News Line| Off Air
Generic placeholder image

Feb
15

සාගල රත්නායක ඉල්ලා අස්වෙන්න තීරණය කරයි. – Exclusive

4468 Views


සාගල රත්නායක ඉල්ලා අස්වෙන්න තීරණය කරයි. – Exclusive

සාගල රත්නායක මහතා නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍යංශයෙන් ඉල්ලා අස්වෙන බව ප්‍රකාශ කර තියෙනවා. එතුමා මේ බව පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමට දැනුම්දී තිබෙනවා.

ඔහු අද උදෑසන අගමැතිවරයාත් මේ ගැන දැනුම් දීලා තියෙනවා. සාගල රත්නායක මහතා මේ ගැන Facebook සටහනක් තියලා තියෙනවා. “මේ මොහොතේ පක්ෂය ශක්තිමත් කරන්න මා විසින්ම ගත්ත පෞද්ගලික තීරණයක්” කියලයි ඔහු සටහන් කරලා තියෙන්නේ.

රත්නායක මහතා තැබූ Facebook සටහන

“නීතිය සහ සාමය භාර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කිරීමට මගේ බලාපොරොත්තුවක් නැති බව පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමට මීට සුළු මොහොතකට පෙර දැනුම් දුන්නා. එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ඕනෑම තනතුරක් පරිත්‍යාග කිරීමට මා පසුබට නොවන අතර පක්ෂයේ යහපත වෙනුවෙන් මට කළ හැකි උපරිමය කිරීමට සූදානම් බවත් අග්‍රාමාත්‍යතුමාට අද උදෑසන දැනුම් දුන්නා. මෙය මේ මොහොතේ පක්ෂය ශක්තිමත් කිරීම සඳහා මා විසින් ගනු ලබන පුද්ගලික තීරණයක් වන අතර පක්ෂයට මගේ ඇති පක්ෂපාතිත්වය එලෙසම ශක්තිමත්ව පවතින බවත්, පක්ෂ නායකත්වය විසින් ලබා දෙන ජනතාවට සේවය කළ හැකි වෙනත් ඕනෑම වගකීමක් නොපිරිහෙලා ඉටු කිරීමට සුදානම් බවත් මා වැඩිදුරටත් මන්ත්‍රී කණ්ඩායමට දැනුම් දුන්නා.”


News Articles
Latest Videos
Most Popular Post