News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
15

ප්‍රශ්නය විසඳෙයි. පාලිත රංගේ බණ්ඩාර ඉල්ලා අස් වෙන්නේ නැහැ. පවුලේ අය කියයි. – Exclusive

1179 Views


ප්‍රශ්නය විසඳෙයි. පාලිත රංගේ බණ්ඩාර ඉල්ලා අස් වෙන්නේ නැහැ. පවුලේ අය කියයි. – Exclusive

දැන් පටන් අරන් තියෙන්නේ ඉල්ලා අස් වෙන, අලුතෙන් පත්වෙන, එහෙට මෙහෙට මාරුවෙන කාලේ. අමාත්‍ය සාගල රත්නායක මහතා මීට ටික වෙලාවකට කලින් නීතිය හා සාමය පිලිබඳ අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වෙන බව ප්‍රකාශ කරා.

ඒ අතරේ එජාපයේ ආනමඩුව සංවිධායක ධුරයෙන් ඉවත් වෙන්න තීරණය කළ බව සමහර මාධ්‍ය වාර්තා කරා. හැබැයි මේ ගැන පාලිත රංගේ බණ්ඩාර මහතාගේ පාර්ශවයෙන් විමසීමක් කරාම අපිට දැනගන්න ලැබුනේ වෙන කතාවක්. ඊයේ රෑ රාජ්‍ය අමාත්‍යවරයා ඉල්ලා අස් වෙන්න තීරණය කරත් ඒ ගැටලුව නිරාකරණය වුණු නිසා එම තීරණය වෙනස් වී තිබෙනවා. ඒ අනුව තවදුරටත් එජාපයේ ආනමඩුව සංවිධායක ධුරයේ පාලිත රංගේබණ්ඩාර කටයුතු කරයි.

ඒ වගේම මිට ටික වෙලාවකට කලින් මුත්තු සිවලිංගම් සුළු හා ප්‍රාථමික කර්මාන්ත නියෝජ්‍ය ඇමති ලෙස දිවුරුම් දුන්නා.

මේ වගේම තවත් ප්‍රධාන දේශපාලන වෙනස් වීම් කිහිපයක්ම ඉදිරි පැය කිහිපයේ සිද්ධ වෙන්න පුළුවන් කියලයි සියත 24 වෙත ආරංචි වුණේ.


News Articles
Latest Videos
Most Popular Post