News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
2

තැපැල් ඡන්ද නොදාපු අයට මැකෝ දඩ ගහයි. නිදහසට කරුණුත් අහයි.

977 Views


තැපැල් ඡන්ද නොදාපු අයට මැකෝ දඩ ගහයි. නිදහසට කරුණුත් අහයි.

ගමේ ඡන්දයට අපේක්ෂකයෝ තෝර ගන්න තැපැල් ඡන්දය මේ දවස්වල පැවැත් වෙනවා. අද තමයි තැපැල් ඡන්ද දාන්න පුළුවන් අන්තිම දවස. ඡන්දය දවසේ මැතිවරණ රාජකාරි කරන රාජ්‍ය සේවකයොන්ට තමයි තැපැල් ඡන්දය තියන්නේ.

හැබැයි මේ සැරේ තැපැල් ඡන්ද භාවිතය අඩුවෙලා කියලා මැතිවරණ කොමිෂන් සභාව කියනවා. එ් නිසා තැපැල් ඡන්දය ඉල්ලුම් කරලත් ඡන්දය නොදාපු අයගෙන් රැපියල් 750 ක් අය කරනවා කියපා කොමිසමේ සභාපති කියනවා. එ් වගේම ඡන්දය නොදැමීමට නිදහසට කරුණුත් අහලවාලු.

සාමාන්‍යයෙන් එක තැපැල් ඡන්දයක් සදහා රුපියල් 750 ක් වියදම් වෙනවා. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අය කර ගන්න හදන්නේ එ් මුදල. අාරක්ෂක අංශවල නම් තැපැල් ඡන්දය භාවිතා කිරීම හොඳ තැනක තියෙනවා කියලයි මැතිවරණ කොමිසම කියන්නේ. මේ වෙද්දී භාවිතා කරපු තැපැල් ඡන්ද සීල් කරලා සුරක්ෂිතව ගබඩා කරලා තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post