාගමනක් ගියා. එ් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය, වෛද්‍යපීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය.

පා ගමන අාරම්භ කරේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන්. පාගමන යන්න එපා කියලා පොලීසිය කලින්ම අධිකරණ නියෝගයක් අරගෙන තිබ්බා. හැබැයි අන්තරේ අැතුලු විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ එ්වා ගණන් නොගෙන පා ගමන අාරම්භ කරා. අරලියගහ මන්දිරය දක්වා පාගමන යන්න තමයි සැලසුම් කරලා තිබ්බේ. හැබැයි කොල්ලුපිටිය මංසන්ධියේදී පොලීසිය මාර්ග බාධක යොදලා පාර හරස් කරා. හැබැයි විරෝධතාකරුවන් පාගමන ඉදිරියට ගෙනියන්න උත්සාහා කරා.

එ් අවස්ථාවේදී පොලීසියේ සුපුරුදු සංග්‍රහය විශ්ව විද්‍යාල සිසුන්ට ලැබුණා. පොලීසිය විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරා. හැබැය් එ්වගෙන් නම් විශ්ව විද්‍යාල සිසුන්ව නවත්තන්න බැරි වුණා. බැරිම තැන පොලීසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරන එක නැවැත්තුවා. විරෝධතාකරුවනුත් කොල්ලුපිටිය මංසන්ධියේ විරෝධතා දක්වලා විසිරිලා ගියා.

ඉවර වුණා කිව්ව සයිටම් සටන අායෙත් පිටියට අැවිත් තියෙන්නේ. එ් නිසා ඉස්සරහට තවත් හොඳ හොඳ සෙල්ලම් බලා ගන්න පුළුවන්.

https://www.facebook.com/AbolishSAITM/videos/2125767904319863/


News Articles
Latest Videos
Most Popular Post