News Line| Off Air
Generic placeholder image

Jan
31

ලංකාවට හරියට නොපෙනුණු නිල් රතු සුපිරි සඳේ Photos / Videos මෙන්න.

4990 Views


ලංකාවට හරියට නොපෙනුණු නිල් රතු සුපිරි සඳේ Photos / Videos මෙන්න.

අවුරුදු 150 කට විතර පස්සේ සුවිශේෂී දෙයක් අද අහසේ දකින්න ලැබුණා. ඒ තමයි නිල් රතු සුපිරි සඳේ පුර්ණ චන්ද්‍රග්‍රහණය.

මොකද්ද මේ නිල් රතු සුපිරි සඳ කියන්නේ?
සඳ පෘතුවියට පේන විදිහේ වෙනස් වීම් සැරින් සැරේ සිද්ධ වෙනවා. ඇත්තටම කිවුවොත් මේ පාර එහෙම අවස්ථා 4ක් එකට සිද්ධ වුණ එකයි විශේෂත්වය.

සුපිරි සඳ – සඳ පෘතුවිය වටා භ්‍රමණය වෙනවා. ඒ ඉලිප්සාකාර පථයක. ඉතින් කාලෙකට සැරයක් හඳ පෘථිවියට ගොඩාක් ලං වෙනවා. එතකොට හඳ ලොකුවට පේනවා.

නිල් සඳ – පිරුණු සඳ නැත්නම් පුර හඳ අපි හැම මාසෙකම පෝය දවසට දකිනවා. හැබැයි සමහර විට පුර හඳට වඩා විශේෂ කලා සියල්ල සම්පුර්ණ වුණු
දීප්තිමත් සඳක් දකින්න ලැබෙනවා. සමහර විට අවුරුද්දකට එක පාරක් එහෙම හඳ පේනවා. එක නිල් සඳ කියලා හඳුන්වනවා.

රතු සඳ – පුර්ණ චන්ද්‍රග්‍රහණයකදී සිද්ධ වෙන්නේ ඉර සහ හඳ අතරට පෘතුවිය පැමිණීම. එතකොට පෘතුවියේ හෙවනැල්ල හඳට වැටෙනවා. අන්න ඒ අවස්ථාවේදී රතු පැහැ හෙවනැල්ලක් හඳට වැටෙන්න පුළුවන්. එතකොට ඒ හඳට කියනවා රතු සඳ කියලා.

ඉතිං අදත් ඔය විශේෂතා ඔක්කොම එකම දවසේ සිද්ධ වුණා. ඒ නිසා වෙනදට වඩා 14% ක් දිප්තිමත්වයි හඳ අපිට පෙනුණේ. අවුරුදු 150 කට විතර පස්සේ නිල් රතු සුපිරි සඳේ පුර්ණ චන්ද්‍රග්‍රහණයක් අද ලෝකෙටම බලන්න ලැබුනා. නිල් සඳේ පුර්ණ චන්ද්‍රග්‍රහණයක් නැගෙනහිර ලෝකේ රටවල් අන්තිමටම දැක්කේ 1982. හැබැයි බටහිර රටවල් නිල් සඳේ පුර්ණ චන්ද්‍රග්‍රහණයක් අන්තිමට දැක්කේ 1866. ඉතිං අවුරුදු 152 කට විතර පස්සෙයි මුළු ලෝකෙටම මේ වගේ හඳක් පෙනුණේ.

හැබැයි ලෝකෙටම පේනවා කියවපු මේ දර්ශනය ලංකාවේ බොහෝ අයට බලන්න ලැබුණේ නැහැ. ඒ වලාකුළුවලින් අහස වැහිලා තිබුණු නිසයි. හැබැයි කඳුකර ප්‍රදේශයේ සහ දකුණු පළාතේ සමහරු චන්ද්‍රග්‍රහණය සාමාන්‍ය මට්ටමින් දැක්කා. ඉතිං බාගෙට බලපු අයටයි නොබලපු අයටයි ඔක්කොටම නිල් රතු සුපිරි සඳ පෙන්නන්න සියත 24 අපි තීරණය කරා.

මේ තියෙන්නේ නිල් රතු සුපිරි සඳේ චන්ද්‍රග්‍රහණයේ සජීවී Video එක

https://www.youtube.com/watch?v=8wyypVbk24E

මේ තියෙන්නේ නිල් රතු සුපිරි සඳ ලෝකේ අනිත් රටවලට පෙනුණු හැටි.


News Articles
Latest Videos
Most Popular Post