News Line| Off Air
Generic placeholder image

Feb
9

ඩුබායි පොලීසිය උදයංග වීරතුංග නිදහස් කරයි. ශ්‍රී ලංකා පොලීසියට ජාත්‍යන්තර නඩුවක් වැටෙයිද?

875 Views


ඩුබායි පොලීසිය උදයංග වීරතුංග නිදහස් කරයි. ශ්‍රී ලංකා පොලීසියට ජාත්‍යන්තර නඩුවක් වැටෙයිද?

පහුගිය කාලයේ සිද්ධ වුණා කියල මිග් ගනුදෙනුවේ ප්‍රධාන සැකකාරයෙක් තමයි උදයංග වීරතුංග. ඔහු රුසියාවේ හිටපු තානාපති. පෙබරවාරි 04 වෙනිදා ඩුබායි ගුවන් තොටුපලේදී ඔහුව අත්අඩංගුවට ගත්තා.

ලංකාවේ අධිකරණයෙන් ඔහුට අන්තර්ජාතික වරෙන්තු නිකුත් කරලා තිබ්බා. පෙරේදා උදයංගව ලංකාවට අරන් එන්න ලංකාවේන් කණඩායමක් ඩුබායි බලා ගියා. හැබැයි ඊයේ උදයංග වීරතුංග තමා නිදහස් වුණ බව ෆේස්බුක් සටහනක් තියලා තිබ්බා.

කිසිම ජාත්‍යන්තර චෝදනාවක් සහ රතු නිවේදනයක් නැති බව සනාථ කරාට පස්සේ තමාව නිදහස් කරා කියලා ඔහු සටහන් කරලා තිබ්බා. මේ ගැන ලංකාවේ පොලීසියට එරෙහිව ජාත්‍යන්තරව නඩුවක් පවරන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා කියලත් ඔහු කිව්වා.


News Articles
Latest Videos
Most Popular Post