සීගිරිය කියන්නේ ලෝකයම විශ්මිත කරපු අපේ රටේ නිර්මාණයක්. ඉතිහාසයේ එක තැනක කාශ්‍යප රජතුමා සීගිරිය නිර්මාණය කළා කියලා සඳහන් වෙනවා. එ් වගේම තවත් තැනක රාවණා රජතුමා සිගිරිය බලකොටුවක් කරගෙන හිටියා කියලා සැලකෙනවා.
ලෝක උරුමයක් වුණ සීගිරියට පිළිකාවක් අැතිවෙලා තියෙනවා. කැටපත් පවුරේ දිලීරයක් පැතිර යන්න පටන් අරන්. මේකට පිළියම් නොකළොත් පිළිකාවක් වෙලා සිගිරිය පුරාම පැතිරෙන්න ඉඩ තියෙනවා. එ් නිසා මේ පිළිකාව අයින් කරන්න රසායන සංරක්ෂණය පිළිබඳ විද්‍යාඥයින් සැත්කමක් කරනවා. පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය පී බී මණ්ඩාවල සහ මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධනගේ අධීක්ෂණය යටතේ තමයි මේ වැඩේ වෙන්නේ.
දීලීර වර්ධනය වගේම උෂ්ණත්වය නිරීක්ෂණය සහ ගණනය කරන්න පුළුවන් අධි තාක්ෂණික උපකරණත් මේ වැඩේට යොදා ගන්නවා. මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහකා කිව්වේ සාමාන්‍ය දේශගුණික විපර්යාස නිසා දිලීර හටගන්නවා කියලා. රසායනික ප්‍රතිකාර මගින් යතා තත්වයට ගේන්න පුළුවන් කියලත් එතුමා කිව්වා.