පළාත් පාලන ඡන්දයෙන් පස්සේ ලංකාවේ දේශපාලනය අැවිලුනා. අගමැති වෙනසක් දක්වාම දේශපාලන ගිනිදැල් ඉහළ ගියා. හැබැයි ඊයේ වෙද්දී මේ ගින්න නිවිලා ගියා. එ් වුනත් අළු යට ගිනිපුපුරු තවමත් නිවිලා නෑ. කොයි වෙලේක හරි ගිනන අායෙත් මතු වෙන්න පුළුවන්.
අද උදේ ජනාධිපතිතුමා මාධ්‍ය ප්‍රධානීන්ගේ හමුවෙන්න නියමිත වෙලා තිබ්බා. නමුත් උදේම එතුමා එ් වැඩසටහන අවලංගු කරා. ජනාධිපතිතුමා ජාතිය අමතා කතා කරන එක අවලංගු කරද්දී අගමැතිතුමා අද හවස ජාතිය අමතන්න සූදානමින් ඉන්නවා.
මේ දේවල් මෙහෙම වෙද්දී තිරය පිටුපස ශ්‍රීලනිපයෙන් සැලැස්මක් ක්‍රියාත්මක වෙනවා. එ් පාර්ලිමේන්තුවේ 113 ක බහුතරය හදාගෙන අලුත අාණ්ඩුවක් හදන්න. මේ වෙද්දී ඔවුන් මන්ත්‍රීවරුන්ගෙන් දිව්රුම් ප්‍රකාශයකට අත්සන් ලබා ගනිමින් ඉන්නවා. තාමත් මන්ත්‍රීවරු 113 ක ගේ අත්සන් ලබාගෙන නෑ කියලයි අපිට වාරතා වෙන්නේ.
ගින්න අවසන් කිව්වට ගිනි දැල් විතරයි නැති වෙලා තියෙනනේ. අද හවස හෝ හෙට වෙද්දී අායෙත් දේශපාලන කැලඹීමක් අැති වෙන්න පුළුවන්. මොහොතින් මොහොත වෙනස් වෙන දේශපානයේ තිරය පිටුපස සිදුවීම් එසැනින් දැන ගන්න දිගටම සියත 24 සමඟ රැදී සිටින්න.