කොළඹ ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයේ ඉදිකෙරෙමින් තියෙන ගොඩනැගිල්ලක් මීට සුළු මොහොතකට කලින් කඩා වැටිලා තියෙනවා. පොලීසිය සදහන් කරේ කඩා වැටුණු ගොඩනැගිල්ලේ මිනිසුන් සිරවී සිටිය බවට සැක කරනවා කියලා.
කොළඹ ගිනි නිවන එ්කකය මේ වෙද්දී ගලවා ගැනීමේ රථ 8 ක් එම ස්ථානයට යවලා තියෙනවා. ආරංචි මාර්ග සඳහන් කරන විදියට දෙදෙනෙක් ජිවිතක්ෂයට පත්වෙලා තියෙනවා.