News Line| Off Air
Generic placeholder image

Feb
13

එජාපය තනි ආණ්ඩුවක් පිහිටෙව්වොත් අපිත් විපක්ෂයට යනවා. ශ්‍රීලනිපය කියයි.- Exclusive

1304 Views


එජාපය තනි ආණ්ඩුවක් පිහිටෙව්වොත් අපිත් විපක්ෂයට යනවා. ශ්‍රීලනිපය කියයි.- Exclusive

රටේ කතා වෙන අලුත්ම බල පෙරලිය තමයි එක්සත් ජාතික පක්ෂය තනි අාණ්ඩුවක් පිහිටුවන එක. එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මොකද වෙන්නේ. දැන් හැමෝටම තියෙන ප්‍රශ්නය එ්ක.

මේ ගැන අහන්න සියත ප්‍රවෘත්ති අංශය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතාට කතා කරා. ඔහු කිව්වේ එක්සත් ජාතික පක්ෂය තනි අාණ්ඩුවක් පිහිටුවොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විපක්ෂයේ වාඩි වෙනවා කියලා.

චන්දිම වීරක්කොඩි අැමතිතුමා වැඩිදුරටත් කිව්වේ මේ ගැන අවසන් තීරණය ගන්න අද හවස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැස් වෙනවා කියලා.

මේ මොහොතේ තප්පරයක් තප්පරයක් ගානේ ලංකාවේ දේශපාලනය වෙනස් වෙනවා. එ් සෑම වෙනස් වීමක්ම එසැනින් ගෙන එන්න සියත 24 සූදානමික් ඉන්නවා. එ් වගේම සියත FM ප්‍රවෘත්ති විකාශය ඔස්සේ පැයෙන් පැය වගේම දහවල් 12 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් ගෙන එනවා. ලංකාවේ දේශපාලනයේ අලුත්ම තතු දැන ගන්න දිගටම සියත එක්ක රැදී සිටින්න.


News Articles
Latest Videos
Most Popular Post