එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී රැස්වීමක් අද උදෑසන කැදවලා තියෙනවා. අද උදේ 11 ට සිරිකොත පක්ෂ මූලස්ථානයේදී තමයි මේ විශේෂ කෘත්‍යාධිකාරී රැස්වීම පැවැත් වෙන්නේ.
ඊයේ හවස තමයි කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකයන්ට මේ රැස්වීමට අාරාධනා කරලා තියෙන්නේ. යහපාලන අාණ්ඩුවේ දේශපාලන අර්බුදය ගැව වගේම පක්ෂ නායකත්වය ගැන අැතිවෙලා තියෙන ගැටලුවත් කතා කරන්න නියමිතයි.
එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමකුත් අද අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත් වෙන්න නියමිතයි. අාණ්ඩුවක් පිහිටුවන්න දෙමළ ජාතික සන්ධානයේ සහය ලබාගැනීම පිළිබඳව සාකච්ඡා කිරීමට මේ රැස්වීමේදී බලාපොරොත්තු වෙනවා කියලයි සියත 24 වෙත අාරංචි වුණේ.