පොදු දේපළ වලට හානි කිරීම ලංකාවේ නීතිය හැටියට බරපතල වරදක්. ඒකට රජයෙන් නියම කරන දඩ මුදල ගෙවන්න බැරිනම්, ඒ වෙනුවෙන් හිරේ යන්න සිද්ධ වෙනවා. ඉතින් මේ විදිහට අපේ රටේ පොදු දේපළට හානි කරපු විදේශිකයන් දෙදෙනෙක් ගැන මාතරින් වාර්තා වෙනවා.
මාතර ප්‍රධාන දුම්රිය අංගනයේ නතර කරල තිබුන දුම්රිය මැදිරියක චිත්‍ර අඳිමින් තමයි මේ විදේශිකයන් දෙන්න ඉඳල තියෙන්නේ. මාතර දුම්රිය ආරක්‍ෂක නිලධාරීන් විසින් ඔවුන් භාරයට තියෙනවා. ඊට පස්සේ ඔවුන් දෙන්නව මාතර පොලිසියට භාර දීලා. මාතර මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරපු සැකකරුවන් දෙන්නට, අලාභයට සමාන රජයේ බදු මුදල් වශයෙන් රුපියල් 74,060 ක් සහ රුපියල් දහස ගණනේ දඩ මුදලක් ගෙවන්නත් සිද්ධ වෙලා තියෙනවා.