මේ දවස් වල ඡන්දය ළඟ නිසා වේදිකාව හරිම උණුසුම්. අරයා මෙයාට බනිනවා. මෙයා අරයට බනිනවා. හැමෝම අනිත් අයට ඇඟිල්ල දික් කරන එකයි කරන්නේ. කොහොම වුණත් පහුගිය දවසක ටිකක් වෙනස් විදිහේ කතාවක් නිදහස් පක්ෂ වේදිකාවෙන් ඇහුණා.
ජනපතිතුමා තමයි මේ අමුතු කතාව කිවුවේ. එදා මහින්ද රාජපක්ෂ ජනාධිපති කාලෙ ආණ්ඩුව වැරදි පාරේ ගිය හැටිත්, ඒ වෙලාවේ තමන් මහින්දට ඒ දේවල් කරන්න එපා කිවුවා කියලත් ජනාධිපතිතුමා හෙළි කරා. මහින්ද කියන දේ අහපු නැති නිසා මේ ක්‍රමය වෙනස් කරන්න තමන් ජනාධිපති සටනට ඉදිරිපත් වුණා කියලයි එතුමා කියනේ.
ඒ වගේම දැන් යහපාලන ආණ්ඩුවේ සමහර තීරණ ගද්දීත් තමන් ඊට එරෙහි වුණා කියලයි ජනාධිපතිතුමා කියන්නේ. විශේෂයෙන්ම මහේන්ද්‍රන්ට මහ බැංකු අධිපතිකමත්, රවීට මුදල් ඇමැතිකමත් දෙන්න එපා කියලා අගමැති රනිල් වික්‍රමසිංහ මහත්තයට එදා කිවුවා කියලයි ජනපති කියන්නේ.